IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බෝම්බය පුපුරුවාගෙන මැරිලා මගේ දුව මේ රටට ලොකු ද්‍රෝහිකමක් කළා

(*** දසුන් රාජපක්ෂ)

සියලු දෙනාට ආදරය කිරීමට පුරුදුවන ලෙස මුස්ලිම් ආගමේ නාමයෙන් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ඉල්ලා සිටින බව දෙමටගොඩ මහවිල නිවාස සංකීර්ණයේදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය තරුණියගේ මව වන අබ්දුල් ෆරීඩා උම්මා මහත්මිය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හැඬු කඳුලින් සාක්ෂි දෙමින් ඊයේ (22) ප්‍රකාශ කළාය.

අභියාචනාධිකරණයේ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ  ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණි.

රජයේ නීතිඥවරිය ඇසූ ප්‍රශ්නවලට එහිදී පිළිතුරු ලබාදුන් අබ්දුල් ෆරීඩා උම්මා මහත්මිය මෙසේද ප්‍රකාශ කළාය.
රජයේ නීතිඥවරිය:- ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන්න?
සාක්ෂිකාරිය:- ගල්හින්න කියන ගමේ මම ඉපදුණා. අධ්‍යාපනය ලැබුවේ අටවසරට යනකම්. 1976 වර්ෂයේදී විවාහ වුණා. ස්වාමි පුරුෂයාගේ නම සාලි මොහොමඩ් ජෙෆ්රී 1988 වර්ෂයේදී මරදානේ පදිංචියට ආවා. මට දරුවන් හතක් සිටිනවා. 2019 අප්‍රේල් 21 වැනි දින දෙමටගොඩ මහවිල ගාර්ඩන් තට්ටු නිවාස සංකීර්ණයේදී බෝම්බයක් පුපුරුවාගෙන මියගියේ මගේ දරුවන් අතරින් එක් දුවක්.

රජයේ නීතිඥවරිය:- මියගිය ඔබගේ දුව ගැන විස්තර කරන්න?
සාක්ෂිකාරිය:- ඒ දුවගේ නම ෆාතිමා ජෙෆ්රි. ඇය සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා.

රජයේ නීතිඥවරිය:- ඇය පොත්පත් කියවනවද?
සාක්ෂිකාරිය:- කාටුන් වගේ දේවල් තමා බලන්නේ.

රජයේ නීතිඥවරිය:- විනෝදාංශයක් වශයෙන් ඇය මොනවා හෝ එකතු කළාද?
සාක්ෂිකාරිය:- උපන්දින කාඩ් එකතු කරන්න ආසයි. ඊට අමතරව ඇය ටී.වී. බලනවා.

රජයේ නීතිඥවරිය:- විවාහ වීමට පෙර ඇය මොනවාද කළේ?
සාක්ෂිකාරිය:- මා කළ ගෙදර වැඩවලට උදව් කරගෙන හිටියා. ඊට අමතරව ඇය කුකරි පන්ති ගියා. නිවසේ සිට කුරානය පාඩම් කරන වැඩද කළා.

රජයේ නීතිඥවරිය:- ඇය විවාහ වුණේ කවදාද?
සාක්ෂිකාරිය:- මට මතක හැටියට වසර හතකට පෙර.

රජයේ නීතිඥවරිය:- ඇය විවාහ වුණේ කා සමගද?
සාක්ෂිකාරිය:- ඒබ්‍රහම් ඉල්හාන් සමග.

රජයේ නීතිඥවරිය:- ඇයගේ විවාහය සිද්ධවුණේ කොහොමද?
සාක්ෂිකාරිය:- යෝජනා විවාහයක් සිදු වුණේ. උත්සව ශාලාවකදී ලොකුවට විවාහය සිදුකළා.

