IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


මැදමුලන නඩුවෙන් ජනපති නිදහස්

නිමන්ති රණසිංහ

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බැවින් එම චෝදනා වලින් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව රාජපක්ෂ මහතා මුදා හැරිණි.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත්කළ විශේෂ මහාධිකරණය ජනාධිපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මුදා හරිනු ලැබිණි.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් සම්බන්ධව නඩුව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද අධිකරණය දැන්වීය.

මෙම නියෝගය දෙනු ලැබුවේ අද (21) මෝසමක් සළකා බැලීමෙන් පසුවය.

 



අදහස් (44)

මැදමුලන නඩුවෙන් ජනපති නිදහස්

Gamage Thursday, 21 November 2019 05:27 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... දැන් මොකට නඩු අහනවද?

:       0       2

Chandana Thursday, 21 November 2019 05:30 AM

මෙය අපි දැක්කා. ඉදිරියටත් මෙහෙම වේවි... මෙය ආරම්භයක් පමණි. රටට 33 කෝටියක් දෙවියන්ගේ පිහිටයි.

:       4       36

aruna Thursday, 21 November 2019 05:32 AM

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිගේ වැඩ තහනම් කිරීම ඉක්මනින් කළ යුතුයි. වැඩ බලන පොලිස්පති පාස්කු ප්‍රහාරකයේ කුමන්ත්‍රණකරුවන් ඇල්ලීමට මැලි කමක් දැක්වූ නිසා සහ තම රාජකාරියෙන් ඔබ්බට ගොස් ඇතැමුන්ට චරිත සහතික දීම නිසා අලුත් අයෙක් පොලිපති ලෙස පත් කළ යුතුයි.

:       177       191

Ranabahu Thursday, 21 November 2019 05:32 AM

දැන් මොකටද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ ? ඒවා අහෝසි කර විනිසුරුවරු ගෙදර යවමුද ?

:       251       916

raviThursday, 21 November 2019 06:37 AM

ඒක ඕන. වියදමට වඩා හතර ගුණයක් ගෙවූ පසුත් නඩු දාන්න නොවේ මහබැංකු හොරු අල්ලන්න.

:       125       49

harischandraThursday, 21 November 2019 07:00 AM

ඔය ආණ්ඩුව ජනතා අධිකරණේ අහල තීන්දුවත් දීලා ඉවරයි . දැන්වත් තමන්ගේ වැඩ පාඩු කරගන්නේ නැතිව ඉන්න.

:       70       15

මල්ලිThursday, 21 November 2019 08:30 AM

ජනතා අධිකරණයේ නෙමෙයි බයි අධිකරණයේ.....

:       58       324

anuraThursday, 21 November 2019 11:54 AM

දන්නේ නැත්නම් ඉගෙන ගන්න. ජනතා පරමාධිපත්‍යය තමයි උසාවි වලට දීලා තියෙන්නේ

:       154       2

BamunuarachchiFriday, 22 November 2019 02:26 AM

කව්රු කව්රුත් මෝඩකම් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 35 (1) කියවන්නකෝ.

:       38       17

HafeelThursday, 21 November 2019 07:19 AM

මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ ජනතාව මුලා කරපු එකක්.

