IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මකුණෝ අක්ෂි රෝහලේ ඇඳන් ආක්‍රමණය කරති

(විනීතා එම් ගමගේ)

ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්වන බව එහි එහි කළ සංචාරයක දී දැකිය හැකි විය. 

රෝහලේ ඇඳන්වල පමණක් නොව ජනෙල් රෙදිවල ද මකුණන් විශාල වශයෙන් බෝවී තිබෙනු දැකිය හැකි වූ අතර රාත‍්‍රී කාලවල දී මකුණන් බිත්ති පුරා දිවයන අන්දම ද දැකිය හැකි විය. ඇඳන්වල ඇති මෙට්ටවල කවර තුළ මකුණන් පොකුරු වශයෙන් රැඳී සිටින බව ද පෙනී ගිය අතර බොහෝ නේවාසික රෝගීන් මකුණන් දෂ්ඨ කිරීමෙන් නින්ද නොමැතිව සිටින බව පැවැසූහ.

මේ තත්ත්වය යටතේ බොහෝ රෝගීන් ඇඳන්වල නොනිදා බිම නිදාගන්නා බව නිරික්ෂණය කළ හැකි විය. එමෙන්ම ඒ තත්ත්වයට පුරුදු වී ඇති මකුණන් බිම නිදා සිටින රෝගීන්ට ද දශ්ඨ කරන බව නේවාසික රෝගීහු කියති.

විශේෂයෙන් මේ තත්ත්වය 4 හා 14 වාට්ටුවල පවතින බව නිරික්ෂණය කළ හැකි විය. අනෙක් වාට්ටු ද මෙම තත්ත්වයේම පවතින්නේ යැයි රෝගීහු කියා සිටියහ.

ඉකුත් දෙසැම්බර් 21 වැනිදා මෙම වාට්ටු වසා මකුණන් නැසීම සඳහා කටයුතු කළ බව මේ පිළිබඳ විමසීමේ දී රෝහල් ප‍්‍රකාශකයෙක් කියා සිටියේය. කෙසේ වෙතත් යළි මකුණු උවදුර පැතිර ඇතැයි පැවසූ එම ප‍්‍රකාශකයා යළිත් එවැනි මකුණු නාශකයක් යෙදිය යුතුව ඇතැයි ද පැවැසීය.

එමෙන්ම රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර ලබා දීමේ දීද බරපතල ප‍්‍රශ්න පවතින බව ද නිරික්ෂණය කළ හැකි වූ අතර සමහර දිනවල දී උදේ ආහාරය ලෙස බත් හා පොල් සම්බෝල පමණක් ලබා දෙන බව ද දැකිය හැකි විය. එමෙන්ම දිවා ආහාරයේ ඉතිරිවන දේ රාත‍්‍රි ආහාර සඳහා ද එක්කරන අවස්ථාවන් නිරික්ෂණය වූ අතර සමහර දිනවලට ප්‍රෝටීන් සහිත කිසිදු ආහරයක් රෝගීන්ට ලබා නොදෙන බව ද දැකිය හැකිවිය. 

ජාතික අක්ෂි රෝහලේ ඉතා දුර බැහැර සිට පැමිණ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් ද සිටින බැවින් මේ පිළිබඳව ඉක්මණින් සොයා බලන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව ද නේවාසික රෝගීහු පිරිසක් පැවැසූහ.



අදහස් (21)

මකුණෝ අක්ෂි රෝහලේ ඇඳන් ආක්‍රමණය කරති

රවින් Sunday, 12 January 2020 10:24 AM

පරිපාලනය බල්ලට ගිහිල්ලද? නැතිනම් බල්ලා පරිපාලනයට ගිහිල්ලද? මේවා එදිනෙදා රෝහලේ පරිපාලන කටයුතු නොවේද? රෝහල් අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂක, මෙට්‍රන්වරිය, පරිපාලන නිලධාරි වගේ තනතුරු තියෙන්නේ කුස්සියේ පොල් ගාන්නද? අකාර්යක්ෂම නිලධාරීන්ගෙන් ආයතනයකට හෝ රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? ඉහත තනතුරුවල ඉන්න උදවිය යවන්න බේරේ වැව සුද්ද කරන්න...

