(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදේ දී ගිනිගත් එම් ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට විසිර ඇති ඉන්ධන සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය.
එසේ විසිරී ඇති ඉන්ධන වර්ගය ඩීසල් නොවන බවත් ඊටත් වඩා ඝණකමින් යුත් ඉන්ධනයක් බවත් පෙනී යන්නේ යැයි ද ප්‍රදීප්කුමාර මහතා කීය.
මීට දින කිහිපයකට පෙර ද මෙසේ තෙල් තට්ටුවක් එහි හඳුනාගත හැකි වූ බවත් එම තෙල් තට්ටුව විසුරුවා දියකර හැරීම සඳහා රසායනික යෙදීම සිදුකළ බවත් මේ වනවිට දැකිය හැකි වන්නේ ඉන්පසු මතුවූ තෙල් තට්ටුව බවත් සාමාන්‍යධිකාරිවරයා පැවැසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ඉන්ධන විසිරීමක් සිදුව සාගර දූෂණයක් සිදුව ඇති බැවින් මේ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අදාල නැව් සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැළසුම් කරමින් සිටින බව ද ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
මේ කාන්දුවන්නේ නෞකාවෙන් නිකුත් වන තෙල් බව පැහැදිලි නමුත් ඒ එහි ගබඩා කර ඇති බොරතෙල් ද නැතිනම් නෞකාවේ භාවිතය සඳහා යොදා ඇති ඉන්ධන ද යන්න පැහැදිලි නැතැයි කී ඔහු ඒ පිළිබඳ යමක් පැවැසීය හැක්කේ රස පරික්ෂක වාර්තාව ලද පසුව යැයි ද කියා සිටියේය.
මෙම තෙල් තට්ටුව සෙන්ටිමීටර් දෙකක් පමණ ඝණට පවතින බවත් හෙතෙම කියා සිටියේය.
විසිඑක් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම මේ වනවිට නෞකාව තුළ පරීක්ෂණ පවත්වමින් සිටින බවත් විදේශිය ආපදා කළමනාකරණ විශේෂඥයින් 17 දෙනෙකු හා ආපාදා කළමණාකරණය පිළිබඳ විශේෂඥ පුහුණුව ලත් නාවික හමුදාවේ සිව්දෙනෙකු ඊට අයත් බවත් පැවසූ සාමාන්‍යධිකාරිවරයා ආපදාවට ලක්වූ නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් නාවික සැතපුම් 50 ක් පමණ ඈතට ගෙන ගොස් ඇතැයි ද සඳහන් කළේය.
පැනමා රාජ්‍යයේ ලියාපදිංචිය ඇති ග්‍රීක සමාගමකට අයත් එම් ටී නිව් ඩයමන්ඞ් ඉන්ධන ප්‍රවාහන නෞකාව කුවේට් සිට නැගෙනහිර ඉන්දියාවේ ඔඩිශා ප්රානත්යේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් සිටිය දී ඉකුත් 3 දා උදෑසන ගින්න හට ගැනිණි.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොරතෙල් නෞකාවේ ඉන්ධන සාම්පල රස පරීක්ෂකට