ඔමික්‍රෝන් නව ප්‍රභේදය නිසාවෙන් කොවිඩ් -19 රෝගය නැවත වතාවක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. පසුගිය වසරවල මෙන් දැඩි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ඉහළ යාම මත ඔවුන්ට තවත් රෝගයක් සඳහාද අවදානමක් මතු වේ. ‘Multi System Inflammatory Syndrome ‘ හෙවත් ‘බහු ඉන්ද්‍රීය ආසාදක රෝගතාව‘ නම් මේ සඳහා වයස අවුරුදු 5ත් 15ත් අතර වියේ පසුවන දරුවෝ ගොදුරු වෙති.
පසුගිය වසරේ වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ දැඩි ඉහළ යාම හමුවේ බහු ඉන්ද්රිය ආසාදක රෝගතාවෙන් පෙළෙන්නෝද දහයකට ආසන්නව කොළඹ ළමා රෝහලෙන් වාර්තා වූහ. නැවත වතාවක් කොවිඩ් රෝගීන්ගේ අඩු වීමක් දක්නට ලැබුණෙන් මෙකී රෝගීන්ද දෛනිකව වාර්තා වූයේ දෙතුන් දෙනෙකුට සීමා වෙමිනි. එහෙත් ඉදිරි සති 02හෝ සති 06 ඇතුළතදී මෙයාකාරයට කොවිඩ් -19 වේගවත්ව ව්‍යාප්ත වීම සිදුවුණ හොත් බහු ඉන්ද්රිය ආසාදක රෝගතාවට ගොදුරු වූවෝද ඉහළ යාමේ දැඩි අවදානමක් මතුවනු නියතය.
කොවිඩ් වයිරසය ආසාදනය වී මුල් දින 14ට පසු එනම් සති 2ත් 6ත් අතර කාලයේදී කොවිඩ් රෝග ලක්ෂණ ඇතුව හෝ නැතුව ඇතිවන රෝගී තත්ත්වයකි. දරුවන් නොදැනුම්වත්ව ඒ සඳහා ගොදුරු වීම මෙහි ඇති බරපතළ කාරණයයි
කොවිඩ් ආසාදනය වූවාට පසු සිරුර මගින් නිපදවනු ලබන ප්‍රතිදේහ සිරුරේ ඉන්ද්‍රියන් සමග ක්‍රියාකාරී වන තත්ත්වයට පත් වේ. එනම් මොළය, හෘදය වස්තුව, අක්මාව, වකුගඩු, පෙනහලු ආදී එක් එක් ඉන්ද්රිය සමග ප්‍රතිදේහ ක්රියාකාරීත්වයක් දක්වයි. එවිට එක් එක් ඉන්ද්රිය සමග ප්‍රතිදේහ දක්වන ක්‍රියාකාරීත්වය මත සිරුරේ පහත වෙනස්කම් හට ගැනේ.
මොළය :- ෆිට් එක, අත් පා පණ නැති වීම
පෙනහලු :- නිව්මෝනියා තත්ත්වය
හෘදය :- කිරීටක ධමනිවල මහත් වීම, අධි රුධිර පීඩනය
වකුගඩු :- වකුගඩු අකර්මණ්‍යතාව
අක්මාව :- අක්මාව විශාල වීම, බඩ රිදීම, ඇස් කහ පැහැ වීම
දින 04ක් පුරා පවතින උණ තත්ත්වය, ඇඟපතේ වේදනාව දැඩිව දැනීම, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයත්, දරුවාගේ ලෙඩ පැහැ ගතියත්, ඇඟේ සහ දිවේ ඇතිවන රතු ලප, බෙල්ලේ වසා ගැටිති ඇති වීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස දැක්විය හැකියි. එබැවින් කොවිඩ් රෝගයට ගොදුරුවූ දරුවන් ගැන ඔවුන්ගේ රෝග ලක්ෂණ පිළිබඳ මවුපියන් ඉතාම සැලකිලිමත් විය යුතු කාලවකවානුවක් බව මතක් කර දිය යුතුය.
මෙහිදී දරුවන් අතර මින් පෙර වතාවකදී පැතිර ගිය කවසාකි රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති වීමටද පුලුවන. රෝගයේ භයානක තත්ත්වය වන්නේ හෘදය වස්තුවට බලපෑම් කිරීම මගින් රුධිර පීඩනය අඩු වී දරුවා මිය යාමට ඇති ඉඩකඩයි.
කොවිඩ් සේම ඩෙංගු සහ වයිරස් උණද පැතිර යන වසංගත කාලයේදී ඔබේ දරුවා ලෙඩ රෝගවලින් මුදවා තබා ගැනීම මවුපියන්ගේ වගකීමයි. දරුවන් ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට නම් ප්‍රතිශක්තිකරණය පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළ යුත්තෙමු. ඒ අනුව සංජනනීය ආබාධ ඇති දරුවන්ට පළමුවෙනුත් පාසල් සිසුන් වයස් කාණ්ඩ දෙකකටත්, අවුරුදු 20ට එහා තරුණ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩසටහන මෙරටේ ක්‍රියාත්මක කරනු ලැබිණි.
මේ වනවිට අවුරුදු 12ට වැඩි ළමයින් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවත්, අවුරුදු 16න් ඉහළ දරුවන්ට ෆයිසර් දෙවැනි මාත්‍රාවත් සහ අවුරුදු 20ට වැඩි තරුණ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නතද ලබා දීමට කටයුතු අරඹා ඇත.
කොවිඩ් එන්නත ගැන සමාජ මාධ්‍ය හරහා වැපිරෙන මිත්‍යා මතවලට සමුදී තම දරුවාගේ ජීවිත සුරක්ෂිතතාව උදෙසා එන්නත නොපමාව ලබා දීමට මවුපියන් උනන්දු වන්න.
එමෙන්ම දරුවාට යම් ස්වසන අපහසුතාවක්, පපුව හිර කරනවා වගේ දැඩි වේදනාවක් පියවි සිහිය මඳ ගතිය, සුදුමැලි ගතිය, උදරයේ දරුණු වේදනාවක් වගේ දැනුණොත් එය බහු ඉන්ද්රිය ආසාදක රෝගතාවේ දරුණු බව පවසන සංඥා බව කිව යුතුමයි. එබැවින් එවන් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් පසු වී සිට නොපමාව තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලීම මගින් රෝගය දරුණු තත්ත්වයට පත් වීමට ඇති අවදානම ද අවම කර ගත හැකියි. එමෙන්ම රෝගයට ගොදුරු වූ මුල් අවදියේදීම නිශ්චිතවම රෝග විනිශ්චය කර ප්‍රතිකාර ලබාදීමෙන් දරුවාගේ ජීවිත සුරක්ෂිතතාවද රැක ගත හැකියි.
-සටහන- මාධවී ධර්මරත්න
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොවිඩ් ආසාදිත දරුවන්ට හැදෙන තවත් ලෙඩක්