(යොහාන් භාසුර)
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිල ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ උගන්ඩා ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදන්ත සිල්වා මහතා පැවසීය.
උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණි වයස අවුරුදු 43 ක මෙම පුද්ගලයා ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්ථයේදී නවතා ප්‍රශ්න කිරීමේදී ඇතිවූ සැකය මත පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් කළ පරීක්ෂාවේදී උදරයේ තිබූ සැක කටයුතු ගුලි රේගු නිලධාරීන් නිරීක්‍ෂණය කළ බවත් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු තම උදරයේ කොකේන් අඩංගු ගුලි තොගයක් ඇත්තේ යැයි හෙළි කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඉන් පසුව සැකකරුගේ ශරීරයෙන් ගුලි 17 ක් ඉවතට ගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 12 ක් පමණ වන්නේ යැයි ඇස්තමේන්තු කර ඇති බව ද සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මත්ද්‍රව්‍ය අඩංගු ගුලි ඉවතට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරදුන් බවත් සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උගන්ඩා ජාතිකයාගේ උදරයෙන් කෝටියක ‘කොකේන්’ එළියට ගනී
පිටරැටියා Wednesday, 28 September 2022 10:33 PM
ආයෙත් උගන්ඩාවෙන් කවුරු හරි ආවොත් ෂුවර් එකටම ඩොලර් ගිලපු කෙනෙක් වෙන්නම ඕනෑ...!
kasalasira Saturday, 01 October 2022 01:53 PM
සම්බන්ධකම් නැතිව ඉබාගාතේ ආපු ගමනක් නෙවෙයි. හොයලා බලමු...!