IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘අපේ සටන ජය ගන්නවා මයි‘‘

(මුදිතා දයානන්ද)

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, රජයේ හා පෞද්ගලික අංශවල බැංකු නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීහු විශාල පිරිසක් කොළඹ හයිඩ් පිටියට අද පස්වරුවේ රැස්වූහ.

වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ සම්මේලනය විසින් එම රැලිය සංවිධාන කරනු ලැබීය.

එහිදී වෘත්තීය සමිති නායකයෝ රැසක් රැලිය අමතා අදහස් දැක්වූහ.

එහිදී ඔවුහු විරෝධතා රැලියක් ද පැවැත්වූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛදය හරිත අලුත්ගේ මහතා එහිදී මෙසේ පැවැසීය.

“කවදාවත් ඉතිහාසයේ එකට එකතු නොවුණ වෘත්තීය සමිති රැසක් රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා අද එකට එකතු වෙලා, එකමුතු වෙලා තිබෙනවා. අපි ආරම්භ කර තිබෙන්නේ දිනන සටනක්. අපි කවදාවත් පරදින සටන් කරලා නැහැ. ඒ නිසා මේ සටනත් කෙළවර කරන්නේ ජයග්‍රහණයෙන්මයි. අපි ආරම්භ කළ සෑම සටනක්ම එකමුතුවෙන් දිනලා තිබෙනවා. මේ පළමු සංඥාව. දෙවැන්න මීට වඩා බරපතළ වේවි.”

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා:

“අද ටී පනස්හයක් නොවෙයි මල්ටි බැරල් එව්වත් මේ සටන නවත්වන්න බැහැ. නන්දලාල්, අද මහ බැංකු සේවකයොත් මෙතන. නන්දේලා කොහොමත් මේ රටට හිතකර වුණේ නැහැ. හැත්තෑඅටේ විවෘත ආර්ථිකය ගෙනාවාට පස්සේ බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම තොග පිටින් ණය අරන් කොමිස් ගහලා රට කෑවා. ඊට පස්සේ ණය ගෙවන්න රාජ්‍ය ආයතන විකුණන්න ගත්තා. දැන් බැංකු ටිකත් විකුණන්න හදනවා. දැන් ආණ්ඩුවේ කුක්කෝ කියනවා අයි.එම්.එෆ්. එක කිව්වේ රුපියල් හතළිස් පන්දහසට වැඩි අයට බදු ගහන්න කියලා, අපි බොහොම අමාරුවෙන් කතා කරලා තමයි ලක්ෂෙට වැඩි කරගත්තේ කියලා. ඒ කියන්නේ හතළිස් පන්දහසටත් බදු ගැසීම ළඟ ළඟම එනවා.

මහ බැංකු වංචාව, හෙජිං වංචාව, සීනි බදු වංචාව, සුදු ලූනු වංචාව වගේ වංචා කොච්චර තිබෙනවා ද? රාජ්‍ය ආදායම වැඩි කරගන්න නම් මේවාට නඩු දාලා අය කරගන්න. ඒත් කෝ මේ අයට නඩු? නඩු නැහැ. අපි ආණ්ඩුවට කියනවා අපි හැප්පිලා බලමු කියලා.”

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.සී. උදයසිංහ මහතා:

“අපි අද මේ රැස්වුණේ රජයේ අසාධාරණ බදු පනතට විරුද්ධවයි. අපි කිසිසේත්ම බදු ගෙවීමට විරුද්ධ නැහැ. බදු ගෙවන්න අපි ලෑස්තියි. ඒත් එය අපිට ගෙවිය හැකි සාධාරණ බද්දක් විය යුතුයි. අද අපේ වැටුපෙන් විශාල ප්‍රමාණයක් බදු ලෙස ගෙවන්න වෙලා. රටේ ආදායම් ඉහළ නංවන්න අපෙන් මේ විදිහට බදු අය කිරීම සාධාරණ නැහැ. මේ තත්ත්වයට රට පත් කළේ මේ රටේ පාලකයෝ. ඔවුන් මැතිවරණ ඉලක්ක කරගෙන හදපු ප්‍රතිපත්ති. විදේශවලින් ණය අරගෙන මහා පරිමාණ ව්‍යාපෘතිවලට යොදවලා මහා පරිමාණයෙන් ගසාකෑමයි මෙතෙක් සිදු වුණේ. ඒ සිදු වුණු පාඩු දැන් අපිට ගෙවන්න සිදු වෙලා. ඒක සාධාරණ නැහැ. පාලකයන් තමන්ගේ වටා ඉන්න ව්‍යාපාරිකයන් සතුටු කරන්න අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා අහිමි වූ ආදායම හොයන්න ඒ බර අපි මත පැටවීමට කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.”

