(යොහාන් භාසුර)
මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම්කරුවන්ට හිසරදයක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ඝාතනය කිරීමට සැළසුම් කර ඇති බව හෙළිවී තිබෙන බවත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සහ පාතාල මර්දනයට වැඩිම දායකත්වයක් දැක්වූ මෑතකදී විශ්‍රාම ලැබූ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු වන මංජුල ද සිල්වා සහ ඊ. එස්. ධර්මප්‍රිය යන මහත්වරු ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි පොලිස් බුද්ධි අංශ පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
බස්නාහිර පළාතේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද, මෙලෙස තර්ජන එල්ල වී ඇති බවත් තර්ජන එල්ල වී සිටින පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව ආරක්ෂාකාරීව සහ කල්පනාකාරීව සිටින ලෙස උපදෙස් දී ඇති බව ද පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට සෘජුවම සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට වින්ධිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයට මීට පෙර වාර්තා කර තිබූණි.
රට තුළ පසුගිය මාසයක පමණ කාලය තුළ සිදුවූ ඝාතන 20 න් වැඩි සංඛ්‍යාවකට චෝදනා එල්ල වී තිබෙන ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයන් දෙදෙනකුගෙන් මෙම තර්ජන එල්ල වී ඇති බවට බුද්ධි තොරතුරුවලින් වැඩි දුරටත් දැනගන්නට තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් නිලධාරීන්ට තර්ජන හේතුවෙන් එසේ ආරක්ෂාව සපයා ඇති බවට තමන් දැනුවත් කර නොමැති බවය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාතාල තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන්ට ආරක්ෂාව
Prabha Saturday, 02 July 2022 02:02 AM
ඉස්සර නම් සර්ගේ නම කිව්වත් පාතාලෙට මළමූත්‍ර පහවෙනවා කියලා තමයි කිව්වේ...!
BamunuarachchiSunday, 03 July 2022 09:58 AM
ඔව් ඔව්... දැන් පොලිසියට අල්ලාගෙන එන පාතලයාගෙන් අහන්නේ.. ඔබතුමා මොකද ඔය ලොරියකින් පැට්රල් ඇද්දේ කියලා...!