IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති හමුදාව කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම ආඥාව සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා  දැනුම්දී ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (3)  පැවැසීය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායකවරයා මෙම ආඥාව පිළිබඳව දැනුම්දීම කළේ  සභාවේ කටයුතු ආරම්භයේදී  ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. 



අදහස් (30)

ජනපති හමුදාව කැඳවයි

Perera Tuesday, 03 August 2021 02:41 PM

හිට්ලර් කෙනෙක්නේ ඕනෑ කිව්වේ. හමුදාව දාලා ජනතාව මර්දනය කරනකොට ‘‘දැන් සැපද?‘‘ කියලා ලොක්කා අහවිද දන්නේ නැහැ...

:       1032       2394

කිරි පුතාTuesday, 03 August 2021 03:10 PM

මේ අපහසු අවස්ථාව තේරුම් ගන්න බැරිව දේශපාලන න්‍යායන් ඔළුවේ තියාගෙන අමනයින් සේ මිනිසුන් හැසිරෙන කොට මෙයයි සිදුවිය යුත්තේ. හරක් බලන්න කෝට්ට අතට ගන්න වෙනවා.

:       4541       4706

siriTuesday, 03 August 2021 04:38 PM

"කෝටු ගත්තෝ කෝටුවෙන්ම නසිති" කියලයි කියන්න වෙන්නේ.

:       409       1750

sunilTuesday, 03 August 2021 04:55 PM

මේක පාස්කු ප්‍රහාරයෙන් පසුව හැම මාස තුනකට සැරයක් කරන දෙයක්

:       0       0

VithanaThursday, 05 August 2021 01:00 PM

එයා දන්නේ එච්චරයි. ඒත් හිට්ලර්ට වෙච්ච දේ කවුරුන් හරි එයාට තේරුම් කරලා දුන්නොත් එයාගේ ඇඟට හොඳයි.

:       20       0

මහසෙන් Tuesday, 03 August 2021 02:49 PM

මහජන සාමය තවම කඩ වෙන්න පටන් අරන් නෑ. ඉව වැටිල ද මන්දා එහෙම වෙන්න යනවා කියලා. ආර්ථිකේ විතරක් බේර ගන්නකො. දවසට 60 විතර මැරුනට කමක් නෑ. කරපු යහපත් දේත් පලක් නෑ මේ තීන්දු නිසා

:       510       919

Aruna Tuesday, 03 August 2021 02:50 PM

ඉතාම කොලෝචිත තීරණයක්

:       1930       1529

VithanaThursday, 05 August 2021 01:05 PM

සම්බාධක දාගන්න සුදුසුම කාලයයි දැන් එළඹෙන්නේ.

:       0       0

ගමේ එකාලා Tuesday, 03 August 2021 03:07 PM

රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලනේ බලයට ආවේ. වැඩ පෙන්වන්ඩ වගේ හදන්නේ?

:       460       19

ravinTuesday, 03 August 2021 04:34 PM

රතුපස්වල අහිංසකයින්ට වෙඩි තියන්න අණදුන්නු අයට තව මොනවා කරන්න බැරිද?

:       448       917

pradeepa Tuesday, 03 August 2021 03:10 PM

ඔන්න මට තදවුණා...

:       224       864

කිරි පුතා Tuesday, 03 August 2021 03:11 PM

හරක්ට හොඳින් කියලා බැරි වුණාම කෝටුව අතට ගන්න වෙනවා. නැත්නම් ඔවුන් රට වලදාලා ඒ මත තම තමන්ගේ දේශපාලන කොඩි හිටවනවා...

:       1637       1657

RaveendraTuesday, 03 August 2021 04:29 PM

සහතික ඇත්ත. ජෙප්පන්ට මේක සහ අනෙකුත් පුතාණෝලාට මේක කනට මීපැණි වක්කරන්නා සේය.. "හමුදා මර්දනය වහා නවත්වනු, සාමසාධක හමුදා ගෙන්වනු" හුරේ... රතු හැට්ටකාරයින් උඩපනිති...

:       1449       403

Ramendra Tuesday, 03 August 2021 06:07 PM

හුටා, බලලා මල්ලෙන් පැනපි එළියට කිව්වාලු... !!!

:       0       2

ganegoda Tuesday, 03 August 2021 03:27 PM

මාර්ෂල් හුදෙකලාවෙන්ද සිටින්නේ?

:       106       13

විජිත් Tuesday, 03 August 2021 04:01 PM

නන්දසේන රාජපක්ෂ, මෙය හොඳින් අහගන්න.. පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්, ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුහර්තෝ.. වගේ ඒකාධිපති නරුමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවසානයේදී සිදුවුනේ කුමක්ද කියා ඔබට ලණුදෙන ජයසුන්දරගෙන් අසාදැන ගත්තොත් ඔබේ සෞඛ්‍යයට හිතකරයි. එසේ නැතිවුණොත්.. ඔබටත් ඔබේ අමන පවුලේ සියලුදෙනාටත්, ඔබ වටා සිටින හොරු රැලටත්... ගඩාෆි ගිය පාරේ යන්න වේවි...! කියමනක් තියෙනවා ඉතිහාසය යළි යළිත් මතුවෙනවා. පළමුව ප්‍රීති ජනක එකක් ලෙසත්, දෙවැන්න දුක්බර ශෝකාන්තයක් ලෙසත් " කියලා.

