(*** බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණඩාරගම අටළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබී පොලිස් භාරයට ගත් නයිට්‍රික් ඇසිඩ් සැකකරුවන් විසින් මිලදී ගනු ලැබ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් ඇසිඩ් මිලදීගත් වෙළෙඳසල් දෙකකින් බවට මේ වනවිට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඒ බව අනාවරණය වී ඇත්තේ එම සැකකරුවන් හෙළි කළ තොරතුරු අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කොළඹ හෙට්ටිවීදියේ පිහිටි එම වෙළෙඳසල් දෙකට ගොස් එම ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රකාශ ගැනීමේදී බව පොලිසිය පවසයි.
එම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ ලබාගත් බව ද පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අටළුගම මාරාව ප්‍රදේශයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහර දී පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමකදී නයිට්‍රික් ඇසිඩ් තොගය සැකකරුවන් දෙදෙනාගේ නිවෙස්වල සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිය.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මීට සති දෙකකට පෙරත්, අනෙක් සැකකරු මාස දෙකකට පෙරත් මේවා මිලදී ගත් බවට එම වෙළෙඳසල් දෙකේ හිමිකරුවන් ප්‍රකාශ කර ඇත.
නමුත් මේවා ගබඩා කර තැබීමට සැකකරුවන්ට බලපත්‍ර හෝ මිලදී ත් බවට රිසිට්පත් හෝ නොතිබූ බව පොලිසිය කියයි.
හෙට්ට්විදීයේ වෙළෙඳසල් දෙකේ ඇසිඩ් විකුණා ඇත්තේ කිසිදු වගකීමකින් නොවන බවත් බලපත්‍රයක් තිබේදැයි හෝ පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන් ඉල්ලූ පමණින් ඔවුන් ඒවා අලෙවි කිරීම ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මිනිස් ජීවිත 300කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී තවත් ජීවිත දහසකට ආසන්න සංඛ්‍යාවක් සදාකාලික ආබාධිත පුද්ගලයන්ගේ තත්ත්වයට පත්වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරකට අධික කාලයක් ගතවී ඇතත් මෙවැනි දෑ අලෙවි කිරීමේදී පිළිපැදිය යුතු නියමයන් පිළිබඳ එම ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ ද යන්න ගැන පසු විපරමක් කිරීමට වගකිව යුතු ආයතනවල බලධාරීන්ගේ අවධානය යොමු නොවී ඇති බව මෙමගින් වඩාත් තහවුරු වන බව පොලිස් නිලධාරියා කීය.
ඇසිඩ් සමග අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු පාස්කු දින ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාගේ පියා වන යූසුප් ඊබ්‍රාහිම් සමග 2017 වසරේදී සම්බන්ධතා පවත්වා ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව ද උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ද මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, පොලිස් අධිකාරි ඩී.යූ.ටී. අමරතුංග, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ප්‍රියංකර, පොලිස් සැරයන්වරුන් වන (27061) අනුර, (39085) මනම්පේරි, (51630) සුමින්ද හා පොලිස් කොස්තාපල් (16322) බණ්ඩාර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අටළුගම ඇසිඩ් බූලි සැඟවීමේ තවත් රහස් එළියට
DM Monday, 14 September 2020 10:29 AM
එතකොට ඒවා විකුණපු අයට දඩයක් ගහන්නේ නැද්ද?
Bamunuarachchi Tuesday, 15 September 2020 04:42 AM
සිංහල ගමක්, මරක්කල ගමක් වුණේ කාගේ වරදින්ද? කාගේ සංහිඳියාවෙන්ද? දැන් සිංහලයාට සංහිඳියාව හකුලාගන්න කාලේ ඇවිත්...
BamunuarachchiThursday, 17 September 2020 01:32 AM
මේවා කියවන විට අරගොල්ලන්ට ඌරු ජුවල්නේ.. ඒකනේ ඩිස්ලයික් දමන්නේ.
BamunuarachchiThursday, 17 September 2020 01:34 AM
අපි සංහිඳියාව අකුලා ගමු. ඉඩකඩම් සිංහල දරුවන්ට ඉතිරිකරමු. අනාගතයේදී සිංහලයින් ඉඩම් නැති අනාථයින් කරන්න එපා.