:       19       0

විජිත් Friday, 22 November 2019 08:11 PM

දැන් අවුරුදු 4ක් තිස්සේ මේ නඩු ඇදගෙන ආවා. නඩු කාරයින් මඩු වලිගයෙන් තලා පාරේ දණගැස්සවිය යුතුයි. වැඩක් නැහැ... අපි මේ බව කාලෙකට ඉහත කීවා. අපි අපේ කාලය, වචන, අපතේ යවාගත්තා. තව මාස 2න් විතර පරණ පුරුදු භීෂණය පටන් නොගත්තොත් බලන්න. ඊට පස්සේ රට කනවා. කාලා කාලා ඇතිවුනාම දරුමුණුපුරන්ට කන්න දෙනවා. ඊට පස්සේ ඡන්දය එනවා. ඡන්දෙන් අනිත් පැත්තේ හොරු ටික දිනනවා. නැත්නම් දිනවනවා. ඒ එන අලුත් සෙට් එක පරණ හොරුන්ව ආරක්ෂා කරනවා. මේ රටට ප්‍රබල විප්ලවයක් අවශ්‍යයි. එහෙම නැතිනම් ප්‍රබල හමුදා මැදිහත්වීමකින් රාජ්‍ය බලය පවරා ගතයුතු වෙනවා. එහෙමත් නැතිනම් කුලී හේවායන් රැසක් මගින් රජයේ පාලකයින්ව අත්අඩංගුවට ගෙන ප්‍රබුද්ධ පාලකයෙකුට රට බාරදියයුතු වෙනවා. ඒ වගේම ප්‍රංශයේ නැපෝලියන් කලා වගේ ආගමයි, රාජ්‍යයයි එහෙම පිටින්ම වෙන් කලයුතුයි. රටේ පාලනයට, දේශපාලනයට කිසිම ආගමික පූජකවරයෙකුට ඇඟිලි ගැසීම තහනම් කළ යුතුයි. ඒ අයගේ උපදෙස් නොගත යුතුයි. අවුරුදු 71ක්ම ඒ අයගේ උපදෙස් ගත්තනේ. ඒ අය නිසා අනර්ථයක් සිදුවුනේ " සිල්වත් සුපෙක්ෂාකාමි හිමිවරුන්ටයි". මේ ක්‍රමය වෙනස් නොකොට මෙරට ආර්ථික සහ සාමාජීය අංශයෙන් දියුණුවක් වෙන්නේ නැහැ කවදාවත්..

:       0       4

RanjithSaturday, 23 November 2019 03:41 AM

මේ 35 වන වගන්තිය කියන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව... දැනට තිබෙන මුක්තියේ විශේෂත්වය තමයි ජනාධිපතිවරයා විසින් කරන කිසිම කාර්යයකට අපරාධ හෝ සිවිල් නඩු කාර්යයක් අාරම්භ කළ නොහැකි වීම... නමුත් යෝජිත සංශෝධනය 35 (1) වගන්තිය ව්‍යවස්ථාවට අැතුළත් කරමින් කියනවා ජනාධිපතිවරයා විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වුවහොත් එවැනි අවස්ථාවක මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ හැකියි කියන එක... හැබැයි මැදමුලන නඩුව ජනාධිපති වෙන්න කලින් .... නව ජනාධිපති නෙමෙයි මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කරේ...

:       0       1

suranjith Thursday, 21 November 2019 05:39 AM

තනතුරේ විශේෂ වරප්‍රසාද ඔහොම යන්..........

:       2       613

මන්කොල්ලසේනThursday, 21 November 2019 07:04 AM

මහා බැංකුවේ ප්‍රධාන මංකොල්ලකරු මේ රජයේම කෙනෙක් නිසා ඒ නඩුවත් නිශ්ප්‍රභා කරමු.

:       12       206

nayan Thursday, 21 November 2019 05:41 AM

දැන්නේ නියම ඡන්ද ප්‍රතිඵල එන්නේ.

:       27       2143

indika Thursday, 21 November 2019 05:42 AM

මාරයි නේ...

:       21       293

රවින් Thursday, 21 November 2019 05:55 AM

මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යය වේ. ජනාධිපතිට විරුද්ධව අලුතින් නඩුවක් ගොනුකළ නොහැකි බව ඇත්තකි. නමුත් පවතින නඩුවක් පවත්වාගෙන යත නොහැකිද? තව කරුණක් නම් ජනාධිපතිට විරුද්ධව අපරාද නිතිය බල පැවැත්වෙන ආකාරයයි.