රජයේ නීතිඥවරිය:- විවාහ යෝජනාව ආවාට පසු ඉල්හාන් ගැන සොයා බැලුවද?
සාක්ෂිකාරිය:- සොයා බැලීමක් කළා. එයාලගෙ පවුල හොඳයි කියල හිතුණා. ඉල්හාන් කුළුබඩු ව්‍යාපාරයක් කළා. ඊට අමතරව ඉල්හාන් වැල්ලම්පිටියෙ අලුතින් ව්‍යාපාරික ස්ථානයක්ද ආරම්භ කළා. ඒව ගැන හොයලා බලල තමයි විවාහය කෙරෙව්වේ.

රජයේ නීතිඥවරිය:- ඔබ ඔය කියපු වැල්ලම්පිටිය ව්‍යාපාරික ස්ථානයට ගොස් තිබෙනවාද?
සාක්ෂිකාරිය:- මගේ මහත්තයත් එක්ක එක පාරක් ඒ ස්ථානයට මා ගිහින් තිබෙනවා.

රජයේ නීතිඥවරිය:- විවාහ වූ පසු දුව කොහෙද පදිංචියට ගියේ.
සාක්ෂිකාරිය:- දෙමටගොඩ මහවිල ගාර්ඩන් එකට තමයි ගියේ. එහි පළමු මහලේ හතරවැනි ගෙදර තමයි දුව බෑණයි ඒ පවුලේ අයයි සමග පදිංචි වුණේ. ඒ නිවසේ උඩුමහලේ කාමරයක ඇය සැමියා සමග සිටියා.

රජයේ නීතිඥවරිය:- ඔබගේ දුව ෆාතිමාට දරුවන් සිටියාද?
සාක්ෂිකාරිය:- ඇයට පිරිමි දරුවන් තිදෙනෙක් හිටියා.

රජයේ නීතිඥවරිය:- මියයන විට ඇයට දරුවෙක් ලැබීමට හිටියද?
සාක්ෂිකාරිය:- ඇය හිටියේ මාස දෙකහමාරක දරුගැබක් බඩේ දරාගෙන.

රජයේ නීතිඥවරිය:- විවාහ වූ පසු ඔබගේ ගෙදරට දුව නිතර ආවා ගියාද?
සාක්ෂිකාරිය:- එයා අපේ ගෙදර එනවා. යනවා. ඉල්හානුත් අපේ ගෙදර එනවා. (ඉල්හාන් යනු ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගත් එක් පුද්ගලයෙකි.) ටිකක් කල් යද්දී ඉල්හාන් අපේ ගෙදර එන එක අඩු වුණා. සමහර දවස්වලට එයා අපේ ගේ ඇතුළට එන්නේ නැතිව වාහනයෙන් ගේට්ටුව ළඟට ඇවිත් දුවව ආපහු එක්කන් යනවා. ඔහු මැරෙන්න වසර තුනකට පමණ පෙරයි ඒ වෙනස ඇතිවුණේ. වැඩ වැඩි නිසා මහත්තයට ඉස්සර වගේ එන්න බැහැ කියලා මම අහද්දී දුව කිව්වා.

රජයේ නීතිඥවරිය:- ඔබගේ අනෙක් දරුවන් එක්ක ඉල්හාන් කථාබහ කරනවාද?
සාක්ෂිකාරිය:- ඔහු කථාකර තිබෙනවා. කථා කළේ මොනවද කියලා නම් මම දන්නේ නැහැ.

රජයේ නීතිඥවරිය:- ආගම අදහන විදිහ ගැන ඉල්හාන් කථාකර තිබෙනවාද?
සාක්ෂිකාරිය:- මා සමග ඒ ගැන කථාකර නැහැ. නමුත් මගේ දරුවන් සමග ඒ ගැන කථාකර තිබෙනවා.

