(කේ. බුද්ධික කුමාරසිරි)
කොස්ගම සාලාව රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කර, එහි ගිලන්රථ රියදුරුට සහ සහායකවරයාට පහරදී රෝහලට රැගෙන ආ මළ සිරුරක් බලහත්කාරයෙන් වෙනත් රෝහලකට ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අද (07) සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
කොස්ගම හෝටලයක කාර්ය මණ්ඩලය සඳහා පැවැති භෝජන සංග‍්‍රහයක් අතරතුරදී ඊට සහභාගී වූ නිලධාරියෙකු හදිසියේ රෝගී වී සාලාව රෝහලට ඇතුළත් කර තිබිණි. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු මිය ගොස් ඇතැයි රෝහලට ආ ඔහුගේ සගයන් පිරිසට පවසා ඇතත් ඔවුන් එය පිළි නොගෙන ඇති බවද පොලිසිය පවසයි.
පසුව එම පිරිස රෝගියා අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යා යුතු බවට රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නද මිය ගිය අයෙකුගේ සිරුරක් එලෙස රැගෙන ගිය නොහැකි බවත් ඒ සඳහා යම් ක‍්‍රමවේදයක් පවතින බවත් කාර්ය මණ්ඩලය එම පිරිසට පවසා ඇත.
ඉන්පසු එම පිරිස මෙසේ කලහකාරී ලෙස හැසිරුණු බව විමර්ශනයේදි අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරුන්ද පවසා ඇත්තේ එම පුද්ගලයා මිය ගොස් ඇති බවය.
සාලාව රෝහලේ කාර්ය මණ්ඩලය මෙම සිද්ධිය පාදක කරගනිමින් වැඩ වර්ජනයකට සූදානම් වූ අවස්ථාවේදී කොස්ගම පොලිසිය මැදිහත්ව නීතිය කි‍්‍රයාත්මක කරන බව පවසා එය නැවැත්වීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
ඒ අනුව හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර සංග‍්‍රහයට සහභාගී වූ පිරිස හඳුනා ගැනීමෙන් පසු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත
‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45
පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.
හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොස්ගම රෝහලේ යකා නැටූ 11දෙනෙකු අත්අඩංගුවට