:       0       623

RaveendraSunday, 12 January 2020 11:46 AM

සහතික ඇත්ත......බැරිනම් තම රාජකාරිය කරන්න මහජන මුදල් වලින් වැටුප් ලබා නොගෙනම සේවයෙන් අයින් උනාට කිසිදු ගැටළුවක් නැහැ. එසේ වැඩ කරන්න බැරිනම් සේවයෙන් අයින්විම තමන් තමාටම කරගන්න පිනකි. මොකද අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් පිනට කනවා කියන්නේ ජාති ජාතිත්,තම දරුමල්ලොන්ටත් ඒ පව් ගෙවන්න බැහැ. හොදම උදාහරණය දියවන්නාඔයේ ඉන්න කාලකන්නි අය සහතික ඇත්ත, බැරිනම් තම රාජකාරිය කරන්න මහජන මුදල් වලින් වැටුප් ලබා නොගෙනම සේවයෙන් අයින් උනාට කිසිදු ගැටළුවක් නැහැ. එසේ වැඩ කරන්න බැරිනම් සේවයෙන් අයින්විම තමන් තමාටම කරගන්න පිනකි. මොකද අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් පිනට කනවා කියන්නේ ජාති ජාතිත් තම දරුමල්ලොන්ටත් ඒ පව් ගෙවන්න බැහැ. හොදම උදාහරණය දියවන්නාඔයේ ඉන්න කාලකන්නි....

:       0       8

MaheeSunday, 12 January 2020 11:57 AM

මම වරක් මහරෝහලේ 45 වාට්ටුවේ නැවතී සිටියා. සියලුම වැසිකිලි කැඩිලා. නාන කරාම වැඩකලේ එකයි. මේ රෝහල්වල පරිපාලකයෝ අර තනතුරු මේ තනතුරු දැරුවට ඒ අය ඉන්නේ රෝගීන් ගැන හොයන්න නෙමෙයි. තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පමණයි.

:       0       46

janahitha Sunday, 12 January 2020 12:18 PM

උන් ඔක්කොම සේවයෙන් නෙරපා හරිය යුතුයි.

:       0       191

MaheeMonday, 13 January 2020 11:11 AM

ඒක කරන්න බෑ ජනහිත. අපේ ලේ උරාබොන අය ස්ථානගත වුනාට පස්සේ හිතන තරම් ලේසියෙන් ඉවත් කරන්න බෑ.

:       0       2

MaheshSunday, 12 January 2020 04:31 PM

පව් පින් ගාන චරිත දැන් බොහෝ තනතුරුවල ඉන්නේ. ඉතින් පව් කිය කියා මකුණෝ වැඩි වෙනකන් උඩ බලන් ඉන්න ඇති මරන්නේ නැතුව...

:       0       97

SL Sunday, 12 January 2020 10:35 AM

මකුනෝ මර්දනයට මහලොකු දේවල් උවමනා නැහ. රෙදි සෝදන කුඩු දිය කර ඉස්සහම මකුණු බිත්තරත් විනාශ වෙනවා.

:       95       90

sunil Sunday, 12 January 2020 11:19 AM

ලංකාව කියන්නේ ඇපයේ කොටසක් බව මෙයින් නිගමනය කළ හැකිය.

:       0       36

janahitha Sunday, 12 January 2020 12:17 PM

1970 ගණන්වල මකුණු වුවදුර ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ ඉතාම ව්‍යවසනයක් ලෙස පැතිරුණා. ලංකාවේ දුම්රිය, රජයේ ආයතන, රෝහල්, ගෙවල් දොරවල් වල පැතිර තිබුණු එවකට "රන්බග් " නමැති මකුණු නාශක බෙහෙතක් අනුමත වුණා. පසුව ලංකාවේ මෙම උවදුර තුරන් වුණා. නැවත මේ ගැන අහන්න ලැබීම කණගාටුවට කරුණක්... මේ සඳහා අවශ්‍ය පියවර නොගන්න අලස නිලධාරීන්, සේවකයන්, රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුය. ලංකාව අපායක් නොවී තිබෙන්නේ සමහරක් මිනිසුන්ගේ අලස බව පමණි. බහුතරය පරිසරය හොඳින් තබා ගැනීමට කැමතිය.