රජයේ නීතිඥවරිය:- ඔබගේ සැමියා සමග ආගම අදහන විදිහ ගැන ඉල්හාන් කථාකර තිබෙනවාද?
සාක්ෂිකාරිය:- වරක් අපි පූජා වට්ටියක් පූජා කළා. ඉස්ලාම් ආගම අනුව එසේ පූජා වට්ටි පූජා කිරීම තහනම් බව ඉල්හාන් මගේ සැමියා සමග පවසා තිබුණා. ඒ ගැන පොඩි කථාබහකුත් ඇති වුණා.

රජයේ නීතිඥවරිය:- ඔය සිදුවීම වුණේ දුව මියයෑමට කොපමණ කාලයකට පෙරද?
සාක්ෂිකාරිය:- මට ඒ ගැන හරියටම මතක නැහැ. මාස හයකට පමණ පෙර බව අනුමාන කර කිව හැකියි.

රජයේ නීතිඥවරිය:- ඔබගේ දුවගේ ජීවිතයේ වෙනසක් ඔබ දුටුවාද?
සාක්ෂිකාරිය:- කිසි වෙනසක් මා දැක්කේ නැහැ. ඇය ඉස්සර වගේම සාමාන්‍ය විදිහට ජීවත් වුණා.

රජයේ නීතිඥවරිය:- ඉල්හාන්ගේ වෙනස්වීම ගැන දුවගෙන් අසා තිබෙනවාද?
සාක්ෂිකාරිය:- බෝම්බ පිපිරීමක් වෙයි කියල අපි විශ්වාස කළේ නැහැ. ඔහු ආගමානුකූලව ජීවත් වනබවයි අපි හිතුවේ.

රජයේ නීතිඥවරිය:- හුසේන් ජෙෆ්රි කියන ඔබගේ පුතා විවාහ වන අවස්ථාවේ උත්සවයක් තිබ්බාද? එයට ෆාතිමයි ඉල්හානුයි ආවාද?
සාක්ෂිකාරිය:- මුලදී උත්සවයට එනව කියල කිව්වත් උත්සවය දවසෙදි ඔවුන් පැමිණියේ නැහැ. ආවෙ නැත්තේ ඇයි කියා කෝල්කරල දුවගෙන් අහද්දී උත්සව ශාලාවල තිබෙන උත්සවවලට යන්න ඉල්හාන් කැමැති නෑ කියා මට දැනුම් දුන්නා. ගෙදර උත්සවය තිබුණා නම් එන්න තිබුණා කියා ඉල්හාන් කියා තිබුණා. දුවගේ විවාහය සිදුවී වසර තුන හමාරකට විතර කලින් තමයි පුතාගේ විවාහය තිබුණේ.

රජයේ නීතිඥවරිය:- උත්සවවලට එන්නැති බව ඉල්හාන් කී බව ඔබ පැවසුවා. ඒ ඇයි කියා ඔබ දුවගෙන් ඇහුවාද?
සාක්ෂිකාරිය:- උත්සව ශාලාවල තිබෙන උත්සවවලට ඉල්හාන් කැමති නැති බව ඒ අවස්ථාවේදීත් දුව කිව්වා.

රජයේ නීතිඥවරිය:- ඇයි හෝටල්වල තිබෙන උත්සවවලට ඔහු අකමැති?
සාක්ෂිකාරිය:- ඒ ගැන මම එච්චර දුරට දුවගෙන් ඇහුවේ නෑ. එහෙම ඇසුවොත් ඒක ඒ අයට කරදරයක් වෙයි කියා මා හිතුවා. දුව බෝම්බය පුපුරගන්න මාසයකට විතර කලින් හොඳින් ඉන්නවා නේද කියා දුවගෙන් ඇහුවාම හොඳින් ඉන්නවා කියා ඇය කිව්වා. ඉල්හාන් හොඳින් ඇයට සළකන බවත් ඇය කිව්වා. ඒ වගේම මගේ දුවත් හොඳයි කියා ඉල්හාන්ගේ නැගණිය මා සමඟ පවසා තිබෙනවා.