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය නදීෂ් සිල්වා මහතා:

“පාලකයන්ගේ න්‍යායපත්‍ර ඇතුළේ හැමදාමත් අප දංගෙඩියට අරන් යාම පමණයි සිදු වුණේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට කටමැත දෙඩෙව්වත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවෙයි. ඒ නිසා ඔහු හදන්නේ ජනතාව තරාදියේ එක පැත්තකට දාලා වෘත්තිකයෝ අනෙක් පැත්තට දාලා නෝනා ද පොල්ල ද සෙල්ලම කරන්න. අපි කියනවා නෝනායි පොල්ලයි දෙකම තියාගන්න අපි ලෑස්තියි අපේ ක්‍රමයට මේ සටන දිනන්න. නිහඬව සිටියොත් ඉදිරියේදී පියයුරු බද්දක් වුණත් එන්න පුළුවන්. අපි ඉල්ලන්නේ සාධාරණය. ඒ නිසා අපි මේ සටන ජයග්‍රහණයෙන් මිස පරාජයෙන් කෙළවර කරන්නේ නැහැ.”

එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති, ඉංජිනේරු නිහාල් ගුණරත්න, වරාය අධිකාරියේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිමේෂ් ඉන්දික යන මහත්වරු ද අදහස් දැක්වූහ.

 

(ඡායාරූප: ජයමාල් චන්දුසිරි)



අදහස් (12)

‘‘අපේ සටන ජය ගන්නවා මයි‘‘

Kamal prasanna Wednesday, 08 February 2023 04:30 PM

මේ ප්‍රශ්ණයට කෙටි හෝ සීනිබෝල උත්තර නැහැ . බදු ගෙවියයුතු අවම ආදායම් සිමාව සංශෝධනය කලයුතුයි . නමුත් අනිවාර්යයෙන්ම උපයනවිට බදු අයකිරීම කලයුතුමයි . මෙතැනදී, ටියුෂන් ගුරුවරුන්, නීතිඥයින් , චැනලින් කරන දොස්තරවරුන් , රේගු නිලධාරීන් යන අය කෙරෙහි විශේෂ අවධානය යොමුකලයුතුයි . මේ අස්සේදී මේ වැඩේ බකල් කරන්න උත්සහ කරන අප්පුහාමිලා පිරිසකුත් ඉන්න බව පෙනෙනවා . විවේචනය පහසුයි නමුත් ප්‍රයෝගික විකල්ප සමග විවේචනය එතරම් පහසු නැහැ . අයකරන බදු වලට ජනාතවට සාධාරණයක් වන බව ක්‍රියාවෙන්ම පෙන්විඉම රජයේ වගකීමක්. මේ මුදල් නාස්ති නොවන බව පෙන්වියයුතුයි . අගනුවර ප්‍රධාන පාසලක් ළඟ දවසක් හිටියොත් පෙනෙයි රජයේ වාහන කියක් එතනට එනවද කියල. මේවත් ජනතාවගේ බදුමුදල් නාස්ති කිරීමක් තමයි. ඔය උද්ගෝෂණයට ඇවිත් හිටපු අයගෙන් කීදෙනෙක් තමන්ගේ වගකීම් හරියට ඉටුකරන අයද කියල ඒ අයම තම තමන්ගෙන් ප්‍රශ්න කලයුතුයි .