:       0       148

Senevirathne Sunday, 12 January 2020 02:27 PM

ජනාධිපති තුමා කරනතුරු බලන් ඉන්නවා වෙන්න ඇති

:       0       104

L. Perera Sunday, 12 January 2020 02:42 PM

මම ජාතික අක්ෂි රෝහලේ සහ මහ රෝහලේ පසුගිය දෙසැම්බර් මස දින 10ක් පමණ ප්‍රතිකාර ගත්තා. මේ මම ඇසින් දුටු දේවල්. සමහර විට මම කියන දේවල් විශ්වාස කරන එකක් නැහැ. (1) මහ රෝහලේ 17 වාට්ටුවේ මම ප්‍රතිකාර ගත්තා. මම දුටුවා ප්‍රතිකාර ගන්න රෝගීන් ගංජා සහ කුඩු ගහනවා. මේකට වාට්ටුවේ වැඩ කරන සුළු සේවකයන් සම්බන්ධයි. නර්ස්ලත් දන්නවා ඇති, නොදැක්ක වගේ ඉන්නවා. (2) අක්ෂි රෝහලේ 6 සහ 7 වාට්ටුවල ප්‍රතිකාර ගත්තා මකුණන් නිසා මම බලෙන් ටිකට් කපාගෙන ආවා. 7 වාට්ටුවේ රාත්‍රී කාලයේදී කෑම කන කාමරයේ කුඩු ගහනවා. මේකට වාට්ටුවේ වැඩකරන සුළු සේවකයන් සම්බන්ධයි. නර්ස්ලත් දන්නවා ඇති, නොදැක්කා වගේ ඉන්නවා.

:       0       211

janahitha Monday, 13 January 2020 04:01 AM

කුඩු වලට විරුද්ධ උනොත් මැරුම් කන්න වෙනවා. මේ සංස්කෘතිය අවසන් කරන්න නම් පෙර රජයට සහ මේ රජයට බැහැ නව ජනපති වටේ ඉන්න වියත් මග අසරණ වෙලා ඔවුන් මේවට සම්බන්ද නැහැ බලය තියෙන්නේ වෙනත් දේශපාලකයන්වෙත ඔවුන් වටේටම සිටින්නේ දුෂකයන්. 19 අවලංගු වන්නේ නැහැ.

:       111       1

vidya Sunday, 12 January 2020 05:56 PM

රවීන් ඔයා කියන එක හරියට හරි... මතකද කෝප් කමිටුවට ආපු ටයි සුට් ඇඳගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීපු හැටි සුද්දගේ අැඳුමටත් ලැජ්ජයි. ජනාධිපතිතුමාට තියෙන්නේ කෝප් කමිටුව දිගටම ගෙනියන්න ඕනේ... එහෙම නැතිනම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මර්වින් සිල්වාට දෙන්න ඕනේ... එයා ශ්‍රමදානයක් දාලා මකුණන් ටික නැති කරලාම දාවි..

:       0       113

Binkunndaa Sunday, 12 January 2020 06:45 PM

රෝගීන් සිංගප්පූරු රෝහලට යැව්වා නම් ප්‍රශ්නය ඉවරයි.

:       1       372

CHANDA Sunday, 12 January 2020 09:17 PM

ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට මේ ටිකම වෙලා.

:       0       20

rohana kumaea mendis Sunday, 12 January 2020 09:41 PM

ඔය රෝහල් වල නගර සබා වල වැඩ කරන අය පිට වැඩ කරන්නේ ඇවිල්ල පොත අත්සන් කරලා පිට රස්සාවල් කරනවා ත්‍රීවීල් දුවනවා කඩ කරනවා. එක එක බිස්නස් කරනවා .මාසේ අන්තීමට ඇවිල්ල පඩිය ගන්නවා.

:       0       65

Saneera Sunday, 12 January 2020 11:16 PM

රටේ තත්වය මේවැනි දේ වලින් හොදට පැහැදිලියි. රට කොතනද තියෙන්නේ කියලා.

:       0       35

Kosala Kariyawasam Monday, 13 January 2020 03:16 AM

මකුණු කරදරය නිසා නේවාසික රෝගීන්ට හරියට නින්දක්වත් නැහැ.

:       0       26

Kosala Kariyawasam Monday, 13 January 2020 05:49 AM

අක්ෂි රෝහලේ විතරක් නෙමෙයි. රට පුරා ප්‍රාදේශීය රෝහල් රැසකම තත්වය ඔය වගේම තමා. මකුණු කරදරය නිසා නේවාසික රෝගීන්ට හරියට නින්දක්වත් නැහැ.

:       0       35

kamal Monday, 13 January 2020 07:25 AM

අන්තරේ දරුවෝ ඇවිත් ශ්‍රමදානයක් දාලා සුද්ද කරලා දෙයි.

:       1       17

ranbag Tuesday, 14 January 2020 09:28 AM

මකුණන්ට විරුද්ධව නඩු පවරනවා මම හෙටම. ඇයි ඒ ගොල්ලන්ට අරලියගහ මන්දිරේ පදිංචිවෙන්න බැරි ? එහෙ හොඳ හොඳ කෑම තියෙනවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 291 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 65 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 624 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 651 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1083 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1010 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site