රජයේ නීතිඥවරිය:- ඉල්හාන් වාහන පාවිච්චි කළාද?
සාක්ෂිකාරිය:- දෑවැද්දට අපි දුන්න කළු පාට ඇලියොන් කාර්එක තමයි නිතර ඔහු භාවිතා කළේ.

රජයේ නීතිඥවරිය:- ඉල්හාන් ඔබගේ පිරිමි පුතාලා සමග තිබුණ සම්බන්ධය මොනවගේද?
සාක්ෂිකාරිය:- ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. අපේ ගෙදර ආපු වෙලාවට ඒ අය කථා කරනවා. කථා කරපු දේවල් නම් මම දන්නේ නැහැ. අපේ ගෙදර ආපුවහම පිරිමි අය සමග විතරයි ඉල්හාන් කථා කළේ.

රජයේ නීතිඥවරිය:- ෆාතිමා ජෙෆ්රි මියගිය දිනය මතකද?
සාක්ෂිකාරිය:- ඔව් මතකයි. 2019 අප්‍රේල් 21 වැනි දින.

රජයේ නීතිඥවරිය:- මියගියේ කොහොමද?
සාක්ෂිකාරිය:- බෝම්බ පිපිරීමකින් මැරුණේ කියා දැනගත්තා.

රජයේ නීතිඥවරිය:- 2019 අප්‍රේල් 21 වැනි දින ඔබ කොහෙද හිටියේ?
සාක්ෂිකාරිය:- මා මරදානෙ ගෙදර හිටියේ.

රජයේ නීතිඥවරිය:- එදින තමන්ට දුරකථන ඇමතුම් ආවාද?
සාක්ෂිකාරිය:- දුව මට කෝල් ගත්තා.

රජයේ නීතිඥවරිය:- කෝල් කරද්දි මොකද කිව්වේ?
සාක්ෂිකාරිය:- දුවට හරි මහත්තයට හරි අසනීපයක්ද කියා මා ඇසුවා. එයා පදිංචි ගෙදරට එන්න කියා මට කිව්වා. ආවට පස්සේ විස්තර කියන්නම් කියලා ඇය දුරකථනය තිබ්බා. උදේ 10.30 ට විතර මම ත්‍රීවිල් රථයකින් දුවගේ ගෙදරට ගියා.

රජයේ නීතිඥවරිය:- තමන් දුවගේ ගෙදර යද්දි ඇය කොහෙද හිටියේ?
සාක්ෂිකාරිය:- නිවසේ උඩ පිහිටි ඔවුන්ගේ කාමරයේ සිට කුරානය කියවමින් සිටියා.

විනිසුරුමඩුල්ල:- දුව කියවපු කුරානයේ කවරය හා අකුරු මොන පාටද?
සාක්ෂිකාරිය:- පිටකවරය ලා දුඹුරු පාටයි. අකුරු රත්තරන් පාටයි.

රජයේ නීතිඥවරිය:- දුවගෙ නිවසට යද්දි ඇයගේ දරුවන් කොහෙද හිටියේ.
සාක්ෂිකාරිය:- ඒ අය කාමරයේ සෙල්ලම් කරමින් සිටියා. ඉල්හාන් කෝ කියල මම දුවගෙන් ඇහුවා. ඊයෙ රෑ එකට විතර ඇවිත් බබාව ඉඹලා අඬල ආපහු කොහෙද ගියා කියල දුව මට කිව්වා. ඉල්හාන්ට කෝල් කළා එයාගේ දුරකථනය වැඩ කරන්නේ නැහැ කියලත් දුව මට කිව්වා. අම්මා දරුවන්ව බලාගන්න මට කුරානය කියවල ඉවර කරන්න ඕනෑ කියලා දුව මට කිව්වා. මම දරුවන් අරගෙන සාලයට ගියා.

