(මනෝප්රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් සටහන් පොත් වල අසත්‍ය සටහන් යෙදූ බවට දෙහිවල පොලිසියේ නිලධාරියකු අධිකරණය හමුවේ පිළිගැනීම හේතුවෙන් විත්ති වාචකයක් නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
හෙරොයින් ප්‍රමාණය කිරා බැලුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේදී නම් විත්තිකරු අත්අඩංගුවට ගත් ස්ථානයේදී හෙරොයින් වල බර ප්‍රමාණය සටහන් වල යෙදුවේ කෙසේදැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ තමා විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සටහන් යෙදු බව දෙහිවල පොලිසියේ නිලධාරියා පිළිගැනීම නිසා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්ති වාචකයක් හෝ නොකැඳවාම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ එච්.එම්. අතුල බණ්ඩාර කුමාරසිංහ නමැත්තෙකි.
2014 අගොස්තු මස පළමු වැනිදා දෙහිවලදී හෙරොයින් ග්‍රෑම් 51.75 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී දෙහිවල පොලිස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් දෙහිවල පැරකුම්බා පාරේ නිවසක් අසලට රාත්‍රී 11.00 ට පමණ ගොස් පසුදා උදේ 7.45 පමණ වනතුරු ඒ අසල කෙසෙල් පඳුරක් යටට වී සිටි බවත් එසේ සිටියදී විත්තිකරු තවත් පුද්ගලයකු සමඟ නිවසින් එළියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් දෙහිවල පොලිසියේ නිලධාරීන් මෙම නඩුවේ සාක්කි දෙමින් පැවසුහ.
විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සටහන් යොදන ලද්දේ ඔහු අත්අඩංගුවට ගත් දෙහිවල පැරකුම්බා පාරේ නිවස ඉදිරිපිටදී පොලිස් කැබ් රථයේ තබාගෙන බවත් විත්තිකරු සන්තකයේ තිබී අල්ලා ගත් හෙරොයින් ප්‍රමාණය කිරා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ගිය බවත් ඔහු අතේ තිබු බෑගයේ හෙරොයින් ග්‍රෑම් 101.84ක් තිබූ බවත් අදාළ සටහන් යෙදු පොලිස් නිලධාරියා පැවසූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා හෙරොයින් ප්‍රමාණය කිරා බැලුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේදී නම් විත්තිකරු අත්අඩංගුවට ගත් ස්ථානයේදී තැබූ සටහන් වලදී හෙරොයින් වල බර ප්‍රමාණය සටහන් කළේ කෙසේදැයි ප්‍රශ්න කළ විට මුලින්ම නිරුත්තර වු එම නිලධාරියා පසුව විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා අසත්‍ය සටහන් යෙදු බව පිළිගත්තේය.
පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී අධිකරණය ඇමතූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා මෙම නඩුවේ සාක්කි විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් දෙහිවල පොලිසියේ නිලධාරීන් දෙදෙනාගේ සාක්කි වල ප්‍රබල පරස්පරතාවයන් ඇතැයි පෙන්වා දුන්නේය.
විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ නිලධාරීන් අසත්‍ය සටහන් යෙදු බව පිළිගෙන ඇතැයි කී නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා මේ තත්වය යටතේ විත්ති වාචකයක් නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්ති වාචකයක් නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා පෙනී සිටියේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විත්ති වාචකයක් නොකැඳවාම හෙරොයින් ජාවාරම්කරු නිදහස්
de silva Monday, 09 March 2020 03:40 PM
අනිවාර්යයෙන්ම පොලීසිය පගාව අරගෙන නඩුව අවුල් කරලා.
Mahee Monday, 09 March 2020 07:46 PM
මොනවා, බොරු සටහන් යෙදුවා කියලා උසාවියේදී පිළිගත්තා? ඉතින් මිනිහා හිනාවෙවී යන්න ගියාද?
sayura Tuesday, 10 March 2020 02:36 AM
කුඩු වලට මරණ දඬුවම දෙන්නත් පුටුවක්. අහිංසක මිනිස්සු නිරපරාදේ හිරේ යනවා කුඩු නිසා. කුඩු නවත්තන්න වෙන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ඕනේ.
Anu Tuesday, 10 March 2020 02:37 AM
අධිකරණය ස්වාධීන බව ඇත්ත. කොහොම හරි මොහු ළඟ හෙරොයින් තිබිලානම් සමාජයට විපතක් නොවෙයිද ඒක.
rocky Tuesday, 10 March 2020 03:27 AM
බොරු කල පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි!
lalithm Tuesday, 10 March 2020 04:23 AM
මෙහෙම පොලිස් නිලධාරීන් විසින් විනාශ කළ අසරණ ජීවිත කොතරම් ඇතිද? මොවුන් එවෙලේම නිලයෙන් පහකර සිරගත කිරීම සඳහා නීති අත්‍යවශ්‍යයි. මහජන ආරක්ෂාවට එයත් වැදගත් නේද?
Walter White Tuesday, 10 March 2020 05:37 AM
මේ රටේ පිරිහීම, නින්දිත තත්වය නැවත නැවත පෙන්නුම් කරනවා. මිනිස්සු කට පියාගෙන සිටීමේ වැරැද්ද. එක දේශපාලකයෙක් කිව්වා රටක් සංවර්ධනය වෙනකොට දූෂණය ඉහල යනවා කියලා. එහෙම තක්කඩියන් නිසා තමයි මේ රට මෙතරම් පහත වැටෙන්න හේතුව.