(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණය ජයගත නොහැකි බව දන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා බොරු පොරොන්දු සහ යෝජනා මල්ලක් ලබා දෙමින් රට වටේ යන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.
වගකීම් විරහිත ප්‍රකාශ කරමින් ජනතාව නොමග යැවීමෙන් වළකින්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේ කීය.
‘‘වැට් බද්ද සීයට අටට අඩු කරන බවත්, වැටුප මත පනවන බද්ධ අඩු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම කෘෂිකාර්මික උපකරණ මත පනවන බද්ධ ඉවත් කරන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා.
ගස්වල අතු බානවා, තැඹිලි බානවා, කතුරු මුවාත් කරනවා වගේ කෑ ගගහ යන්න බැහැ ආණ්ඩුවක් කරනවිට. ප්‍රකාශයක් කරන විට වගකීමක් සහිතව ප්‍රකාශ කළ යුතුයි. බදු අඩු කරනවනම් රටට අහිමි වන ඒ බදු ආදායම උපයා ගන්නා ආකාරය පැහැදිලිව සඳහන් කළ යුතුයි.
මේ කාරණා කරන්න පුළුවන්ද කියලා මම මුදල් අමාත්‍යාංශයට ගිහින් බැලූවා. 2019 දී අපේක්ෂිත වැට් බදු ආදායම බිලියන 529ක්. දැනට සීයට 20ක තිබෙන වැට් බද්ධ සීයට අට දක්වා අඩු කරනවා නම් අපේක්ෂිත වැට් බදු ආදායමෙන් බිලියන 317ක් සමස්ත බදු ආදායමට අහිමි වෙනවා. මෙයට අමතරව වැටුප මත අය කරන බද්දෙන් තවත් බිලියන 65ක් අඩු වෙනවා.
මේ අහිමිවන බදු ආදායම ආවරණය කර ගන්නා ආකාරය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හෙළි කළ යුතුයි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වසරකට බිලියන 690ක් වැය වෙනවා. වසරකට සමෘද්ධිය සඳහා බිලියන 50ක් වැය වෙනවා. පොහොර සහණාධාරය සඳහා බිලියන 35ක් වැය වෙනවා. වැට් බද්ද සීයට අට දක්වා අඩු කිරීමෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වලට යන මුදලින් භාගයක් වගේ ආසන්න ප්‍රමාණයක් අහිමි වෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මුදල ලබා ගන්නා ආකාරයත් තොරොම්බල් වෙළෙන්ඳන් වගේ නැතුව වගකීමෙන් රටට පැහැදිලි කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතා වැට් බද්ධ අඩු කිරීමෙන් රාජ්‍ය සේවයේ වැටුප් අඩු කරන්න වෙයි, සමෘද්ධිය නැති කරන්න වෙයි
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
වීඩියෝ දසුන් පහතින්
https://www.youtube.com/watch?v=RY7ipRYD1SY
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘බොරු පොරොන්දු මල්ලක් අරන් ගෝඨාභය රට වටේ යනවා’