IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බෙහෙත් ගන්න ගිය මාතර ප්‍රා.ලේ රෝහල් කාමරයේ සිරකරලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අසනීප තත්වයක් හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුලත් වු මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය එම රෝහලේ සේවක සේවිකාවන් ශල්‍යාගාරය තුළ සිර කර තබා ගෙන සිටියදී පොලිසිය මැදිහත්ව ඇය ප්‍රතිකාර සඳහා මාතර සමූපාකාර රෝහල ඇතුළත් කරනු ලැබ සිටියි.

තමන්ට ඊයේ දින ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා නොදුන්නැයි කියමින් රෝහල් සේවකයන් එම විරෝධතාවය දක්වන ලදි.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් රෝහලේ ශල්‍යාගාරයක් තුල සිර වී සිටි ප්‍රාදේශීය මහ ලේකම්වරිය මාතර සහකාර පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන හා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මුදා ගෙන රෝහලෙන් පිටතට කැදවා ගෙන එනු ලැබීය.

පසුව ඇය මාතර සමුපකාර රෝහල වෙත ඇතුලත් කෙරිණි.

 



අදහස් (16)

බෙහෙත් ගන්න ගිය මාතර ප්‍රා.ලේ රෝහල් කාමරයේ සිරකරලා

uk ran Saturday, 25 June 2022 08:58 PM

ශුවර් එකට ජවිපයේ අවස්ථාවාදීන් ටිකක් වෙන්න ඇති... ඔවුන්ට ඕනේ ඔක්කොම කඩාකප්පල් කරලා බලය ගන්න.

:       256       541

KamalSaturday, 25 June 2022 09:18 PM

ඔයා UK ඉඳල ගෝඨාට ඡන්දෙ දෙන්න ඇවිත් ගිය කෙනෙක්ද...?

:       194       124

upaliSunday, 26 June 2022 10:58 AM

නැහැ.., මේක තමයි ජෙප්පන්ගේ සත්‍ය කෙරුවාව. ජෙප්පෙන් තමයි රටට එන ඩොලර් නවත්තන්නෙත්...

:       34       92

ganegodaSunday, 26 June 2022 03:28 PM

මොනවද යූකේ වල කරන්නේ?

:       78       22

සුනෙත්Sunday, 26 June 2022 04:21 PM

මෝඩ වාමාංශික මතවාද නිසා මේ රටට වෙච්චි හානිය තාම අපේ රටේ මිනිස්සුන්ට අවබෝධ වෙලා නෑ. අපි හිතනවා ගෝඨාභය ගියාම අර්බුදේ ඉවරයි කියලා (ගෝඨාභය යන්න ඕන) නමුත් අපිට මේ වින්නැහිය වුණේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කරගත්තේ නැති නිසා. අපි රාජ්‍ය අංශය (ව්‍යවසාය) කරේ තියාගෙන හිටියා. පෞද්ගලික අංශය, විදෙස් ආයෝජන දිහා පිළිකුලෙන් බලන ප්‍රතිපත්තියක් තමයි අපිට තිබුණේ. ඇමරිකාව කිව්වාම ඇඟේ පලු දානවා. අපිව ලෝකෙන් හුදකලා කරන දේශපාලනයක් තමයි මේ රටේ තිබුණේ. දැනුත් එහෙම තමයි. ඇත්ත අර්බුදය හදපු මිනිස්සු අරගල භූමියේ ඉන්නව දැක්කාම මේකෙන් අපිට ජීවිතේට ගොඩඑන්න බෑ කියලා තමයි හිතෙන්නේ...!

:       10       95

Prabha Sunday, 26 June 2022 04:36 PM

නමට කළින් ඉන්න රටේ නම දානකොට හිතාගත්තැහැකි...

:       39       20

සමන් Monday, 27 June 2022 07:00 AM

UK කියන්නේ රටේ නම වෙන්නත් පුළුවන් නැත්නම් අපේ ගොඩක් දෙනා ලියන ක්‍රමය අනුව පෙළපත් නම (වාසගම) වෙන්නත් පුළුවන්. ලංකාවේ ඉන්න අයත් සමහර විට තමන්ගේ ගමේ නම එහෙම ඉදිරියෙන්ම ලියනවා. ඒ නිසා අකුරු දෙකක් දැක්කා කියලා මුකුත් හිතන්නත් එපා, මොකද එයින් එහෙම හිතන එක්කෙනා ගැනත් දේවල් අනික් අයට හිතෙන්න පුළුවන් නිසා. අනික, ඔහොම අහක යන දේ හිතලුවට ගන්න එකත් අද අපේ රට මේ වැටිලා තියෙන තැනට එක් හේතුවක්. ලංකාදීපය කරුණාකර මේ ටික පළ කරන්න. ස්තූතියි.

