IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පානදුර වැල්ලේ සැඟවූ කෝටියක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර නල්ලුරුව මුහුදු වෙරළේ වැල්ලේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සමග නීතිවිරෝධී ව මත්පැන් ජාවාරම්කරන පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.

එම පුද්ගලයා සමග මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 20ක් පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 41 හැවිරිදි අයෙකි.

නල්ලුරුවේ ප්‍රදේශයේ පුද්ගලයකු වැල්ලේ සඟවා නීතිවිරෝධී මත්පැන් ජාවාරම සිදුකරන බවට කලුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර තිබිණි.

පොලිස් නිලධාරීන් මුහුදු වෙරළේ වැටකෙයියා ගාලක සැගවී සැකකරු එනතෙක් සිට ඇති අතර, සැකකරු පැමිණ වළක් හාරා මත්කුඩු පාර්සලයක් අතටගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මුහුදේ පාවෙමින් තිබූ මෙම පාර්සලය එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට ලබාදුන් බවත්, පසුව ඒවා වළදැමූ බවත් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය වෙත ගෙනඒමෙන් පසු කරන ලද ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.
 
තවත් මත්කුඩු පාර්සල් වෙරළේ සගවා ඇද්දැයි පරීක්ෂා කරන බවද පොලිසිය කියයි.



අදහස් (1)

පානදුර වැල්ලේ සැඟවූ කෝටියක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

gamaya Thursday, 17 October 2019 02:21 PM

හරියට අර ගල්කිස්සේ ආච්චිට මැණික් මල්ල වීසිකරලා ගියා වගේ කතාවක් තමයි මේකත්..

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 51 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 19 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 49 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 435 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3052 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site