( +++ සුජිත් හේවාජුලිගේ)
ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධානින් ලබන 19 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වීමට අදහස් කර ඇති හෙයින් එහි මූලික පියවර ලෙස එහි ප්‍රධානීන් කැඳවා ඒ ගැන විමසීමට තීරණය කළ බව කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකාදීපයට ඊයේ පැවැසීය.
මේ සාකච්ඡාවේදී ගුවන් සමාගමේ තවත් ගනුදෙනු කිහිපයක් ගැනද කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනු පිළිබඳව කෝප් කමිටුව මීට පෙරද විමර්ශනයක් පැවැත්වීය. එයාර් බස් ගනුදෙනුවක් ගැන රටේ ප්‍රබල ආන්දෝලනයක් ඇතිවී තිබෙන හෙයින් ඒ පිළිබඳව කරුණු සොයා බැලීම වැදගත් බවද හඳුන්නෙත්ති මහතා කීවේය.
මේ අතර මෙම ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් දිනක විවාදයක් මැතිසබයේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ලබන 18 වැනිදා කෝප් කමිටුව හමුවට නැවතත් කැඳවා ඇත.
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන්ද කරුණු සලකා බැලීමට කෝප් කමිටුව තීරණය කර ඇතත් රජයේ මුදල් කාරක සභාව ඒ කාරණය ලබන 18 වැනිදා සලකා බලන හෙයින් ඒ කටයුතු පසුවට කල් දැමූ බව සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.
වෝහාරික විගණන වාර්තාව පිළිබඳවද දෙදිනක විවාදයක් මැතිසබයේදී ලබන 18 හා 19 දිනවලදී පැවැත්වීමට නියමිතය.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකන් ලොක්කෝ කෝප් කමිටුව හමුවට