IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුතුගේ තෙමස් පින්කමට එතෙර සිට ආ කත මරා දමලා

(පුෂ්පකුමාර ජයරත්න සහ සම්පත් සෙනෙවිරත්න )

මියගිය පුතුගේ තෙමස් පිංකමට සහභාගි වීමට පිටරටක සිට පැමිණි තම බිරිඳ මන්නයකින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකු ඔහුද සියදිවි හානි කරගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

ගොකරැල්ල වෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි නිලූකා විජේසුන්දර නමැති 46 හැවිරිදි කාන්තාව තම සැමියා අතින් ඝාතනයට ලක්ව ඇත.

පවුල් ආරාවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනයට ලක්වූ කාන්තාව දිගු කාලයක් විදේශයක රැකියාවක් කරමින් සිට ඇති අතර මීට මාස තුනකට පෙර හදිසි අනතූරකින් මිය ගිය 19 හැවිරිදි තම වැඩිමහල් පුත්‍රයාගේ තෙමස් දානයට සහභාගි වීමට ඇය පසුගිය මස 12 වන දින මෙරටට පැමිණ ඇත.

විවාහයෙන් වෙන්ව සිටි සැමියා හොර රහසේ  ඊයේ රාත්‍රියේ කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයට මන්නයකින් පහරදී කපා කොටා ඝාතනය කර ඇත.

 



අදහස් (11)

පුතුගේ තෙමස් පින්කමට එතෙර සිට ආ කත මරා දමලා

Sam Wednesday, 07 December 2022 01:37 PM

රට වටේ වෙහෙර විහාර, පල්ලි, දේවස්ථාන. පිළිම හැදුවට වැඩක් නැහැ මිනිසුන්ගේ දැනුම, අවබෝධය, ආකල්ප දියුණු කරන්න වැඩ පිළිවෙලක් නැත්නම්.

:       5       77

damith Wednesday, 07 December 2022 02:51 PM

ඩොලර් හම්බවෙනවානම් ආණ්ඩුවට මිනිස්සුන්ට මොනවා වුනත් මොකෝ.

:       34       29

fairoos Wednesday, 07 December 2022 03:13 PM

රට බංකොළොත් වෙනකොට මෙවැනි අපරාධ වැඩිවෙන එක පුදුමයක් නොවේ. මේ කාලකණ්ණි දේශපාලකයින් රටට කළ විනාශයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

:       24       37

සීජේර Wednesday, 07 December 2022 03:33 PM

මේ කතාව හරියටම දන්නේ නෑ. එත් "රට ගිය ඇත්තෝ" පොත කියවන්න ඇට මස් නහර වලින් හැදිච්ච පෘතග්ජන ගැහැණු, පිරිමි දැරු පවුල් දාලා අවුරුදු ගණන් රට ගියාම සෑහෙන ගැටලු වලට පැටලෙනවා. හොඳම දේ තමයි පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශගත කොට ඔවුන්ගේ පවුල් සමගම ජීවත් වෙන්න සලස්වන එක...

:       4       37

de silva Wednesday, 07 December 2022 03:56 PM

කිසිම චාරයක් නැති තිරිසන් මිනිස්සු... මනුස්සයෙක් තියා අපට මන්නයකින් කොටලා තිරිසන් සතෙක්වත් මරන්න පුළුවන්ද? 

:       1       40

Senarath Wednesday, 07 December 2022 04:23 PM

ඒ තිරිසනා කරපු වැඩෙන් ඒ දෙපළගේ අනෙක් දරුවන්ට දෙන්නම නැතිවුණා. දැන් කාගේ පිහිටක්ද? වැඩිමහල් දරුවට තවම 19ක් නම්...!

:       0       27

Asela Wednesday, 07 December 2022 05:56 PM

අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා..... බුදුහාමුදුරුවනේ.........,

:       2       15

sampath Wednesday, 07 December 2022 10:49 PM

කුහුඹුවෙක්වත් නොමරා ජීවත් වෙන්න පුළුවන් වෙන තරමට නිදහස ඕනෙම නම් අනුන්ගේ නිදහස නැති නොකළ යුතුයි. E.W. අධිකාරම් කුහුඹු රැළක් යනවා කියලා වාහනේ නොයා පයින් ගිහින් තියනවා. කැති පිහි උස්සන් දැන් මොකක්ද ලැබුණේ.

:       0       4

සංජීවThursday, 08 December 2022 10:22 AM

" E.W. අධිකාරම් කුහුඹු රැළක් යනවා කියලා වාහනේ නොයා පයින් ගිහින් තියනවා." ජෛන කිෂ්ණමූර්ති අනුගාමික ඉහල පාන්තික E.W. අධිකාරම් මහතා ජීවත් වු ආකාරයට සිංහල බෞද්ධ එදාවේල හොයා ගන්න අනුගාමිකයන් ජීවත් වන්නේ කෙසේ ද?

:       1       1

de silva Thursday, 08 December 2022 08:12 AM

ලංකාවේ මිනීමරුම් නඩුවක් අහන්න අවුරුදු 10-20 ක් පමණ කාලයක් ගතවෙනවා. මෙම කාලයතුළ සාක්ෂි කරුවන්ට බොහෝ විට සාක්ෂි අමතක වෙනවා. එහෙම නොමැතිනම් චූදිතයින් විසින් සාක්ෂිකරුවෝ බිය ගන්නවනවා. මෙම කාලය තුළ බොහෝ චූදිතයන් චූදිතයා මීනිමරුවෙක් ලෙස ප්‍රසිද්ධ වෙන නිසා පාතාල කල්ලි ගොඩනාගාගෙන කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම සහ වෙනත් අපරාද කරනවා. බොහෝ නඩු වලින් චූදිතයෝ නිදහස් වෙනවා. මෙම නඩු මාස කිහිපයක් තුළ අසා නිම කරන්න ක්‍රමවේදයක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය වෙනවා. නැතනම් ඉදිරියටත් මිනිස්සු කිසිම බියක් සැකයක් නොමැතිව මිනීමැරීම වැඩිවෙයි.

:       0       4

sampath Friday, 09 December 2022 08:27 PM

චූදිතයන් සාක්ෂිකරුවන් බිය වද්දනවානම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඒ අයට විරුද්ධව නඩු පවරන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1944 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1000 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 783 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 371 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 640 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 578 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site