විනිසුරු මඩුල්ල:- දුව ඇඳගෙන හිටපු ඇඳුමේ වෙනස්කමක් තිබුණාද?
සාක්ෂිකාරිය:- වෙනදා අඳින සාමාන්‍ය ඇඳුම් තමයි ඇය එදත් ඇඳගෙන හිටියේ.

විනිසුරු මඩුල්ල:- 2019 අප්‍රේල් 21 වැනි දිනට පෙර ඔබ දුවව හමුවී තිබුණාද?
සාක්ෂිකාරිය:- ඔව්. ඇය මගේ නිවසට ඇවිත් කීවා ඇයට දරුවෙකු හමුවීමට සිටින බව.

විනිසුරු මඩුල්ල:- ඔබ අප්‍රේල් 21 දුවගේ නිවසට යන විට ඇයගේ වෙනසක් දැක්කාද?
සාක්ෂිකාරිය:- මම ඇය දකින විට ඇයගේ ඇස් දෙක රතුපාට වී තිබුණා.

විනිසුරු මඩුල්ල:- ඉන්පසු ඔබ කුමක්ද කළේ?
සාක්ෂිකාරිය:- මම දරුවන් අරන් සාලෙට ආවා. ඉන් පසු නිවසේ සිටි ඥාතියෙක් මට කෑමට එන ලෙස ආරාධනා කළා.

රජයේ නීතිඥවරිය:- කෑම කන්න යන විට ඔබ මොනවාද දැක්කේ.
සාක්ෂිකාරිය:- නිවසේ සිටි නෑදෑයින් දුකෙන් වාඩිවෙලා ඉන්නවා වගේ මම දැක්කා. දුකින් ඉන්නෙ ඇයි කියල මම ඇහුවා. ඒ අය හේතුවක් කිව්වේ නැහැ. අනිත් අය කෑම කාලා හිටියේ නැති බව මම දැක්කා.

රජයේ නීතිඥවරිය:- ඉන්පසු මොකද වුණේ?
සාක්ෂිකාරිය:- ලැප්ටොප් එකකට පෙන්ඩ්‍රයිව් එකක් ගහලා ඉල්හාන් කරන කථාවක් අහන්න දුන්නා. ඒ වීඩියෝ එක දාපු ගමන්ම ගෙදර දොරට කවුදෝ හයියෙන් ගහන සද්දයක් ඇහුණා. එතකොටම වගේ කවුදෝ නෑදෑ කෙනෙක් පෙන්ඩ්‍රයිව් එක ගලවලා සාලෙට යන්න හැදුවා.

රජයේ නීතිඥවරිය:- ගේට්ටුවට ගහන සද්දෙ ඇහෙද්දි මොකද කළේ?
සාක්ෂිකාරිය:- අපි සාලයට එද්දි හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් නිවස තුළට පැමිණ පිරිමි අය සහ ගැහැණු අය දෙපැත්තකට බෙදෙන්න කිව්වා. නිවසේ පඩිපෙළ නැගල උඩ කාමරයට යන්න පොලිසියෙන් හැදුවා. ඒ අය උඩට ගිහින් ටික වෙලාවකට පස්සේ හයියෙන් පුපුරණ සද්දයක් ආවා.

විනිසුරු මඩුල්ල:- එතකොට පල්ලෙහැදි මොකද වුණේ?
සාක්ෂිකාරිය:- දරුවන්ව පල්ලෙහට ගේන්න යන්න මම අවසර ඉල්ලුවත් මට අවසර ලැබුණේ නැහැ.

රජයේ නීතිඥවරිය:- පිපිරීම උනාට පස්සෙ පොලිසිය මොකද කීවෙ?
සාක්ෂිකාරිය:- ගෙදරින් අපිට එළියට යන්න කිව්වා.

