IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් ඩයස්පෝරාවට විවෘත ආරාධනාවක්

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)


විදේශ රටවල ස්ථීර හා තාවකාලික ලෙස පදිංචි දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ආයෝජන ආරම්භ කිරීම සඳහා උනන්දු කරවීමේ අරමුණින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා හා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා පැරීසියට නුදුරු ලාකුරනව් නගරයේදී රැස්වීමක් පැවැත්විණි.
 
යුද්ධය පැවති සමයේදී සහ ඊට පෙර ශ‍්‍රී ලංකාවේ පැවැති සන්නද්ධ සංවිධාන වූ ඊරෝස්, ප්ලොට් සහ ඊපිආර්එල්එෆ් යන දේශපාලන පක්ෂ හා සම්බන්ධ නමුත් වර්තමානයේ ඉන් ඉවත්ව සිටින්නෝ ද, නිදහස් මතධාරීහු ද, ශ්‍රී ලාංකික දෙමළ ජනතාව නියෝජනය කරන සංවිධාන ද මීට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ආයෝජන ආරම්භ කිරීමේදී මුහුණ දීමට සිදුවන පරිපාලන ගැටලූ හා වෙනත් අපහසුතා පිළිබඳ සාකච්ඡා කිරීම රැස්වීමේ අරමුණ විය. 

ශ්‍රී ලංකාවේ පවතින අකාර්යක්ෂම රාජ්‍ය  පරිපාලනය පිළිබඳව කළකිරීමෙන් මව්බිම අතහැර පැමිණි බව ඔවුහු පැවසූහ. ගුවන් තොටුපලේ සිට තම ගම් බිම් කරා පැමිණෙන තුරු ම සිදුවන අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම්, හොරකම් ආදි කටයුතු සම්බන්ධ සිදුවීම් ද ඔවුහු සභාව ඉදිරියේ පැවසූහ. සියලූ දුක්ගැනවිලිවලට සාවධානව ඇහුම්කන් දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතා ඔවුන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් පවසා සිටියේ ඔවුන් මුහුණදෙන අපහසුතා අවම කිරීමට තමා පොරොන්දු වන බවයි.

සංචාරක ව්‍යාපාරය, මත්ස්‍ය වෙළඳාම, කරවල වෙළඳාම, අයිස් නිපදවීමේ කර්මාන්ත බිහි කිරීම, අමු ඉඟුරු, කහ වැනි බෝග වගා කිරීම, මහා මාර්ග දෙපස පහසුකම් සහිත වැසිකිලි පද්ධති ඉදිකිරීම ආදි වශයෙන් ආයෝජන ආරම්භ කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙසින් ඔහු උතුරේ දෙමළ ජනතාවට ආරාධනාවක් ද කෙළේය. ඒ වෙනුවෙන් ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සම්බන්ධීකරණ කාර්යාලයක් ආරම්භ කර ආයෝජකයන්ගේ ගැටලූ විසඳා දීමට කටයුතු කරන බවද හෙතෙම ප‍්‍රකාශ කළේය. ඒ අනුව තමන් ආයෝජකයන් 25,000ක් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව පැවසූ රැස්වීමට පැමිණි පිරිස ඒ සඳහා පහසුකම් සලසන ලෙස ද ඔහුගෙන් ඉල්ලා සිටියහ.

 
ඊට පිළිතුරු දුන් කුරේ මහතා පැවසුවේ තමා එම අභියෝගය ඉතා සතුටින් භාර ගන්නා බවයි. 

පැරීසියෙන් පසු ස්විස්ට්ර්ලන්තයේ වෙසෙන දෙමළ ජනතාව සමඟ ද මෙවැනි හමුවකට සහභාගි වන බව තවදුරටත් අදහස් දක්වමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

 

 



අදහස් (8)

උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් ඩයස්පෝරාවට විවෘත ආරාධනාවක්

Janahitha Friday, 12 October 2018 06:43 AM

ආරාධනාව පිළිඅරන් ඇත්තටම ඒ අය එයිද?

:       0       5

සතයපාල Friday, 12 October 2018 07:05 AM

රට දියුණු කරන්න දකුණේ නායකයන් කියා ගන්නා පිරිසට උවමණාවක් නැත්නම් උතුරේ මිනිස්සු එක්වෙලා තමන්ගේ පලාත දියුණු කර ගත්විට අපිට එහෙනුත් ණය හා ආධාර ලබා ගන්න පුළුවන් වේවී.

:       0       102

KANDEPOLA Friday, 12 October 2018 07:41 AM

බාල මට්ටමේ හමුවක්. කිසිම රාජතාන්ත්‍රික තත්වයක් නෑ.

:       60       2

KamalFriday, 12 October 2018 08:52 AM

අපේම රටේ මිනිස්සු හමුවන්න රාජ්‍යතාන්ත්‍රික මට්ටම් ඕනේද?

:       0       28

sam Friday, 12 October 2018 07:56 AM

මා දන්නා ද්‍රවිඩ වෛද්‍යවරයෙකු සුනාමි ව්‍යසනය වෙලාවේ එංගලන්තයේ සිට ලංකාවට රැගෙන ආ කන්ටේනර් දෙකක් වූ ද්‍රව්‍යමය ආධාර, වරායෙන් නිදහස් කර ගැනීමට අල්ලස් ඉල්ලීම මගේ මතකයට නැගෙනවා. ද්‍රවිඩ නමක් පමණක් හිමි, කොළඹ උපන්, සිංහල කාන්තාවක් සමග විවාහ වී සිටින ඔහු, අවසානයේ රේගුවට ප්‍රකාශ කර තිබුනේ කැමති දෙයක් අරගෙන ඉතුරු දේවල් නිදහස් කරන ලෙසයි. සියලුම වටිනා දේවල් ඔවුන් අත්පත් කරගෙන ඉතුරු බඩු නිදහස් කර තිබුනේ දින දෙකකට පසුයි. " මීට පස්සේ මුළු ලංකාවම විනාශ උනත් ඒ පැත්ත පළාත බලන්නේ නැහැ"" කියන එක තමයි ඔහුගේ සහ බිරිඳගේ අදහස .

:       0       425

prabha Friday, 12 October 2018 08:44 AM

තත්ත්වය ඉහළද පහළද රාජ්‍යතාන්ත්‍රික කියල නොවේ අගේ කරන්න ඕනේ උත්සාහය........

:       0       78

රනවි Friday, 12 October 2018 09:20 AM

ප්‍රංශයේ ඇති ඩයස්පෝරාවක් නැහැ. විවිධක්‍රම මගින් ප්‍රංශයට ආපු මැට්ටන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රබලව පැවැති යුගයේ එම සංවිධානයේ නම විකුණාගෙන කාපු අය... ඔය මිනිස්සු දන්න ඩයස්පෝරා තැනක හැසිරෙන්න හරියට භාෂාවක් දන්නේ නැතිඅයට මොන ආරාධනාද?

:       0       3

සිරිල් - ලා චැපල් Friday, 12 October 2018 04:13 PM

රණවී, මිනිස්සුන්ට නරක විදිහට මඩ ගහන්නෙපා.

:       0       18

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 230 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 59 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 576 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 617 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1066 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 995 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site