IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කටුනායක - වේයන්ගොඩ අලුත් දුම්රියක් මාර්ගයක්

(මනෝජ් හර්ෂික)

කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(02) පැවැසීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරයින්ට හා දේශීය මගීන්ට කොළඹ නොගොස්  දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත්‍රීකුණාමලය වැනි ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව මේ තුළින් පවතින බවද අමාත්‍යවරයා එහිදී කීය.

නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට සඳහා ඇති හැකියාව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බලමින් සිටින බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

 



අදහස් (24)

කටුනායක - වේයන්ගොඩ අලුත් දුම්රියක් මාර්ගයක්

kolam boss Monday, 02 September 2019 07:14 PM

ඔහොම අපේක්ෂා කරන දේවල් සිද්ද වුනානම් ඇමතිතුමෝ මෙලහකට අපේ ක්‍රිකට් ටීම් එක 1996 න් පස්සේ ඔක්කොම ලෝක කුසලාන ටික අරගෙන ... අපේක්ෂා කරන දේවල් නිවුස් වෙන එක තමයි ලොකුම පුදුමේ ... හැමදාම තියෙන්නේ කරලා ඉවර වුන දේවල් නෙමෙයි අපේක්ෂා කරන දේවලුයි . දැන් මෙතුමා හිතන්නේ ලංකාවට සුද්දෝ එන්නේ ගුවන් තොටුපොලෙන් බැහැල කොළඹ නොගිහින් කෝච්චිවල වෙන පැතිවලට යන්න කියලද ? මොනවටත් කලින් අන්න අර මිගමුව සන්වර්දනයක් කරපල්ලා . පැය ගානක් ප්ලේන් එකේ ඇවිත් ගුවන්තොටුපොලෙන් බැහැල ලංකාවේ කොච්චි වල නැගල තවත් පැය ගණන් රස්තියාදුවෙන්න සුද්දෝ එන්නේ නැහැ . උන්ට ඕන ප්ලේන් එකෙන් බැහැල ලඟම තැනක රෙස්ට් කරන්න .

:       4       138

Chandima Monday, 02 September 2019 07:22 PM

ආ.. මේ..ඉදිකරන්න අපේක්ෂකරනවා. මමහිතුව ඉදිකරනවා කියල. චන්ද කිට්ටුවෙන්කොට පරදියි කියන බයට ඔයවගේ අපේක්ෂා පහළවෙනවා. ඉස්සර මැච් පරදින්න ලන්වෙද්දීත් ඔහොම විකාරරුපි අපේක්ෂා පහලවුන නේද?

:       30       140

ananda Monday, 02 September 2019 09:31 PM

පහුගිය කාලෙ දඹුල්ලටත් රේල්පාරක් හැදුව වගේ මතකයකක් තියෙනවා

:       35       59

janahitha Tuesday, 03 September 2019 12:36 AM

කරන්න තිබුන රට පාලනය කල දැනට පාලනය කරන අයගේ මුදල් අපහරණය නැවැත්තුව නම් මහා බැංකු වංචාවේ මුදලින් මුළු රටේම මාර්ග නවීකරණය දියුණු කරන්න තිබුන

:       21       102

නමින්ද Tuesday, 03 September 2019 01:05 AM

රටතුල අළුත් දුම්රිය මාර්ග සකසන මේ කාල‍යේ 1970 ත් 1977 ත් අතර පැවති සමගි පෙරමුණු රජය විසින් වසා දැමූ කැළණිවැලි දුම්රිය මාර්ගයත් නැවත ඉදිකිරීමට පියවර ගන්නේනම් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් දුම්රියක යන්න වාසනාව ලැබේවි.

:       0       164

Gamarala Tuesday, 03 September 2019 01:05 AM

තව දුම්රිය මාර්ග අවශ්‍ය නැහැ. තියන ඒවා කාර්යක්ෂම කලාම ඉවරනේ. අනෙක ඒ අයට රාගමට එන්න පුළුවන්නේ කොළඔ එන්නේ නැතිව.

:       54       31

Gamarala Tuesday, 03 September 2019 01:05 AM

තව දුම්රිය මාර්ග අවශ්‍ය නැහැ. තියන ඒවා කාර්යක්ෂම කලාම ඉවරනේ. අනෙක ඒ අයට රාගමට එන්න පුළුවන්නේ කොලොන්බා එන්නේ නැතිව.

:       1028       1012

unknownTuesday, 03 September 2019 04:11 AM

ඒ මොන ගොන් කතාවක් ද. එක රේල් පාරක් හැදුවොත්, ට්‍රැපික් කොච්චර අඩු වෙයිද.

:       40       104

Gamarala Tuesday, 03 September 2019 05:47 AM

ඒක නම් හරිම නොගැලපෙන කතාවක්. රේල්පාර දාන්න යන වියදමයි,විනාශ වන සම්පත් එක්ක බැලුවම පැය භාගයකට වරක් දුවන විදුලි දුම්රියක් කටුනායක හා රාගම අතර දුවවන්න පුළුවන් බව තේරෙන්න ඕන. සීග්‍රයෙන් විනාශයට පත්වන සාරවත් ගම බිම් අපි රැක ගත යුතුයි. දියුණු රටවලට ගිහින් බැලුවනම් දැනගන්න පුළුවන්.

:       8       2

කෝරලේ මහත්තයාTuesday, 03 September 2019 12:05 PM

ඔය ගමරාලද මහදැනමුත්තාගෙන් ඔළුව හිරකර ගත්ත එලුවා බේරගන්න උපදෙස් ගත්තේ...?