විනිසුරු මඩුල්ල :-  අප්‍රේල් 21 ඔය කියන පිපිරීමට පෙර ඔබ දුවගේ කාමරයට යන විට එහි බෑග් එකක් හෝ වෙනත් විශේෂ දෙයක් තිබෙනවා දැක්කාද?
සාක්ෂිකාරිය :-  කාමරයේ කිසිදු වෙනස්කමක් මම දැක්කේ නැහැ. අලුතින් දෙයක් කාමරයේ තිබුණේ නැහැ.

විනිසුරු මඩුල්ල :- දුව බෝම්බයක් පුපුරා ගනීවි කියා ඔබට නිකමට හෝ සිතුනේ නැතිද?
සාක්ෂිකාරිය :- නැහැ. අබමල් රේණුවක වෙනසක් මම දුටුවේ නැහැ. බෝම්බය පිපිරීමෙන් පසු මා මරදානේ නිවසට ආ පසු තමයි දුව බෝම්බයක් පුපුරුවාගෙන ඇති බව ප්‍රවෘත්තිවලින් දැනගත්තේ. එතකන් මගේ හෘද සාක්ෂිය එය පිළිගත්තේ නැහැ. ෂ්‍රැංග්‍රිලා හෝටලයෙදි මගෙ බෑණත් බෝම්බයක් පුපුරවාගෙන ඇති බව මා ප්‍රවෘත්තිවලින් දැනගත්තා. මගේ දුව මේ රටට ද්‍රෝහීකමක් කරලා තියෙන්නෙ. කොපමණ ජීවිත නැතිවෙන්න ඇතිද? මේ රටේ මිනිස්සු මැරුණ එක ගැනයි මට දුක.

විනිසුරු මඩුල්ල:- මුස්ලිම් අන්තවාදීන්ට පණිවිඩයක් දෙන්න කැමතිද?
සාක්ෂිකාරිය:- අපි සියලුදෙනාම මනුෂ්‍යයන්. ඒ නිසා සියලුදෙනාටම ආදරය කළ යුතුයි කියා අපේ ආගමේ කියනවා.



අදහස් (4)

බෝම්බය පුපුරුවාගෙන මැරිලා මගේ දුව මේ රටට ලොකු ද්‍රෝහිකමක් කළා

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 08:04 AM

මේ මවගේ සැබෑ මානව දයාව හා සැමට ආදරය දැක්වීමේ උසස් ගුණය හෝ ඉස්ලාම් අන්තවාදීන් ඉගෙන ගැනීම කළ යුතුයි. මේ තීරය ඔස්සේද, සැබෑ ඉස්ලාම් ක්‍රමයට වෙනස්ව යන අන්තවාදයෙන් ඔලුව උදුම්මාගෙන සිටිනා සමහර දෙනා මේ ප්‍රවෘත්තිය සිය දහස් වරක් කියවා බලා තම මෝඩකම දුරුකරගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලමු. ඒ වගේම මේ කාරුණික මුස්ලිම් මාතාවට අපගේ ආදරබර ස්තුතිය..!!!

:       367       1082

DanTuesday, 23 June 2020 09:13 AM

බම්බුව තමයි. මෙයාලා කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ කියන්න බැහැ. දැන් බයිලා කියවනවා.

:       1508       1408

Fazil Tuesday, 23 June 2020 09:14 AM

එක් මනුස්සයෙක්ගේ ඝාතනය කළත් මුළු සමාජයම ඝාතනය කළ හා සමාන වෙන අතර එක මනුස්සයෙක් බේරාගතහොත් මුළු මිනිස් සංහතියම බේරාගත්තා හා සමානයි. මෙවැනි අදහස් මේ ජනතාවට පේන්නේ නැත්තේ ඇයිද දන්නේ නැහැ..

:       101       223

FernandoTuesday, 23 June 2020 10:13 AM

අනේ ඔයාලගේ දයාව... අපි දැක්කා මුහුදු මහා විහාරෙයි, කූරගලයි, දෙවනගලයි.

:       170       142

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 369 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1742 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1379 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 777 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1918 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site