IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෞඛ්‍ය දෙන තෙල් ගන්න ටෝකන් දුන් අයත් ඇවිත්

(තිලකරත්න දිසානායක)

ගම්පහ සමූපකාර ඉන්ධන පිරවුම්හලට ලැබී තිබූ පෙට්‍රල් ලීටර් 6600 ක ප්‍රමාණයක් අද (1) දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමට යාමේදී ටෝකන්පත් ලබාදී තිබූ පිරිසක්ද ඉන්ධන ලබාගැනීමට පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.

සිකුරාදා දිනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ඉන්ධන ලබාදීමට වෙන්කොට තිබීම මත ඊයේ  (30) සවස 3 පමණ සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමූපකාර පිරවුම්හල අසල රැඳී සිට ඇති අතර අද පෙරවරුවේ ඉන්ධන ලබාදීමට සූදානම් වීමේදී මෙම  ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති විය.

ගම්පහ රෝහල අසල සිට ඔරුතොට දක්වා කිලෝ මීටර් තුනක පමණ දුරක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රථ වාහන තබාගෙන සිටි අතර ඉන්ධන ලබා නොදීම මත දෙපිරිස අතර ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වය හේතුවෙන්  පිරවුම්හල ඉදිරිපිට මාර්ගයද අවහිර කිරීම මත පොලීසිය සහ යුද හමුදාවද කැඳවීමට පියවර ගැණින.

අනතුරුව සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා මැදිහත්ව , සිකුරාදා දිනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා දීම පිනිස වෙන්කොට ඇති බැවින් ඒ අනුව ක්‍රියාකරන ලෙස දැනුම්දීම මත අද පස්වරු 3 ට පමණ ඉන්ධන නිකුත් කිරීමට පියවර ගනු ලැබීය.

 



අදහස් (4)

සෞඛ්‍ය දෙන තෙල් ගන්න ටෝකන් දුන් අයත් ඇවිත්

Sunil Friday, 01 July 2022 08:07 PM

රටේ පරිපාලනය අන්තිමටම ගිහිල්ලා... රටක් හෝ රජයක් නැහැ වගේ දැනෙන්නේ...!

:       0       0

Himali Herath Friday, 01 July 2022 10:23 PM

දොස්තරලා බිස්නස් කරන්න තෙල් ඉල්ලන්නේ... ප්‍රයිවට් චැනලින්වලට රට වටේ යන්නේ. හැම රෝහලකම වගේ නිලනිවාස තියෙනවා. ජනතාවට ඔයතරම් ආදරේ නම් නිලනිවාස වල නැවතිලා බෙහෙත් දෙන්නකෝ... ඉස්පිරිතාලෙන්ම නොමිලේ කෑමත් දෙනවානේ...

:       0       0

ගැමුණු Saturday, 02 July 2022 06:41 AM

ඊයේ ගම්පහ නගරයේ IOC ඉන්ධන හලට ආව ලීටර් 6600 පෙට්‍රල් බවුසරයෙන් දවස් ගණනක් පෝලිමේ හිටපු අයට ලැබුණේ බොහෝම ඩිංගයි. අනිත් සේරම මංකොල්ලකාරයින් වගේ පුරවාගෙන ගියේ මාකට් එකේ කයිචාණ්ඩුවනුයි, පොලිස් බැරැක්කේ පදිංචි අයයි, ගම්පහ පොලිසියේ අයයි.., ඒ අවටම පදිංචි මැරයනුයි. පැය 16 ක් පෝලිමේ ඉඳලා ටෝකන් එකත් අරන් ගෙදර ආවා..

:       0       0

Bamunuarachchi Saturday, 02 July 2022 08:13 AM

සෞඛ්‍යකාරයින් යාලුමිත්‍ර සියලු දෙනාටම තෙල් සපයලා ගෙදරත් තෙල් ස්ටොක් කරනවා. වින්නඹු අම්මලා කාර්වලට තෙල් ගහගන්න ඇවිල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 257 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 215 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 259 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 158 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 585 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1008 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site