IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ජනපති චීනයට ගියත් අගමැතිට ආරක්ෂාව ගැන තීරණ ගන්න පුළුවනි’

(නිමල කොඩිතුවක්කු)
 
ජනාධිපතිවරයා රටින් පිටව ගොස් සිටියත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගෙන ක‍්‍රියාත්මක  කිරීමට සියලු බලතල හිමිව ඇතැයි  රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(13) පැවැසීය.
 
පාස්කු ඉරිදා ඇතිවූ  සිද්ධියෙන් පසුවද පැය 9ක් යාමට මත්තෙන් අවශ්‍ය පළමු ත‍්‍රස්ත කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට  උපදෙස් ලබාදෙනු ලැබුවේද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
 
“රටේ ව්‍යවස්ථාව  අනුව අගමැති තමයි ජනාධිපතිවරයාට පස්සේ ඉන්න ප‍්‍රධානියා. අගමැතිතුමාට නෛතික බලතල නැති වුණත් එතුමා මැදිහත්වෙලා රටේ  ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනීවී.
 
අගමැතිතුමාටත් යම් යම් අවහිරතා සිදුකරලා තියෙනවා. ආරක්ෂක කවුන්සිලය කැඳවන්න කිවුවම  ඒ අය ආරක්ෂක කවුන්සිලය කැදෙව්වේ නැහැ. ඒ අවස්ථාවේදීත් අගමැතිතුමා රට ගැන හිතලා ආරක්ෂක අමාත්‍යාංශයට  ගිහින් අවශ්‍ය තීන්දු තීරණ ගත්තා.  ඒ අනුව පැය කිහිපයක් යන්නට මත්තෙන් මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ප‍්‍රධානින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා” යැයිද අමාත්‍යවරයා එහිදි පැවැසීය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (19)

‘ජනපති චීනයට ගියත් අගමැතිට ආරක්ෂාව ගැන තීරණ ගන්න පුළුවනි’

Gunda Monday, 13 May 2019 07:42 AM

ඔව් ඔව්..ඇමරිකාවට උවමනා ආකාරයට වැඩේ කරවයි

:       0       10

kap Monday, 13 May 2019 07:52 AM

21 වෙනිදා ඒ දේ කරන්න බැරි උනේ මොකද ?

:       60       467

සේන Monday, 13 May 2019 07:53 AM

ඒ කියන්නෙ දැන් රටේ ආරක්ෂාවක් නෑ කියන එක බොරුව කපටි කම තම ආත්මය වූ රටට දැයට කිසිඳු ලැදියාවක් නැති තැනකින් අපි කුමක් නම් බලාපොරොත්තු වන්නද ? අහෝ ! අපේ මාතෘභූමියට වූ අපලය

:       85       360

AP Kumara Monday, 13 May 2019 08:06 AM

ඉතා හොඳයි

:       0       0

d.upul Monday, 13 May 2019 08:11 AM

මහ අය කුලල් කාගන්නවා. ජනතාව තැලෙනවා.

:       0       0

smith Monday, 13 May 2019 08:15 AM

ඔවු ඔවු, හොඳ අවස්ථාව සර්, අගමැතිතුමාට කියලා ඇමෙරිකන් හමුදාව ලංකාවට ගෙන්නගන්න

:       0       0

ජන හිත Monday, 13 May 2019 08:32 AM

අර ලියුම් ටික ඕනෑ නම් බෙදලා දාගන්න පුළුවන් මේ වෙලාවේ...

:       0       5

C.K.Lankaputhra Monday, 13 May 2019 08:34 AM

ඔය කියන රටට දැයට ලැදියාව තියන තැන කොතැනද කියන එකත් අනේ අපට කියල දෙන්නකෝ.

:       0       64

Sriyal Monday, 13 May 2019 08:51 AM

ඔයාලට කියන්න විතරයි පුළුවන්. මෝඩ වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් ඇයට වැඩ කරන්න දීලා රට බේරා ගන්න දෙන්න. තමුන් මොනවද දන්නේ?