:       4       38

senaWednesday, 08 February 2023 04:52 PM

ප්‍රශ්නෙ තියෙන්නේ මෙයා හොරුත් එක්ක ඉඳගෙන අනිත් අයට බදු ගහන එක. දැන් හොරු අල්ලන්න ලංකාවේ තියෙන නීති මදිවටද අලුත් පනත් ගේන්නේ..? නැහැ...! මොකක් හරි පනතක් ගෙනැල්ලා අනුමත කරගනියි. පරණ හොරුන්ට බේරෙන්න පුළුවන් විදිහට. එහෙම නැතුව හොරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක හොරුන් අල්ලන්න නීති හදයිද?

:       9       12

නාලකWednesday, 08 February 2023 06:20 PM

හොරු අල්ලන්න ඕනෑ... ඔය කියන වෘත්තකයින්ම තමයි. දේශපාලකයින් නොවේ... තමන් හොරකම් කරමින් අනුන්ට බැන වදිනවා මිස හොරකම් නවත්වන්නේ නෑ...

:       1       15

RohanaThursday, 09 February 2023 08:18 AM

ප්‍රශ්ණය තියෙන්නෙ ගෙවන බදුවල විනිවිද බවක් නැතිකමයි. එනම් මිනිස්සු ගෙවන බදුවලින් රටට කරන සේවය පේන්නෙ නෑ. මේ බදුනම් අන්තිම අසාධාරනයි. මැති ඇමතිවරුන්ට කෝටි ගනන්වටින වාහන ගන්න නිසා මෙන්ම ඔවුන්ගේ පවුල් නඩත්තුකරන්න කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන නිසාත් හොරකම මුල්බැසගෙන තිබීමත් නිසා බදුගෙවන්නන් අධෛය්‍යෙමත්වී ඇතිබව පෙනේ.

:       1       0

ajith Wednesday, 08 February 2023 05:50 PM

ඕනෙම රටක ඕක තමයි විදිය. වැඩියෙන් මුදල් ලැබෙන අය වැඩියෙන් බදු ගෙවිය යුතුයි. එමනිසා, නිකම් පාරවල් ගානේ කෙඳිරි නොගා බදු ගෙවන්ට පුරුදු වෙයල්ලා. නිදහස් අධ්‍යාපනය, මහපොළ, සෞඛ්ය සේවා, පොහොර සහනාධාර "නොමිලේ" ලැබෙන දේවල් නොවේ.

:       7       19

විජේ Wednesday, 08 February 2023 06:17 PM

ඔබලා හරියට සේවය කළා නම් රට දුප්පත් වෙන්නේ නෑ. 225 හොරකම් කළ නිසා රට වැටුණා කියන විහිළු බොරුව ඉස්සර කරගෙන තම වැරැදි වහගෙන ආත්මය රවට්ටා ගන්න වෘත්තික හොරු. සියලු දිමනා අරන්, රට සවාරි ගොස්, පරිමිට් විකුණා මුදල් කර, බොරු දේවල් වලින්, ක්ලේම් වලින් සල්ලි ගරමින් රට වට්ටපු වෘත්තීක හොරු...

:       9       15

අහිංසක Wednesday, 08 February 2023 06:24 PM

ජනතාවගෙන් අයකළ බදු මුදලින් නොමිලේ ඉගෙනගෙන මහත්තුරු වෙලා ලොකු පඩි දීමනා අරගන්න ගමන් දැන් බදු ගෙවන්න බෑලු. විලිලැජ්ජයි.

:       6       18

Rasika Wednesday, 08 February 2023 10:00 PM

ඔයා නම් ඉගෙන ගෙන නැති කෙනෙක් නිසා ඔයාට ඔය කතාව අදාල නැහැ. මේ රටේ 95% විතර ඉගන ගන්නෙ නිදහස් අධ්‍යාපනයෙන්. තමන්ට ඉගනගන්න බැරි වුනාට අනිත් අය පලි නැහැ. හැබැයි ඔයා ඉගෙන නොගෙන විනාස කරෙත් රටේ ජනතාවගෙ සල්ලි. ඒ නිසා ඔයා වගේ අය තමයි වැඩියෙන් බදු ගෙවන්න ඕන, රටට ණය නිසා. තේරෙයිද මන්දා?

