IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ගෙදරට කොටුවූ දරුවන්ට මානසික ගැටළු’

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ගෙදරට කොටුවූ දරුවන්  අතුරින්  දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටළුවලට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙවැනි  මානසික ගැටලුවලට ලක්වූ දරුවන් කිහිප දෙනකු  ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවද  හෙතෙම සඳහන් කළේය.

ගෙදරට  අසීමිත කාලයක් කොටුවීම නිසා සමාජ ආශ්‍රය නැතිවීම සහ උපකරණවල දුරකථන වැනි තාක්ෂණික උපකරණවලට අධික ලෙස ඇබ්බැහිවීම නිසා ඔවුනට   මෙම මානසික ගැටලු  ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා  මෙවැනි මානසික  ගැටළුවලට  ලක්වූ ඇතැම්  දරුවන්   මවුපියන් නුරුස්සන සහ  ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ පෙන්නුම් කරන බවද පැවසුවේය.

මානසික ගැටළුවලින්   පෙළෙන  සමහර  දරුවන්  පාසලට යෑමට බියකින් පසුවන බවත් අධික ලෙස ජංගම දුරකථන වලට ඇබ්බැහිවූ  තවත් ඇතැම් දරුවන් එම  උපකරණ පාවිච්චි කරන අතරේම මළ මුත්‍රා පවා කරගන්නා තත්වයක් දක්නට ඇති බවත්  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ‍ය.

දරුවන් මුහුණ දී ඇති මේ ප්‍රශ්නය ගැන රජයක් සහ සමාජයක් හැටියට   විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඔහු  සඳහන් කළේය.

මෙවැනි ගැටලුවලට ලක්වූ දරුවන් සිටී නම් වහාම ළඟම ඇති රෝහලට හෝ  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට හෝ යොමු කරන ලෙස  හෙතෙම  මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (1)

‘ගෙදරට කොටුවූ දරුවන්ට මානසික ගැටළු’

ජගත් Sunday, 28 November 2021 02:24 PM

ළමයින් පමණක් නොවේ. වැඩිහිටියන් පවා මානසික රෝගවලින් පෙළෙනවා කියලයි හිතන්නේ මේ වසංගතය නිසා...

:       1       24

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 3 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 351 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 0 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 160 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 146 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site