IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උඩුවේ ධම්මාලෝක හිමිට නොතීසි

(නිමන්ති රණසිංහ)

පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමයේහි අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලබන ඔක්තෝම්බර් 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (28) නොතීසි නිකුත් කළේය.

මෙම නොතීසිය පිස්කල් මාර්ගයෙන් ධම්මාලෝක හිමියන්ට ලබා දෙන ලෙසටද අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (27) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නොතීසිය නිකුත් කෙරිණී.

ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිටවන අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මානසික සහ සෞඛ්‍යයට ඇතිවන අහිතකර පීඩාව මැඩ පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ඇලන් මැතිණීයාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 2016 වසරේ නොවැම්බර් මස 23 වැනිදා මෙම නඩුව පවරනු ලැබ තිබිණී.

ගවින්ද ජයසිංහ, ඩිරේන් ආර්. ඇලොක්, වෛද්‍ය කාලිංග කළුපෙරුම, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ කමලේෂ් ජෝර්ජ් පිලෛ යන පැමිනිලිකරුවන් විසින් මෙම පැමිනිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, 1979 අංක (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තිය යටතේ 98 (1) ප්‍රකාරව එම ඉල්ලීම සිදුකර ඇත.

තමන් කොළඹ 05 ඇලන් මැතිණීයාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවන් බවත්, උදෑසන පහත් හයත් අතර කාලයේදී ඉතාමත් අධික ශබ්දයකින් යුක්තව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර සීඩී තැටි ප්‍රචාරය කරනු ලබන බවත් එම පැමිනිලිකරුවන් සිය පැමිනිල්ලේ දක්වා ඇත.



අදහස් (5)

උඩුවේ ධම්මාලෝක හිමිට නොතීසි

fairoos Wednesday, 28 September 2022 06:25 PM

බුද්ධාගම විනාස කරනවෝ... කෝ අපේ සිංහලේ , බලසේනාවේ භික්ෂූන් වහන්සේලා.

:       1       5

de silva Wednesday, 28 September 2022 06:43 PM

පින්සිද්ධවෙයි රත්නපුර පන්සල් පල්ලි මේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කරන ශබ්ද දූෂණය වහාම නවත්වලා දාන්න. ළමයෙකුට පාඩම් කරන්න නැහැ. මනුස්සයෙකුට නිදා ගන්න නෑ. උදේ 4 වෙනකොට මේවා දමාගන්නව. හාමුදුරුවරු මිනිස්සුන්ට සහ සතුන්ට නිකරුනේ වද දීලා පව් පුරවා ගන්නවා.

:       3       3

රුවන්Thursday, 29 September 2022 09:24 AM

ඇයි මහ පල්ලියෙ සද්දෙන් කරදර නැද්ද...???

:       1       2

ana Wednesday, 28 September 2022 10:06 PM

හුගක් පන්සල්වල තත්වය ඕකයි. උමංදාව කන්දොස්කිරියාවක්...

:       2       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 September 2022 07:20 AM

බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ පරිදිම අද වනවිට භික්ෂුව බොහෝ වෙනස්වීම් වලට භාජනය වෙලා. රට පුරා රහතන් වහන්සේලා වැහි වැහැලා ඇති බව සමාජ ජාල වලින් දැක ගත හැකියි.මේ නිසා වර්තමාන බෞද්ධයා සැබෑ දහම තේරුම් ගත නොහැකිව උමතුවෙන් ඒ මේ අත දුවනවා.ශීලය දූෂිත වූ තැන භික්ෂුවක් නැහැ. එතැන සිටින්නේ දුසිල්වතෙක්.දුෂිල්වතුන් සිල්වතුන් සේ සලකා වැඳ නමස්කාර කිරීම හා පිදීම දෙලොව පිරිහීමට හේතු වෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.එබැවින් සැබෑ සංවර බෞද්ධයන් වන්දනාමාන කිරීමේදී " උතුම්වූ බුද්ධ රත්නය, ශ්‍රී සද්ධර්මය,මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන කොට ඇති සිල්වත් ආර්ය මහා සංඝරත්නය මම නමස්කාර කරමි " යනුවෙන් කියා හෝ සිතා නිතරම වැඳීමට අධිටන් කරගත යුතුය.එවිට අපගේ නමස්කාරය දුසිල්වතුන්ට නොවන නිසා අපට යහපත සිදුවේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 245 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 355 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 910 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 822 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 671 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 326 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site