IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය දේපල අවභාවිතය පෙරට වඩා වැඩියි

(විනීතා එම් ගමගේ)

රාජ්‍ය බලය හා රාජ්‍ය දේපල අභාවිතය සම්බන්ධයෙන් 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වැඩි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.

2015 ජනාධිපතිවරණයේ දී රාජ්‍ය  බලය සහ රාජ්‍ය දේපල අවභාවිතාව පිළිබඳව නොවැම්බර් 11 වැනිදා සිටි දෙසැම්බර් 7  වැනිදා දක්වා පැමිණිලි 05 ක් ලැබී තිබූ අතර මෙවර සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 14 වැනිදා දක්වා පැමිණිලි 26 ක් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.    

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ සැප්තැම්බර් 18 වැනිදා සිට මේ දක්වා පැෆරල් සංවිධානය වෙත පැමිණිලි 62 ක් ලැබී ඇති බවත් එයින් බාගයකට වඩා ලැබී ඇත්තේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් පිළිබඳ පැමිණිලි යැයි ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පැමිණිලි 62 න් 26 ක් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් සම්බන්ධව බවත් ඒ අතර රැකියා ලබා දීම් ප‍්‍රමුඛ තැනක් ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

සංවර්ධන ව්‍යාපෘති සහනාධාර වැඩසටහන් මධ්‍යම රජය හරහා මෙන්ම පළාත් පලාන ආයතනවල සහ පළාත් සභාවලත් රැකියා ලබා දීම් සහ අපේක්ෂකයින් ප‍්‍රවර්ධනය සඳහා සම්පත් භාවිතා කිරීම් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීය.

රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිස ඉදිරිපත් වී සිටින මෙවර ජනාධිපතිවරණයේ දී මේ වනතුරුත් කිසිඳු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් වාර්තා නොවීම සාධනීය ලක්ෂණයක් යැයි ද ජනතාව, දේශපාලඥයන් හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව යම් තරමක සවිඥානික වීම දියුණු දේශපාලන සංස්කෘතියක මූලික ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඔහු කියා සිටියේය.

ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණයෙන් උගත හැකි පාඩම් ඇතැයි ද එහි දේශපාලඥයින් කිසියම් විනයක් හා සංයමයක් ඇතිව මැතිවරණ ව්‍යාපාරය කි‍්‍රයාත්මක කළේ යැයි ද කී හෙට්ටිආරච්චි මහතා එය සමස්ත රට තුළම පවත්වා ගන්නැයි සියලු දේශපාලඥයින් ගෙන් ඉල්ලීමක් ද කළේය.

මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා 6000 පිරිසක් යොදවන බවත් දිවයිනම ආවරණය වන පරිදි ඔවුන් නිරික්ෂණ කටයුතු කරනු ඇති බවත් කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා මේ වනවිටත් සැම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි දිගුකාලින නිරීක්ෂකයන් 160 දෙනෙකු නිරීක්ෂණ කටයුතුවල යෙදෙන බව ද පැවසීය.

එමෙන්ම සර්ව පාක්ෂික මෙහෙයුම් මැදිරියක් සෑම දිස්ත‍්‍රික්කයකටම ස්ථාපනය කර ඇති බවත් ඒවායේ පැමිණිලි ඒකක ක‍්‍රියාත්මක වන බවත් කී හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දින හතරේ දී නිරීක්ෂකයන් දහසක් දෙනා එම කටයුතු නිරීක්ෂණය කරන බව ද කීය.

එමෙන්ම ලැබෙන පැමිණිලි විමර්ශනය කර ඒ සම්බන්ධ කඩිනමින් ක‍්‍රියාත්මක වීම සඳහා විශේෂ මැතිවරණ නිරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කරන්නට පැෆරල් සංවිධානය කටයුතු කර ඇතැයි ද පළපුරුදු නීතිඥයන් ඇතුළු 20 දෙනෙකුගේ කණ්ඩායමක් එම ඒකකයට අනුයුක්ත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

පැෆරල් සංවිධානය ඉතිහාසයේ පළමුවතාවට සමාජ මාධ්‍ය නිරීක්ෂණය ආරම්භ කළ බවත් ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් කී හෙට්ටිආරච්චි මහතා වෛරි ප‍්‍රකාශන වැරදි තොරතුරු වැරදි අර්ථකතන ඇතුළත් නොමග යවන හෝ ජනතාව නොසන්සුන් කරන ප‍්‍රකාශ පිළිබඳව නිරීක්ෂණය කර ඒවා මැතිවරණ කොමිසමේ අධීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන්ට යොමුකර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ඇති බවත් හෙතෙම පවසා සිටියේය. 



අදහස් (4)

රාජ්‍ය දේපල අවභාවිතය පෙරට වඩා වැඩියි

Dil Perera Tuesday, 15 October 2019 02:48 PM

යහපාලනය නියමෙට වැඩ කරනවා. නියමයි! ගෙදරට පර කාසේ. ලෝකෙට මරවාසේ. කකුළුවා, පැටියාට කෙලින් යන්න කිව්වාලු.

:       0       145

මුණසිංහ Wednesday, 16 October 2019 02:16 AM

සජිත් මහත්මයා දෙන්න මේවට උත්තර. වේදිකා වල කෑ ගහනව වංචාව-දූෂණය නතර කරනව කියල කිය කිය ඒවම කරනවා. මිනිස්සු මේව ගැන අවබෝධයෙන්......

:       0       86

Bamunuarachchi Wednesday, 16 October 2019 04:43 AM

මේක තමයි යහපාලනය.

:       0       48

jagath Wednesday, 16 October 2019 09:16 AM

මීට කලින් කම්මෙන්ට් කරලා තියන උන්ට මතකද? මහින්ද 2015 මැතිවරණයට කරපු දේවල්... හිතට එකඟව කතා කරනවා නම් දැන් ආණ්ඩු පක්ෂයට වැඩිය මැතිවරණ නීති උලංඝනය කරන්නේ විපක්ෂය... දැන් මෙච්චර පැමිණිලි වැඩිවෙන්න හේතුව යහපාලනයෙන් සම්මත කරගත් නීති අනුව ඕනෑම සුළු නීති උල්ලංඝනය කිරීමක් පැමිණිලි කරන්න බලය තියනවා. 2015 පෙර ඕවා කරා නම් සුදු වෑන් එකක එලවා යන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 29 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 28 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 131 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 14 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 152 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 25 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site