:       208       643

senaThursday, 21 November 2019 06:39 AM

මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. දැන් යම්කිසි කෙනෙක්ට මිනි මැරුම් නඩුවක් තියෙනවා කියමුකෝ. ඒ කෙනා රටේ ජනාධිපති උනොත් නඩුවෙන් නිදහස් වෙනවාද? එහෙමත් නැතිනම් ඒ කෙනා උසාවියට කැදවන්න උසාවියට බලයක් නැති නිසා ඒ කෙනාගේ ජනාදිපති මුක්තිය ඉවරවෙන කල් ඉදලා නඩුව අහනවාද ? නිතිය ගැන දන්නා කෙනෙක්ට පුලුවන්ද පැහැදිලි කරන්න.

:       1       206

රෝයිThursday, 21 November 2019 08:02 AM

මේ ලංකාව කියලා ඔබ දැනගෙන හිටියේ නැද්ද?

:       0       19

karuThursday, 21 November 2019 08:32 AM

මොන නඩුද...?

:       0       55

padminiFriday, 22 November 2019 07:28 AM

ඔයා බයිලන්තයේ නීති ගැන දැනුවත් නැද්ද ? බන්දු වගේ නාට්‍යක් බලාගෙන ඉන්නකෝ.

:       0       10

d.upulThursday, 21 November 2019 11:02 AM

මේක තමයි මහත්තයෝ නගානන්දලා පුන පුනා කිව්වේ. නිදියගෙනද හිටියේ?

:       22       44

kamaniThursday, 21 November 2019 12:41 PM

ඕවා කොහෙද වහල්ලුන්ට තේරෙන්නේ.

:       0       53

delgoda Thursday, 21 November 2019 05:57 AM

මේ නඩුව මහාධිකරණයක අසන්න පදනමක් නැති නඩුවක් නිසා නිතරම ඉහල උසාවි වල තහනම් නියෝග හමුවේ ක්‍රියාත්මක විය.

:       291       113

nadubadu Thursday, 21 November 2019 05:59 AM

නීතිය මාරයි..නවලා හමාරයි...

:       720       1253

Tharindu Perera Thursday, 21 November 2019 06:02 AM

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුත්තේ ‌මෙන්න ‌මේ නිසයි. මගේ රටට දළඳා හිමි සරණයි !

:       285       842

gonawala sunilThursday, 21 November 2019 06:29 AM

තරිඳු, මේක විධායකයේ ගැටළුවක් නොවේ. බොරුවට ගොතපු නඩු ගෙන යාම කාලය කා දැමීමක්.

:       822       103

kamaniThursday, 21 November 2019 08:05 AM

බොරුවට ගොතපු එකක්නම් ගෝඨා ඒ මුදල් නැවත දුන්නේ ඇයි?

:       0       119

රජින්ද Thursday, 21 November 2019 06:15 AM

රුපියල් කෝටි බිලියන ගානක් මේ රටේ මිනිස්සුන්ට නැති කරපු අය තමන්ගේ විරුද්ධවාදියාව මර්දනය කරන්න දාපු නඩු සියල්ලක්ම නිෂ්ප්‍රභ විය යුතු බවයි මගේ හැගීම. කොහොමත් රටේ ජනාධිපතිට එරෙහිව නඩු විභාග කරන්න බැහැ. අනික පසුගිය මැතිවරණ කාලේ මේ රටේ ජනමතය කෘතිමව වෙනස් කරන්න මිනිස්සුන්ව මුලා කිරීමට දායක වූ සියලුම මැති-ඇමතිවරු සහ ඔවුන් ඉදිරිපත් කළ ඒ බොරුකාරයින්ව වහාම ස්වාධීන අධිකරණයකට යොමු කිරීමත් වැදගත්. එය මේ රටේ ඉදිරි මැතිවරණ වලදී ජනතාවගේ ජන්ද අයිතියට ගරු කිරීමක්.

