IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනමතයට ඇහුම්කන් දෙන්නේ නැතිනම් ජනතාව කොළඹට ගෙන්වනවා

(අංජුල මහික වීරරත්න)

 පාර්ලිමේන්තුව අධිකරණය මෙන්ම ජන මතයට විධායකය ඇහුම්කන් දෙන්නේ නැතිනම් රට පුරා ජනතාව කොළඹට එක්කර ගෙනවිත් ජනතා සටන අරඹන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (10) පැවැසීය.
 
ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැ‍ටීමට එරෙහිව ගොඩනැගෙන ජනබලය එක්සත් ජාතික පෙරමුණට සීමා වී නැති බව කී වික්‍රමසිංහ මහතා පක්ෂ පාට බේද නොසලකා ජනතාව ජනබල මෙහෙයුම වටා පෙළගැසී සිටින බවද අවධාරණය කළේය.
 
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ එක්සත් ජාතික පක්ෂයේ රට පුරා පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ අද (10) පැවැති විශේෂ හමුවකදීය.කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසංහ මහතා මෙසේද පැවැසීය.
 
ඔක්තෝම්බර් 26 දින ආරම්භ වූ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව අද රටේ ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.ජනතාවගේ අයිතිවාසිකම් සොරකම් කිරීමක් හැටියටයි අපි මේ තත්ත්වය දකින්නේ. අගමැතිවරයා ඉවත්කිරීමට උත්සහ කිරීම ඇමැතිවරුන් මාරු කිරීමට උත්සහ කිරීම ඇතුළු මේ සියලු කාර්යයන් වලින් පහර ගැසුවේ ජනතාවටයි.
 
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පුද්ගලයා අගමැති ධූරයට පත්කළ යුතුයි.පාර්ලිමේන්තුවට බහුතර බලයක් ලබා දීම තීරණය කරන්නේ ජනතාවයි.අවුරුදු පහකට වරක් පැවැත්වෙන ඡන්දයෙන් කුමන කණ්ඩායමක් බලයට පත් කරනවාද යන්න තීරණය කරන්නේ ජනතාවයි.
 
මේ ක්‍රමය 1948 දී ඩී.එස් සේනානායන අගමැතිවරයා විසින් නිදහස ගෙන ආණ්ඩු ක්‍රමය ආරම්භ කළදා පටන් අපි අනුගමනය කරනවා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළායින් පසුව වෙනත් පක්ෂයකට බහුතර බලය ලැබුණා නම් ඒ අනුව එම ක්‍රමයට ගෞරව කරමින් අගමැතිවරු ජනාධිපතිවරු පත්කළා.
 
ඒ අනුව 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ අගමැති වශයෙන් පත්වන්නට මටත් අවස්ථාව ලැබුණා.නමුත් අද සිදුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව රජය විසුරුවා හැරීමයි අගමැතිවරයා මාරුකිරීමට කටයුතු කිරීමයි.
 
මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි.ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂත් කළේ පාර්ලිමේන්තුවට පයින් ගසා  මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි.මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවට දැන් මුළු රටම විරුද්ධ වෙලා තියෙනවා.පාර්ලිමේන්තුවට එරෙහිව ගොස් රට පාලනය කිරීමට ගත් පියවරට එරෙහිව රටපුරා ජනතා විරෝධය මතුවී තිබෙනවා.



අදහස් (18)

ජනමතයට ඇහුම්කන් දෙන්නේ නැතිනම් ජනතාව කොළඹට ගෙන්වනවා

Bamunuarachchi Monday, 10 December 2018 11:23 PM

ඉතින් ජනමතය තමයි මහින්ද මහතාත් ඉල්ලන්නේ ඔයාලා පෙවන්නේ මේ වනවිට ජනතාවට එපා වූ මන්ත්‍රීන් ගේ මතය. ඔතන හොරු කීදෙනෙක් ඉන්නවාද?

:       0       0

Bamunuarachchi Monday, 10 December 2018 11:38 PM

කවුරුත් පක්ෂ පාට භේද බලනවා ඒ නිසයි අපි මහජන ඡන්දයක් ඉල්ලන්නේ. චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ අගමැති වෙලා අවුරුදු කීයක් හිටියාද. ඊට පස්සේ ජනතාව හැමදාම ප්‍රතික්ෂේප කළා නේද? අන්තිමට පක්ෂයේම මිනිස්සු ගල් ගහන්න ලැහැස්ති උනානේද? පෙබරවාරි මස අන්ත පරාජයක් ලැබුනා නේද?

:       0       0

Lakmal Tuesday, 11 December 2018 01:33 AM

ඔබතුමා නිවැරැදි ඇති ඒත් දැන් විශ්‍රාම යන්න.............

:       0       7

සමන් Tuesday, 11 December 2018 04:03 AM

උන්නැහේ ජනමතය මොකක්ද කියල පොඩ්ඩක් අපිට කිව්වනම් හොදහි නේද? ජනතාව එහෙම කිව්වද අර මහා බැංකුව එහෙම කොල්ලකන්න කියල මහේන්ද්‍රන්ව දාලා.............

