(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා නීතිපතිවරයා වෙත යොමු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල 2006 වසරේ ජනවාරි මස පළමු වන දින සිට 2018 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා සිදුව ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතව මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබිණි.
එම කොමිෂන් සභාව විසින් විවිධ පාර්ශව වලින් ලබාගත් ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ 32 ක් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සෙවූ කොමිෂන් සභාවේ වාර්තාව නීතිපතිට
sirimal Wednesday, 28 August 2019 10:23 AM
ජනාධිපතිතුමා ඔය කොමිසම පත්කරපු දවස්වල හිටිය මතයේ නෙවෙයි දැන් ඉන්නේ. ඉතින් ඔය වාර්තාව නීතිපතිතුමා ළඟ පුස්කයිද දන්නේ නැහැ..
Chanak los angeles Wednesday, 28 August 2019 09:10 PM
ඔය ජනපති කොමිසම අමු ප්‍රෝඩාවක්. අද වෙනකොට ජනපති කොමිෂන් කීයක් රටේ තිබුණද? කීයක වාර්තා එළියට දැම්මද? කී දෙනෙකුට දඬුවම් කර තිබේද? ඔහොම ජනතාව රටටන අය යළි ඉපදෙන්නේ වව්ලන් වෙලා එල්ලී ජීවත්වෙන්න...
Vernon Thursday, 29 August 2019 03:56 AM
පාර්ලිමේන්තුවට සහ මහජනතාවට වහාම ඉදිරිපත් කරන්න. මහජන මුදලින් කල කොමිෂන් වාර්තා මහ ජනතාවට ලබාදීම අත්‍යවශ්‍යය. නීතිමය කටයුතු කිරීම වෙනත් කාරණයකි. දෙකම සමාන්තරව සිදුවිය යුතුය .
peiris Thursday, 29 August 2019 06:50 AM
පහුගිය රජයේ බරපතල වංචා 33 අදාල විමර්ශන කොමිසන් වාර්තා නීතිපති ළඟ ඵලවෙනවා නේද තාම? මහබැංකු කොමිෂන් වාර්තාවේ හන්ගගත්තු පිටු එක්ක ඒ වාර්තාව එළියට නොදාන්නේ මන්ද? ජනාධිපතිතුමා පත්කරපු පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි..?
Wasudewa Thursday, 29 August 2019 06:59 AM
මේ මුදල් සොරකම් සුළුපටු නැහැ. බිලියන් ගණන් ගිලලා තියෙන්නේ පවුල් පාලනයෙන්. මේවා මහ හෙනගහන අපරාධ... ඔය ජනපති කොමිසම අමු ප්‍රෝඩාවක්... ඔය කොමිසම්වලට වියදම් කරන මහජන මුදල් අපරාදේ.