IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ටීඑන්ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට වසර 4 ක සිරදඬුවමක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී.එච්. පියසේන මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්‍ෂ 54ක දඩයකටද නියම කළේය.

පී.එච්. පියසේන මහතා පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයේ සිටියදී භාවිති කළ අග‍්‍රාමාත්‍ය කාර්යාලයට හා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඔහු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආපසු රජයට බාරනොදී අවභාවිතා කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට මෙලෙස සිරදඬුවම් හා දඩ නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වුයේ දිගාමඩුල්ල හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී.එච්. පියසේන මහතාටය.

තනතුරු වලින් ඉවත්ව යන විට රජයේ වාහන ඇතුළු දේපළ යළි රජයට බාර නුදුන් මෙවැනි විත්තිකරුවකුට ලිහිල් දඬුවමක් ලබාදුන්නොත් ‘වැරදි කර ගැලවී යා හැකියි’ යනුවෙන් සමාජයට වැරදි පුර්වාදර්ශයක් ලැබිය හැකි බව පෙන්වා දෙමින් ජේෂ්ඨ රජයේ නීතීඥ නිරාශා ජයරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට ආදාළ දඩුවම් නියම කෙරිණි.

 



අදහස් (8)

ටීඑන්ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට වසර 4 ක සිරදඬුවමක්

du Monday, 06 May 2019 01:50 PM

විශිෂ්ටයි. කරුණාකර අනිත් හොරුන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න. අහෝ මගේ රට....

:       2       311

Buddika Monday, 06 May 2019 02:11 PM

වරදට දඬුවම් දෙන්න ඕනෑ. ගිය ආණ්ඩුවේ පාලකයෝ විතරක් නොවේ...පවුල්වල මිනිස්සු පවා රජයේ සම්පත්, මුදල් මහා පරිමාණයෙන් අවභාවිතා කළා.ඒත් අදත් නඩු කල් යනවා. විභාග නොකරන ලෙසට නියෝග ගන්නවා. අන්න ඒ හොරුන්ටත් ඉක්මණින්ම දඬුවම් දීම මහා ජාතික වගකීමක්..

:       163       703

ranjith Monday, 06 May 2019 03:16 PM

මේ ආකාරයටම රජයේ දේපළ අවභාවිතා කළ සියලු දෙනාටම දඬුවම් ලැබුණොත් හොඳයි මේවගේ දුප්පත් රටක අදායමට වඩා වැඩි ණය කන්දරාව එහෙම තියෙද්දී රජයේ දේපල අවභාවිතා කරන එක මොනතරම් අපරාධයක්ද?

:       0       343

Nihal Monday, 06 May 2019 04:15 PM

නියමයි

:       0       232

GamageTuesday, 07 May 2019 03:47 AM

තව ගොඩක් ඉන්නවා දඬුවම් දෙන්න

:       0       9

KANDEPOL Tuesday, 07 May 2019 06:03 AM

පී.එච්. පියසේන කියන්නේ ද්‍රවිඩ සන්ධානයේ හිටපු එකම සිංහල මන්ත්‍රීවරයා. ඔහු සිංහල ගැමි පුද්ගලයෙක්. ඔහු වරදක් කර තිබෙනවා. නමුත් මේ රටේ පාලකයන්ගේ වැරදිත් එක්ක සංසන්දනය කරාම මේක වරදක්ද කියලත් හිතෙනවා. මොහුට නිදැල්ලේ යන්න හැරියොත් නරක පුර්වාදර්ශයක් වන නිසා දඬුවම් කරන බව අධිකරණයෙන් කියවුණත්, නිදැල්ලේ ඉන්න අනෙක් අයට තියෙන නීතිමය ලිහිල නරක පුර්වාදර්ශයක් නෙවෙයිද ? ඔය තෝරුන්ට මෝරුන්ට ඔය න්‍යාය බලපාන්නේ නැත්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.

:       0       99

rocky Wednesday, 08 May 2019 02:32 AM

කැන්ඩි පෝල් මහත්තයෝ, ඒ එකම සිංහලයා ඒ ද්‍රවිඩ පක්ෂයටත් මඩ ගැහුවා කියලයි මට හිතෙන්නේ. අපේ මිනිස්සු ගිය තැන වර්චස්!

:       0       0

ferna Wednesday, 08 May 2019 04:30 AM

ලක්ෂ 339 සාපරාධී අවභාවිත කරපු අය තවත් නිදැල්ලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 95 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 280 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 55 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 497 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1411 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3577 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site