:       0       115

බද්රානි Tuesday, 03 August 2021 04:02 PM

ඉතාමත් කාලෝචිත තීරණයක්. මහපාරේ කෝලම් නටන විගඩම් කාරයින්ට අවශ්‍ය ලෙස රටවල් පාලනය කරන්න බැහැ. ගුරුවරු උනත් වැදගත් ලෙස පාසැල් සිසුන් ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දෙමින් මේ ප්‍රශ්නය විසඳා ගත යුතු වෙනවා. අර කොතලාවල පනත ඇහැට දැකලා වත් නැති මෝඩයින්ට එම පනත කියවා අවබෝධ කරගෙන, සුදුසු විවේචනයන් කිරීමේ අයිතිය සාධාරණ උවද, මහපාරේ රිලා නැටුම් රඟ දැක්වීම වහාම නතර කල යුතුයි.

:       11       6

SiriFriday, 06 August 2021 06:39 AM

තවත් වහලෙක් වගේ..!!! 

:       0       0

laksiri Tuesday, 03 August 2021 04:10 PM

පාරට බහින මනුස්සයින්ට හමුදාව උසිගන්වනවා. ඒත් මේ හමුදාව කියන්නෙත් අපේ රටේ ජනතාවට නේද?

:       69       2

Ranjit Tuesday, 03 August 2021 04:15 PM

මියන්මාරයක් වගේ කරන්න වත්ද හදන්නේ? පොහොර තහනමත් වෙනස් කරලාලු... කොතලාවල පනතත් වෙනස් කරලාලු. සේරම රිවර්ස් වේගෙනයි යන්නේ... අපට නම් "දැන් සැපද" කියලා අහල අහලා ඇතිවෙලා...

:       557       306

ase Tuesday, 03 August 2021 04:22 PM

මා කීදේ නැවත " මියන්මාරය අතේ දුරින් ! "

:       226       120

sumudu Tuesday, 03 August 2021 04:48 PM

නියමය ජනාධිපතිමනි..අපි ඉල්ලුවේ ඔකයි මේ දගලන මිනිස්සුන්ව වෙඩි තබා හෝ මර්දනය කරන්න.

:       42       0

karu Tuesday, 03 August 2021 07:22 PM

කවුරු මොනව කීවත් ඔබ තුමා තමයි හොඳටම කරන්නේ

:       2       0

Bamunuarachchi. Tuesday, 03 August 2021 07:28 PM

ඔන්න සර් වැඩට බහින්න. අපි හිට්ලර් කෙනෙක් ඉල්ලුවේ ඕකටයි. ටයර් අපි එවන්නම්...

:       307       154

rocky Tuesday, 03 August 2021 07:34 PM

හමුදාව තියෙන්නේ ආණ්ඩුවේ ආරක්ෂාවට මිස ජනතාවගේ ආරක්ෂාවට නොවන බව දැන්වත් ජනතාව තේරුම්ගත යුතුයි.

:       167       110

chandanaWednesday, 04 August 2021 08:32 AM

මෙම ජනතා විරෝධී උද්ඝෝෂණ වලින් විනාශ වෙන්නේ පොදු දේපල, පොදු සම්පත්. ඒවා අරන් තියෙන්නෙ මහජන මුදල් වලින්. ඒවා විනාශ වුනාම ආපහු ගන්නෙත් මහජන මුදලින්. අනෙක් පැත්තෙන් මේවා නිසා එදිනෙදා කටයුතු වලට ගමන් බිමන් යන ජනතාව මොනතරම් පාරවල්වල රස්තියාදු වෙනවද. ඉතින් මහජන දේපල විනාශ කරනවනම්, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවහිර කරනවනම් ඒ ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සමානයි. ක්‍රියාව සමාන නම් ප්‍රතිචාරත් සමාන විය යුතුමයි. බහුතර මතයකට විරුද්ධව සුළුතරය කටයුතු කරනකොට ඒ කියන්නේ නැට්ට බල්ලාව නටවන්න යනකොට එතන විසුළු සහගත තත්වයක් ඇති වෙනවා. දැන් හොඳටම ඇති කල් දුන්නා. බහුතර මතයකින් පත්කල ආණ්ඩුවක් ඉවත් කල යුත්තේ මැතිවරනයකදී එවැනිම බහුතරයකින්ම පමණයි. එහෙම නොකරනවනම් ඒක කැලෑ නීතියක්. මහජනතාවද මෙම උද්ගෝෂණ රැල්ලේ යටි අරමුණු හඳුනාගත යුතුයි. මොවුන් කරන්නේ ශ්‍රී ලංකාව අසාර්ථක බව ලෝකෙට පෙන්නන්න ඕන නිසා රජය සාර්ථක වෙන හැම අවස්ථාවකදිම ඒකට අකුල් හෙලන එකයි.. ඉන්න අයගෙ පැටිකිරිය හොයලා බැලුවම තේරුම් ගන්න පහසුයි.

:       1       0

sampath Tuesday, 03 August 2021 09:39 PM

කවුරු කැඳෙව්වත් වැඩක් නෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න නම් එතැනමයි.

:       0       42

BamunuarchchiThursday, 05 August 2021 12:06 AM

මිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මොකද කෝටි දෙකක් මිනිස්සු ඉන්නවා. එක රටයි තිබෙන්නේ එකේ ප්‍රශ්න විසඳගමු. ඔබට වෙන ප්‍රශ්න තිබෙනවාද?

:       39       0

gaamini Wednesday, 04 August 2021 01:54 PM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති. රජය, ජනතාවට අවි ආයුධ එල්ල කළොත් ඒ ආයුධ රජයේ පැත්තටම හැරෙනවා නියතයි...

:       0       121

Siri Friday, 06 August 2021 06:42 AM

අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 823 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 345 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 333 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 247 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 418 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 428 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 204 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site