(මනෝප්රිය ගුණසේකර)
ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන මැයි මස 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28) තීරණය කළේය.
සාධාරණ නඩු විභාගයක් සඳහා අවශ්‍ය ලේඛන 50,000 ක් පමණ විත්ති පාර්ශ්වයට ලබාදීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා ගොනු කර මාස 07 කට පසු චෝදනා නිසි පරිදි ගොනු කර නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කරන්නේ මෙම නඩු විභාගය කල් යවා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් බව කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මෙම නඩුව කැඳවනු ලැබූ මුල් අවස්ථාවේදීම සාමාන්‍ය නීතීය යටතේ පැවරිය යුතුව තිබූ නඩුවක් පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තත්වය අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි කියමින් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ පසු දෙවැනි වතාවට මෙම මූලික විරෝධතාවය ඉදිරිපත් කර තිබිණි.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨාභයට එරෙහි මූලික විරෝධතා පෙත්සමේ තීන්දුව මැයි 7 ප්‍රකාශයට
ධනුෂ්ක Thursday, 28 March 2019 12:10 PM
ජනාධිපති වෙච්ච අනින් අයනම් පත් වෙන්ඩ කලින් මෙහම චෝදනා වලට ලක් වෙලා නෑ. පත් වුනාට පස්සෙයි මඩ නෑවේ. හැබැයි එ්කට මෙතුමා. එහෙම කෙනෙකුට රට දුන්නොත් මොනා වෙයිද.
sirimal Thursday, 28 March 2019 12:28 PM
දැන් මේ වෙන දේවල් ගැන හිතා බලන කොට මැයි මාසේ 7 වෙනිදා වෙනකොට කෝච්චිය ගිහිල්ල තියෙන්නත් බැරි නැහැ. කොහොම උනත් ඊට පස්සේ කල් ගන්න වෙන්නේ තව මාස දෙකතුනකට විතරයිනේ. අවුරුද හතර හමාරක් කල් ඇද්ද එක මාස දෙකතුනක් කියන්නේ මොන කජ්ජක්ද? මදැයි හොරුන්ට දඬුවම් දෙන්න කියලා යහපාලනයක් ගෙනාවා. අපේ මාදුළුවාවේ නායක ස්වාමින් වහන්සේ හිටියානම් උන්වහන්සේට මොනවා හිතෙයිද?