(ඩයනා උදයංගනී)
ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ ගෑස් අර්බුදය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ආහාර සැපයීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.
කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්‍ෂා රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල ආදී ප්‍රධාන රෝහල මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය රෝහල් රැසක මෙම තත්වය මතුව ඇති බව සඳහන්ය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වන රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ලබාදෙන ආහාර මාස හතරක පමණ කාලයක් තිස්සේ සීමා කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මේ වන විට එළවළු වර්ග දෙකකින් පමණක් සමන්විත ආහාර වේලක් රෝගීන්ට ලබාදෙමින් ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය පෝෂණීය ආහාර ලබාදීමක් නොවන බවත් එම ප්‍රකාශකයා කීවේය.
වට්ටක්කා, පරිප්පු, අල, අඹ, කැරට් ආදී වෑංජන දෙකක් මිස මාළු පෙත්තක් හෝ බිත්තරයක් ලබා දීම මෙන්ම මීට පෙර රෝගීන්ට ලබාදුන් පළතුරු, යෝගට් ආදී අතුරුපස ලබාදීම ද නවතා ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.
දියවැඩියා සහ වකුගඩු රෝගවලින් පෙළෙන රෝගීන්ට නිසි ආහාර වේලක් ලබා නොදෙන අතර සෞඛ්‍ය සේවකයින්ට පොල් සම්බෝල, පිපිඤ්ඤා, අර්තාපල් සහ වට්ටක්කා ආදිය සමඟ බත් පිරිනමන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි එම ප්‍රකාශකයා පැවසීය.
එමෙන්ම ඇතැම් රෝහල්වල ගැබිනි වාට්ටුවල සිටින මවුවරුන්ට ද මේ වන විට ලබාදෙන්නේ පොල් සම්බෝල, අල හොදි ආදිය බවත්, ධාන්‍ය වර්ග ආදිය ලබාදීම සිදුනොවන බවත් වාර්තා වේ.
මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අපහසුතා හේතුවෙන් නිවසේ සිට දුර බැහැර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට නිවෙස්වලින් ආහාර රැගෙනයාම ද ගැටලුවක් වී ඇත.
මේ හේතුවෙන් රෝහල්වලින් සපයන ආහාර ප්‍රමාණය රෝගීන්ට ලබාදීමට ප්‍රමාණවත් නොවන අවස්ථාද පවතින බව වාර්තා වේ.
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි
siri Saturday, 02 July 2022 07:44 AM
මේක ඉතියෝපියාවටත් වඩා අන්ත වෙලා. හොර තක්කඩි නායකයින් අවුරුදු දෙකෙන් රට විනාශ කළා... දැන්වත් ඉවත් වෙලා යන්න.