:       1660       3249

jagath Tuesday, 11 December 2018 04:32 AM

අපිට නම් කිසි ප්‍රශ්නයක් නෑ.............

:       535       1302

Bandula. Tuesday, 11 December 2018 05:27 AM

අනේ ජනතාවටනම් මේවා දැන් තිත්තවෙලා තියෙන්නේ, එනිසා මේරට තවත් අගාදයට අද නොදමා ඡන්දයක් තියලා එක එක පක්ෂවලට වැඩිනේ නැති තනි ආණ්ඩුවක් පිහිටවා ගන්නවානම් මුළු රටටම යහපතක්. ඔය මල ඉලව් ජනබල නැතුව!

:       0       119

nihal Tuesday, 11 December 2018 06:26 AM

රට අගාදයට ගෙනයන නොහැකියාවෙන් පෙලෙන්නෝ

:       0       0

Chanak los angeles Tuesday, 11 December 2018 06:33 AM

අනුන් එපා කියලා විසිකරන ඒවා අහුලාගෙන සාක්කුවේ දමාගන්න එපා .......

:       0       0

Amila Tuesday, 11 December 2018 06:40 AM

හරියට ජනමතයට සවන් දීපු කෙනා වගේ 2000 විතර සිට මිනිස්සු කියන්න පටන් ගත්තේ යන්න කියලා. 2005 පස්සේ යන්නම කිව්වා. ඒත් ඉතින් තාමත් එල්ලිලා ඉන්නවා වවුලා වගේ

:       0       0

Bandara Tuesday, 11 December 2018 06:44 AM

මාත් කොළඹ එනවා ..... මට කීයක් දෙයිද දන්නෑ............

:       0       0

Sam Tuesday, 11 December 2018 06:50 AM

නරකද ඔබතුමා ඉස්සෙල්ලා පක්ෂය ජනමතයත ඉඩදුන්නනම් !

:       0       0

Rohana Tuesday, 11 December 2018 06:52 AM

ඔබතුමාට ඔය කියනතරම් නම් ජනමතයක් මුළු රටේම තියෙනවද?

:       0       0

indra Tuesday, 11 December 2018 06:55 AM

ඔබතුමාගෙන් වරප්‍රසාද ලබපු පිරිසක් කොළඹට ගෙනල්ලා ජන මතය පෙන්වන්නේ කොහොමද ?දෙපිලටම අපි කියන්නේ තවදුරටත් මහජන මුදල් විනාශ නොකර වේදිකා ඉදිරියේ මොර දෙන්නේ නැතිව ඔබලාගේ බලය පෙන්වන්න චන්දයක් තියන්න .

:       0       0

vipula Tuesday, 11 December 2018 07:45 AM

19 වන සංශෝදනය ගෙනල්ලා දැන් රටම අවුල් වෙලා. තවත් කොළඹට ගෙනල්ලා දවස විනාස කරන්න එපා. වෙන කොහාට හරි ගෙන්නන්න

:       0       0

maheshika Tuesday, 11 December 2018 08:10 AM

ජනමතය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කවුරුවත් නැද්ද? ජනමතය කියන්නේ වැඩි පිරිසකගේ කැමැත්ත. මුළු ලංකාවේ සිටින සියලුම ඡන්දය හිමි පුරවැසියන්ව ගෙන්වලා අත උස්සලා කැමැත්ත පලරන්න ඉඩ පහසු ඇති ස්ථානයක් නැති නිසාත් ඔබ සිතන ආකාරයට කරුණු සිද්ද උනේ ලංකාවාසීන්ට ඡන්ද අයිතිය ලැබීමට පෙර බව දැනගන්න. ඔබගේ ඔය පැතුම එනම් ජන මතයට කන් දීම පහසුවෙන්ම කල හැකිවන්නේ ජන මත විචාරණයකට යාමෙන් බව ඔබගේ වටේ සිටින විද්වතුන් යයි කියාගන්න අය කීවේ නැතිද? අනික ඔය විදේශික තානාපතිලගෙන් උපදෙස් ගන්න එපා.

:       0       0

ruchi Tuesday, 11 December 2018 08:27 AM

ජනතාව කියන්නේ මේ අපිට. ඔබතුමාගේ ප්‍රශ්න ඔබතුමා විසඳගන්න. අපිව ගාවගන්න එපා. ඔබතුමාට වරදිනකොට අපි කොළඹට එන්න ඕන. ඔබතුමාට හරියනකොට අපි උන්නද මලාද කියල මතක නැහැ. අපි කවුරු කියලද හිතාගෙන ඉන්නේ?

:       0       0

Nimal Tuesday, 11 December 2018 09:33 AM

ඔබ තුමත් ජන මතයට විරුද්දව වරදකරුවෙක් හිරෙන් නිදහස් කලා අපිට මතකයි...........

:       0       0

Bamunuarachchi Tuesday, 11 December 2018 04:30 PM

ජනමතයකට යන්න කියලයි අපිත් කියන්නේ... ඔහෙලා යන්න හදන්නේ මන්ත්‍රී මතයකට... එ්ක නොවෙයි ජනමතය... මහජන ඡන්දෙකින් ප්‍රකාශ වෙන්නේ ජනමතය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 18 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 78 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 80 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 128 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 122 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 332 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site