(එෆ්.අස්ලම්)
ජනපති අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් දෙමළ ජනතාවගේ අර්බුදයට වන පොරොන්දුව සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
කිසිදු අපේක්ෂකයකු මෙතෙක් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර නොමැති අවස්ථාවක හදිසි වී තීන්දු තීරණ ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් දෙමළ ජාතික සන්ධානයට නොමැති බවද සම්බන්ධන් මහතා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය හා තීරණය පිළිබද අද(13) මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කියා සිටියේය.
"ජනධිපතිවරණය ප්‍රකාශයට පත්කරලා නාමයෝජනා ලැබීමෙන් පසු සියළුම දේශපාලන පක්ෂ සිය මැතිවරණ ව්‍යාපාරය පටන් අරගෙන තියෙනවා. එහෙත් එකදු ප්‍රධාන දේශපාලන බලවේගයක අපේක්ෂකයකු හෝ මෙතෙක් සිය ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රකාශයට පත්කරලා නැහැ. මේ නිසා එකපාරම අපිට අපේ සහාය කාටද කියල තීරණය කරන්න බැහැ. අපි කල්පනාකාරීව අවබෝධයකින් යුතුව තීරණයක් ගතයුතුව තිබෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දෙමළ ජාතික සන්ධානය හමුවුණා. අගමැති රනිල් ඇතුළු එජාප කණ්ඩායමකුත් හමුවුණා. ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් එම්.ඒ.සුමන්තිරන් මහතා සමගින් ජනපතිවරණය ගැන කතා කරල තිබුණා. මේ කිසිදු සාකච්ඡාවක් නිල නොවන ලෙස සිදු වුණේ.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමත් රැස්ව සාකච්ඡා කළා. එහිදී දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථිර විසඳුම් ගෙන ඒමට මැදිහත් වන මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය තුළින් ඒ බව සහතික කරන අපේක්ෂකයකු හට අපේ සහාය දැක්විය යුතුයි කියන ස්ථාවරයේ සියලු මන්ත්‍රීවරුන් පසුවුණා. ඒ අනුව මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය හා ඉදිරි දැක්ම ඒ ඒ අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කිරීමෙන් පසුව අප ඒ ගැන සාකච්ඡා කරනවා.
සජිත් ප්‍රේමදාස,ගෝඨාභය රාජපක්ෂ,අනුර කුමාර දිසානායක යන ප්‍රධාන ජනපති අපේක්ෂකයින් තිදෙනා සමඟින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. ඒ වගේම මේ තාක් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිම අපේක්ෂකයෙක් නිල සාකච්ඡාවක් සඳහා දෙමළ ජාතික සන්ධානයට ඇරයුම් කරල නැහැ" යැයි ද සම්බන්ධන් මහතා කීය.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටීඑන්ඒ තීරණය අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දුව මතයි
Prase Sunday, 13 October 2019 07:11 AM
මෙවර කිසිදු යෝජනාවක් නැත.මෙය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයයි. ඔබට කැමති ඕනෑම කෙනෙකුට ඡන්දය දිය හැකිය.ඔබේ ජනතාව ඡන්දය පාවිච්චි කළත් කිසිදු ගැටළුවක් නොමැති නම් ඔබට හෝ ඔබේ ජනතාවට විශේෂත්වයක් ලබා දී නැත.
dinesh Sunday, 13 October 2019 07:37 AM
කවද මෙයා මේ අන්දන්න හදන්නේ ? මේ කලනන්නි හිතන්නේ ලංකාවේ සිංහලයන් කන්නේ පුන්නක්කු කියලද?
kamil Sunday, 13 October 2019 07:50 AM
මේ අයව ගෝඨා, සජිත් දෙන්නම ප්‍රතික්ෂේප කළ යුතුයි .
BamunuarachchiSunday, 13 October 2019 12:34 PM
කොහොමත් සජිත්ව ප්‍රතික්ෂේප කිරීම රටට ආදරය කරන අපි කව්රුත් කල යුතුයි.
YSURU Sunday, 13 October 2019 08:08 AM
මෙයාලගෙත් ඉල්ලීම් සියල්ලටම ගෝ්ඨා එකග වේවි.
BamunuarachchiSunday, 13 October 2019 12:26 PM
මෙන්න ගොබ්බ කතාවක්. ජෙප්පෝ දැනටමත් පොරොන්දුවෙලා ඉවරයි සමතැන් දෙන්න. සජිත් පොරොන්දු වෙලා ඉවරයි බලය බෙදන්න. එතකොට පොලිස් බලතල ඉඩම්බලතල යනවා එවිට ඉතිරිවෙන්නේ අපි වෙනම රාජ්‍යක් කීම පමණයි. එය තේරෙනවාද?
Aris Sunday, 13 October 2019 08:09 AM
දෙමළ ජනතාවගේ වසර 30 ක අර්බුධයට ගෝඨාභය මහතා විසදුම් ලබා දුන්නා. දැන් තියන සුළු සුළු ගැටලු වලටත් එතුමා විසදුම් දේවි. සිතා බලා ඔබේ ජනතාව කැමති පැත්තකට යොමු කරන්න. කෙසේ නමුත් දිනන්නේ ගෝඨාභය මහතා බව මතක තබා ගන්න.
Amila Sunday, 13 October 2019 08:16 AM
තොණ්ඩා පොහොට්ටුවට වගේ මෙයාලා කොහොමත් එජාපෙට තමයි.
KAMALINI Sunday, 13 October 2019 08:51 AM
අමිල ඊළම දීලා හරි ගෝඨා සහ මහින්ද මෙයාලගේ සහය ගන්නවා.
THENUWARA Sunday, 13 October 2019 09:10 AM
සම්බන්දන් මහත්තයෝ ඔන්න තොන්ඩමන් මහත්තයාට ගෝටාභය මහත්තයා 32 දෙන්න පොරොන්දු වෙලා ඔන්න වෙලාව ඊලාම් ගන්න .
Nuwan Sunday, 13 October 2019 10:15 AM
දෙමළ ජනතාවගේ අර්බුදයට? කොහෙද හලෝ දෙමළ ජනයාට අර්බුදයක් තියෙන්නේ? ප්‍රශ්න තියෙන්නේ සිංහලයට.දැක්කනේ හාමුදුරුවන්ගේ දේහයවත් පන්සලට ගේන්න බැහැ.
Adam Sunday, 13 October 2019 10:47 AM
ප්රභාකරන්ට ගේම දීපු ගෝඨා මෙයාට නැමෙන්නේ නැහැ.
Bamunuarachchi Sunday, 13 October 2019 12:23 PM
අපිත් බලමු රට පාවාදෙන්න ප්‍රතිපත්ති හදන දෙස්පාලුවා කව්ද කියලා. ජෙප්පොනම් දැනටමත් පොරොන්දුවෙලා ඉවරයි සම තැන දෙන්න.
pakeer Sunday, 13 October 2019 02:45 PM
අර්බුදේ තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ට. ඒක තේරුම් ගන්න