:       0       8

sharm warnMonday, 27 June 2022 10:38 AM

මෙ කථා ලියනවට ඔහෙට පවුම් වලින් ඩ ගෙවන්නෙ? ලජ්ජ නති බත් බලයො. . මෙ රටෙ මහලොකු වමන්ශික බලයක් අති වෙල නැහැ තවම.. වාමාන්ශික අදහස් තියෙන මිනිස්සු ඉන්නෙ හරිම ටිකයි.. වැඩියෙන් ඉන්නෙ දෙලොවටම නැති බත් ගොට්ටො. . උන් දන්නෙ කක්කුස්සි පොච්චියකට හරි ආත්මය පාවල දෙන්න විතරයි.. රටට හිතකර ප්‍රතිපත්ති එකක් වත් නැති තනට එන්න පාර කැපුවෙ වාමන්ශිකයො කියනව නම් උපන් ගෙයි කුහකයෙක් ම වෙන්න ඔන..

:       6       10

jayath Sunday, 26 June 2022 07:48 AM

දැන් මිනිස්සු ඉන්නේ මුරුගසන් වරුසාවට තෙමිලා වගේ හරි, වැරැද්ද පේන්නේ නැහැ. මේ ක්‍රියාව කොහෙත්ම අනුමත කරන්න පුළුවන් එකක් නෙමෙයි.. අසනීපයකට බෙහෙතක් ගන්න රෝහල්ගත වෙච්චි " කාන්තාවක් ඇය නොකළ වැරැද්දකට මේ වගේ සිරගත කිරීම වැරැදියි! තුච්චයි ! අමානුෂිකයි තෙල් නැති එකට වග කියන්න ඕනෑ ඇය නෙමෙයි.. නොවැ. ඔන්න ගොබ්බසේන හරි එහෙමත් නැත්නම් ඔය රෝහලට හූවක දුරින් මහ ගෙවල් තියන අර තෙල් ඇමැතියා හරි ඔය වගේ හිර කරා නම් සාධාරණයි කියලා කියන්නවත් පුළුවන්.. මිනිස්සුන්ගේ කෝපය අන්තිම සාධාරණයි....

:       3       54

nayana Sunday, 26 June 2022 07:50 AM

සෞඛ්‍ය සේවයේ මේ වගේ අයත් ඉන්නවාද?

:       3       26

ලොක්කා Sunday, 26 June 2022 08:32 AM

ප්‍රා.ලේ.ව හිර කරගත්තාම තෙල් ලැබෙනවා කියලා හිතුවා නම්, එක්කෝ මෝඩයින් ටිකක්.. නැත්තම් ත්‍රස්තවාදී ජෙප්පන් ටිකක්....!

:       12       61

Rasika Sunday, 26 June 2022 04:29 PM

මොවුන් බොරු ලියුම්, බලපත්‍ර දීලා හිතවතුන්ට පෙට්‍රල් ගහන්න දෙනවාට හොඳ වැඩේ...! 

:       37       15

fairoos Sunday, 26 June 2022 05:24 PM

මෙතුමියට බාධාකරලා වැඩක් නැහැ. වැඩබැරි ටාසන් කෙනෙක් පත්කරපු බයියන් සෙට් එකම ගහලා පන්නන්න ඕනේ..

:       23       34

Sunil Sunday, 26 June 2022 06:39 PM

මේ අහිංසක නිලධාරීන් කුමක් කරන්නද? අනෙක ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියෙකුට මෙලෙස සැලකීම හරිද? එයා සමස්ත වෛද්‍ය සේවාවටම නිගාවකි. කොන්ද පණ තිබේනම් ඇමැතිලා දෙතුන් දෙනෙක් අල්ලගන්න. ඒ අයට බයද?

:       4       46

STARLIN Sunday, 26 June 2022 11:35 PM

1971 - 87 - 88 - 89 මවුබිම නැත්නම් මරණය - තෝරා ගත් අපේ, පරමාදර්ශී ආදරණීය සොයුරන් විසින් උඩු යටිකුරැ කළ සංස්කෘතියේ, නව සාමාන්‍ය කරණයෛ් පැතිකඩක සොඳුරු රිද්මය උතුර උතුරා වාන් දාන්න පටන් අරන්....

:       4       7

sharm warn Monday, 27 June 2022 10:39 AM

පාලාතෙ ඉන්න මන්ත්‍රි ගොයියගෙ ගෙදර වටකරල නම් මිට වඩා හොද නැද්ද? අහක තියෙන මුව හම් වලට තඩි බන්න හදන්නෙ නැතුව..

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1737 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 867 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 703 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 342 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 600 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 545 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site