:       0       0

දකුණේ බුද්දීමතා Tuesday, 03 September 2019 02:52 AM

අලුතින් දුම්රිය මාර්ග , අදිවේග මාර්ග උවමනා වෙන්නේ දකුණේ අයට පමණයි.

:       20       36

sharm warn Tuesday, 03 September 2019 03:22 AM

සහෝදරවරුනි ... මේ චන්ද ගුණ්ඩු මුදා හරින කාලයයි .. ඇති තරම් හිනා වෙන්න ..නමුත් චන්දය නිවැරදි ව භාවිතා කරන්න ..කරුණා කරලා 70 වසරක රැවටීම් වලට තව 5ක් එකතු කර ගන්න එපා ....

:       66       78

sam Tuesday, 03 September 2019 03:33 AM

මිනුවන්ගොඩට දුම්රිය නැහැ එකයි , මුලික හේතුව ,ගමට වැඩක් කරන්න

:       11       5

San80 Tuesday, 03 September 2019 03:37 AM

මමනම් හිතන්නේ නෑ විදේශිකයෙකු දීර්ග ගුවන් ගනමකින් පසු කෙලින්ම බදුල්ල යාපනයට අපහු දුම්රියේ යයි කියල. අඩුගානේ ඔවුන්ට අන්තර්ජාලයෙන් ආසනයක් වෙන්කරගන්නවත් පහසුකමක් තියෙනවද ලංකාවේ ??? බිම් මට්ටමින් ප්‍රශ්න අවබෝධ නොකර සොයන පිළිතුරු තාත්වික නෑ. ඕක හොඳයි වේයන්ගොඩ ඉඳන් කටුනායක වැඩට එන අපේ මිනිස්සුන්ට.

:       51       101

unknownTuesday, 03 September 2019 04:08 AM

විදේශිකයන්ට විතරද ඕනේ, අපිටත් ඕනේ.

:       4       15

dinesh Tuesday, 03 September 2019 03:54 AM

චන්ද කාලයට ඇමති ගොල්ලෝ හරිම කර්යක්ෂමය්. වචන නැතිව ක්‍රියාව තමයි වැදගත් වන්නේ .

:       3       4

magiya Tuesday, 03 September 2019 04:57 AM

දුම්රියමාර්ග ඉදිකරීමට පෙර ඔලමොට්ටල දුම්රිය වර්ජකයන් හා දුම්රිය සේවක සංගම් නවතා දැමීමට කියා කරනු ! එවිට විදෙසිකයෝ පමණක් නොව දේශීය සංචරකයොත් වැඩියන් දුම්රියෙන් ගම්න්ගනු ඇත. සියලුම දුම්රිය මගීන්ගේ විස්වාසය වැඩිවනු ඇත. ඉන් පසුව නව මාර්ග ඉදි කිරීමට කියකරනු!

:       0       270

රටවසිය Tuesday, 03 September 2019 05:29 AM

යහපත ට හිතන්න හිතක් නොමති .කුහකම තිබෙනකන් රට හදන්න සක්කරයටත් අමාරුයි

:       0       1

ajith Tuesday, 03 September 2019 05:47 AM

මේ යෝජනාව ඉතාම සුදුසු කාර්යයක්. කෙසේ හෝ මෙය ඉටුවෙනවා දැකීම අපගේ බලාපොරොත්තුවයි. ඒ කාලේ හම්බන්තොට පැත්තේ පලක් නැති වැඩ කරන කොට මේවගේ කතා කවුරුවත් කිව්වේ නැත්තේ සුදු වැන් වලට තිබුන භය නිසාද ?

:       0       1

dumriya sewaka Tuesday, 03 September 2019 06:00 AM

වර්ජන නොමැති විස්වාසනීය සේවයක් ඇති කිරීම තුලින් හා දැනට තිබෙන සම්පත් හා දුම්රිය මාර්ග සංවර්ධනය කර, අදායම වැඩිකර දෙවනුව නව මාර්ග ඉදි කිරීම කරන්න.

:       0       4

kamal Tuesday, 03 September 2019 08:44 AM

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත්ව ඇති තත්වය ගැන අපේ සංවේගය.

:       2       0

lalithm Tuesday, 03 September 2019 09:07 AM

මොකක් හරි දුම්රිය පාරක් කියන්නේ රටට යහපතක්. කැලණිවැලි පාර නැවතත් රත්නපුරට දමනවා නම් නියමයි. අවාසනාවට පහුගිය කලේ පාර තිබුණු ඉඩම් නිකම් බෙදල දීලා දැම්මා දේශපාලුවෝ. නැවත අත්පත් කරලා හරි පාරට දැම්මොත් සියගණන් බස් දුවන්න ඕනේ නැහැ.

:       0       11

lankamatha Tuesday, 03 September 2019 10:05 AM

මැදවච්චිය - තලෙමන්නරම් , මැදවච්චිය - යාපනය , ගල්ඔය - මඩකලපුව , ගල්ඔය තිරිකුණාමලය , යන දුම්රිය මාර්ගවල දිනකට ධාවනය දුම්රිය ගණන කීයද ?

:       0       0

Jonn Tuesday, 03 September 2019 11:47 AM

ඔය ඔක්කොටම කලින් දුම්රිය මැදිරිවල වැසිකිළිවල මලපහ එකතු කරන්න සහ ආරක්‍ෂිත ලෙස බැහැර කරන්න ක්‍රමයක් හදන්න. ඔක්කොම ජරාව රේල් පාර දිගේ! කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 785 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 314 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1160 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 762 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 717 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 2084 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site