:       0       0

csmir Wednesday, 08 February 2023 08:29 PM

වෘත්තීයවේදීන් ලෙස හඳුන්වන මොවුන්ට වෘත්තිකයන් ලෙස වගකීමක් ඇති බව නොතේරෙන්නාසේම ඔවුන් අපිරිසිදු දේශපාලකයන්ගේ අපිරිසිදු දෑත් ය.

:       0       0

Praba Wednesday, 08 February 2023 09:43 PM

මේ නිදහස් අධ්‍යාපනය ලැබූ වෘත්තිකයන් රට දාලා ගියාම සල්ලි දීල ඉගෙන ගත්ත ලංකාවේ ඉතුරු වන පණ්ඩිතයන්ට සතුටු හිතේවි

:       0       0

Free MAN Wednesday, 08 February 2023 10:59 PM

අනිත් මිනිසුන්ගේ නිලයට හෝ පඩියට ර්ශ්‍යානොකර පුලුවන් නම් මහන්සි වෙලා වෘත්තිකයෙක් (Professional) වෙන්න උත්සාහ කරල බලන්න, එතකොට තේරෙයි ඒ කරන කැපකිරීම් වලට සාපේක්ශව උපයන මුදල සාදාරන ද නැද්ද කියල, ඒ තරම් කැපකිරීම් කරල උපයන මුදලින් නිවහල් මිනිසෙකු ලෙස තමන් කැමති දෙයක් අදින්න, පලදින්න, පරිහරණය කරන්න බැරිනම් මේ තරම් කැපකිරීම් කරල වෘත්තිකයෙක් වෙලා වැඩ්ක් තියනවද ?, මේකේ කොමෙන්ට්ස් කොටන අයට අමතකවෙලාද දන්නේ නෑ වෘත්තිකයන් මේ අසාදාරන බදු වැඩි කිරීමට පෙර සිටම සැලකිය මුදලක් බදු ලෙස රජයට ගෙවන බව. මේ රටේ දේශපාලකයන් මහජන මුදල්, දේපල අසීමිතව අවභාවිතා කරමින් විදේශ ආධාර, ණය සහ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලින්, බෙහත් පෙත්තෙන් පවා කොමිස් උපයමින් මේ රට බංකොලොත් කරන බව නොපෙනෙන, එහෙත් තමන්ට වඩා උසස් ජීවිතයක් ගත කරන එකාට කෙලවන කම් බලන් ඉන්න අමන ජාතියක්.

:       0       0

Peduru Thursday, 09 February 2023 03:51 AM

අද මේ රටේ දුප්පත් අහිංසක ජනතාව කන්න නැතුව දුක් විඳින්නේ ඒ අය කල වරදකටද ? ඔය කෑගහන මහත්වරු ඔය තැනට ගේන්න වැය කලේ කාගේ සල්ලි ද? ඔය ගොල්ලන් යන වාහන දිහා බලන කොට තේරෙනවා ඔබලා කොතරම් දුරට මේ අහිංසක ජනතාව ගැන හිතන තරම. 2018 දී විශ්‍රාම ගිය ජාතික රෝහලේ දොස්තර S.A.S ගුණවර්ධන මහතා පාවිච්චි කලේ මරුටි 800 කාර් එකක්. ගන්න ආදර්ශයට ඒ මහතා. එනිසා මේ අහිංසක ජනතාවගේ කුසගින්න නිවන්න රට ගොඩ ගත යුතුයි. මේ තත්ත්වයට සියයට සීයක් ම දේසපාලුවෝ මතම පැටවිය නොහැකිය. එනිසා රට ටිකක්වත් ගොඩ එන කම් ඔය බද්ද ගෙවන්න. ඔයගොල්ලෝ හිතන්න එපා ජනතාවට ඔය අය ම.ත් සේවයක් කරනවා කියා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 9 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 112 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 890 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 947 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 653 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 788 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site