(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
දැරියගේ පුංචි අම්මා ලන්ඩන් වල පදිංචිව සිටින බැවින් එම රටට යාමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම ට සඳහා අවශ්‍ය පොත් කීපයක් ලබාගැනීමට අවශ්‍යව තිබූ බැවින් එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා උදව් කරන මුවාවෙන් මෙම දැරියව රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් කොළඹට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි
සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිමවීමෙන් පසු ගුරුවරයා සමග පොත් මිලදී ගැනීම සඳහා යන බව අංශභාගයෙන් පෙළෙන මවට පවසා ඇතැයි පොලිසිය කියයි.
සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර් රථයේ ඉදිරිපස අසුනේ නංවාගෙන පැමිණ කිඹුලාවල රථගාලේ මෝටර් රථය ගාල් කිරීමෙන් අනතුරුව දැරියව අමතා තිබූ සැකකරු මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මැද තීරුවෙන් පිටුපස අසුනට රැගෙන ගොස් මෙම අතවරය සිදු කර ඇති බව එම සිද්ධිය දුටු ත්‍රිරෝද රථ රියැදුරකු පොලිසියට කළ දැනුම්දීමක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයට අනුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණ වූ බව පොලිසිය පවසයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගම්පහ ජාත්‍යන්තර පාසලක සිසුවියකට අයි.ටී ගුරාගෙන් යස පාඩමක්
පූජා. Monday, 26 July 2021 02:45 PM
දැන්වත් තේරෙනවාද පාසැල් දරුවන්ට, ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම.. හැම දරුවෙක්ම දැනගන්න ඕනේ මොකාටද හැරෙන්නේ කියලා... මේ ගෑණු දරුවාට බැරිවුණාද කණ පැලෙන්න දෙකක් දීලා කාරෙකින් එළියට පැනගන්න.. මේ දරුවන්ගේ ගෙවල්වල උදවියටවත් බැරි වුණාද තම දරුවන්ව දැනුවත් කරන්න.
JayanMonday, 26 July 2021 03:55 PM
මන්දා තමුන් පාසල් ගිය කෙනෙක්ද කියලා, ඒත් අවුරුදු 14 දී (9 වසර) ලිංගික අධ්‍යාපනය ළමුන්ට දෙනවා සෞඛ්‍ය පාඩම්වල. මෙතන වෙලා තියෙන්නේ දැරිවිව රවට්ටගෙන... අමනයින්ගෙන් පිරිලා තියෙන්නේ මේ ලෝකේ. මිනිස්සු ඒක දැනගෙන දරුවන් ගැන හොයන්න ඕනෑ...
ගමේ එකාලාMonday, 26 July 2021 08:01 PM
අවුරුදු 17 ක ගැහැණු ළමයෙක් රවට්ටගන්න එයා බබෙක්ද? අද කාලේ ඉන්න කෙල්ලො කොල්ලන් මොනවද නොදන්නේ...? ගුරාව විශ්වාස කරලා ආපු ගමනක් වෙන්ඩ බැරිද? ගුරා ආබාධිතයෙක් කියලනේ තියෙන්නේ....
සමිත සේනක අලුත්ගමගේ.Monday, 26 July 2021 05:47 PM
පූජා කියන දේ සත්‍යයයි. ලිංගික හිංසනයන් වලට බොහෝ විට දරුවන් ගොදුරුවන්නේ, අවශ්‍ය නිසි දැනීම නොමැතිකම නිසා කියලයි සිතෙන්නේ. ඒත්, මේ රටේ ඇතැම් අය සිතන්නේ ලිංගික අධ්‍යාපනය කියන්නේ අසභ්‍ය දේ කියායි. අන්න එතැන තමා වැරදිච්ච තැන. ලිංගික අධ්‍යාපනය නිසි ලෙස නොදත් නිසා තමයි... බොහෝ තරුණ, බාල, වැඩිහිටි බොහෝදෙනා අන්තර්ජාලයේ අසභ්‍ය දේවල් නරඹා විනාශ වෙන්නේ. ලිංගික අධ්‍යාපනය කියන්නේ ක්‍රමානුකූලව පිළිගත් අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව කෙරෙනා මිනිස් ප්‍රජනක පද්ධතිය ගැන කෙරෙනා හැදෑරීමක්. ලිංගේන්ද්‍රිය කියා කියන්නෙත්, මනුෂ්‍ය අපේම ශරීරයේ තිබෙන ඉන්ද්රිය පද්ධතීන්. අපේ රටේ සමහර දෙනා සිතන්නේ, ඒ පද්ධති තිබීම හා ඒවා ගැන හැදෑරීම වරදක් බවයි. ඒ එසේ වෙතත්, පුංචි දරුවෙකුට ඉන්නට නොදෙන මිනිසුන් තමයි මේ රටේ ඉන්නේ... මහා ලොකු හැදිච්චකම එළිපිට ප්‍රදර්ශනය කරනවා. ඒත්, හිත්වල නියම හැදියාව ඇත්තේ සුළු පිරිසකගේ විතරයි. තිත්ත ඇත්ත මෙයයි...
විපරමා Monday, 26 July 2021 03:26 PM
මරු ගුරා, ආබාධිතයෙක් කිව්වට වැඩ නම් පෙන්නලා තියෙනවා.
කපිල Monday, 26 July 2021 06:17 PM
ගම්පහ පැත්තේ මේ වගේ නරුමයෝ ඕනෑ තරම් ඉන්නවා.. ගම්පහ සේරම එකතැනකට ටියුෂන් කාරයෝ ගෙන්වලා ඔවුන්ට සදාචාරය ගැන වෙනම පන්තියක් කරන්න ඕනෑ.