:       1       93

dinesha Monday, 13 May 2019 08:58 AM

ඕන කෙනෙකුට රටක් ආරක්ෂා කරන්න බෑ කියල ඔයාල හැමෝම ඔප්පු කලා.

:       0       264

රවින් Monday, 13 May 2019 09:15 AM

රටේ ආරක්ෂාව ගැන කියන්න ආරක්ෂක ඇමතිට, හමුදාපතිවරුන්ට හා පොලිස්පතිට භාරදීලා අනිකුත් අයවලුන් සියලු කටවල් වසා ගැනීම වඩාත් සුදුසුයි. පහුගිය දිනවල සිදුවීම්වලදී වගකීම භාරගැනීමට කිසිවෙකු නොසිටියා වගේ ඉදිරියටත් වගකීම් භාර නොගන්නා උදවියගේ අල්ලාප ප්‍රලාප වලින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැත.

:       0       113

මුණසිංහ Monday, 13 May 2019 09:35 AM

ඕන ගොනෙකුට ඕක කරන්න පුළුවන් නේද අැමතිතුමා?

:       0       89

Raveendra Monday, 13 May 2019 09:54 AM

කිව්වොත් කියන්නේ ගොන් බූරු කතා.. කුමකින් හෝ සූත්තරයට මිරිකන්නේ.. හිතන් ඉන්නේ ලොකු පුටුවට යන්නමනේ... මෙවන් අයෙක් කුමකට ඉපදුනාද අනේ...

:       0       101

chamath Monday, 13 May 2019 10:26 AM

ඔබතුමා කියන දේවල් ලංකාවේ මිනිස්සු පිළිගන්නේ නෑ

:       0       27

ajith Monday, 13 May 2019 10:32 AM

ප්‍රහාරයෙන් පැය 9ක් ඇතුලත අල්ලගත්ත එක හපන් කමක් කියලාද හිත්තන්නේ? හරි නම් ප්‍රහාරයට සති දෙකකට කලින් අල්ලන්න තිබුනේ. ඔක්කොම නම් ගම මූණු පොතේ ගියාම ගිහින් ඇල්ලුවා. ඕක ඕන ගොනෙකුට කරන්න පුළුවන්

:       0       52

Bamunuarachchi Monday, 13 May 2019 10:38 AM

බලතල නැතිනම් කොහොමද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ? කව්ද මොහු දෙන නියෝග පිළිපදින්නේ... සිරිසේන උන්නැහේ කීවා මතකද රනිල් ගොයියා එයාගේ බලතලත් පාවිච්චි කලා කියලා... ඒ කාලේ ගියා ගොයියෝ. රනිල් මුස්ලිම් ඡන්ද වෙනුවෙන් මුළු සිංහල ජාතියම පාවා දුන්නු බව තේරුම් නොගන්න නිවට නියාලු ගොබ්බ සිංහලයින් අපි අතර කොපමණ ඉන්නවාද?

:       1       310

ravi Monday, 13 May 2019 11:04 AM

දැන් මේ .. අපේ රටේ විතරයි .... " ත්‍රස්තයින්ගේ " කරේ නැගගෙන එක..එකා ලොකු වෙන්න දඟලන්නේ ... අපේ රටේ ඉන්නේ ... කිසිම මොලයක් නැති පිරිසක් ..!

:       0       0

upali Monday, 13 May 2019 11:31 AM

උපදෙස් දුන්නේ නැත්නම් ක්‍රියාකාරී වෙන්නේ නැද්ද ?

:       0       0

Bandara Monday, 13 May 2019 12:51 PM

21 ප්‍රහාරය නවත්තන්න බැරිවුනේ එයට බලය නැතිනිසා කියලා නේද කිව්වේ? එදා වගකීම ගන්න බැරිවුණු කෙනා දැන් කොහොමද ඔහොම කියන්නේ? ඔය හැමෝම එකයි.. තිත්තයි ඔබලා ගැන...

:       0       151

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1547 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 747 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 628 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 331 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 564 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 519 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site