:       1078       217

ගල්මංගොඩ Thursday, 21 November 2019 06:18 AM

පොල් පරාල තමන්ගෙ ඇහේ හිරවෙලා තියෙද්දී අනුන්ගේ ඇස් වල පොල් කෙදි සෙව්වා. මේ රටේ ම හිටපු ඇමතිවරයෙක් වන ඩී.ඒ රාජපක්ෂගේ සොහොන හැදුවේ. අනිත් අතින් මා පිය සොහොනක් ඉදිකරේ. ඒ දේට මෙච්චර ගැරහුවත්... රජයේ මුදලින් රට පුරා ප්‍රේමදාස පිළිම හැදුවේ කොහොමදැයි " පොහොට්ටුවේ කිසිවෙක් චෝදනා කළේ නැත.." වැඩිපුර ම මඩ ගහන අය ලග බොහෝ වැරදි ඇති බව ජනතාව දැන් දනී. අනූව දශකයේ මෙන් කන්න බොන්න දී නොමිලයේ පහසුකම් දී රටවල් අල්ලන්න නොහැකිය. මිනිසුන් බුද්ධිමත්ය. සමාජ ජාලා ඔස්සේ දැනුම නිරතුරු යාවත්කාලීන වේ. එජාප මඩ දේශපාලනය දැන්වත් නවතා බහුතර පිලිකුලට හේතුවන පුද්ගලයින් පක්ෂ සහ ප්‍රතිපත්ති නිර්ලෝභීව ඉවත් කොට දමා වැදී ඇති ලේබල් ගලවා දමා නවීන් දිසානායක වැනි තරුණයෙකුට පක්ෂය භාර දිය යුතු ය. සජිත් වේදිකාවේ දී ජනතාවට කී බොලද කතා නිසාම ඔහු අති ප්‍රබල රාජපක්ෂවරු සමග තරග කිරීමට නුසුදුසු බව පසක් වී හමාරය. දෙවැනිවර පරාජය කිරීමට ඇත්තේ මහින්දටත් වඩා දැවැන්ත විය හැකි චරිතයකි. මේ ලද නායකත්වය සැබවින් ම සිහිනයක් සැබෑ වීමකි. කොළඹ අද දකින සංවර්ධනය රට පුරා දැකිය හැකි කාලයක් උදා වනු ඇත.

:       1147       409

Tharindu PereraThursday, 21 November 2019 10:54 AM

හොඳයි එහෙනම් අපි හිතමුකො ඒ ‌දේ එහෙමම සිද්ධවෙයි කියලා. බැරිවෙලාවත් ‌එහෙම ‌නොවුනොත්?

:       0       33

KumaraThursday, 21 November 2019 10:56 AM

ශ්‍රී ලංකන් එක එමිරට්ස් එක්ක තියෙද්දී වසරකට ඩොලර් මිලියන 400 ක ලාබයක් ලෙස ලංකාවට දුන්නා.

:       1       12

Kumara Thursday, 21 November 2019 06:39 AM

මේ සම්බන්ධව කලින් ගෙවපු මුදලුත් ආපහු දෙනවද?

:       2       127

kamal Thursday, 21 November 2019 06:43 AM

දැන් ඉතින් නඩුත් හාමදුරුවන්ගේ............. බඩුත් හාමදුරුවන්ගේ..............

:       169       819

සෑම් Thursday, 21 November 2019 06:48 AM

මටත් නඩු ගොඩක්ම තියනවා. ඒනිසා මම ඊළඟ පාර කොහොම හරි ජනාධිපති වෙනවමයි.

:       8       589

Nimal Thursday, 21 November 2019 07:23 AM

රටක නීතියේ ආධිපත්‍යය අසීමිත බලයක් විසින් යටපත් කරනවා නම් අපි අවාසනාවන්තද? මට නන්දා මාලනියගේ ගීතයක් මතක් වුනා.

:       0       4

lalithm Thursday, 21 November 2019 09:25 AM

කළු සල්ලි සුදු කරන්නත් නීතිමය ක්‍රම තියෙනවනේ කොටස් වෙළඳපොල වගේ. ඉතින් කොයි දේ දිහත් උපේක්ෂාවෙන් බලා ඉන්න පුරුදු වුනොත් රටට මොකක් හරි වෙනසක් වෙයිද කියලා බලමු. හොඳක් උනේ නැතිනම් මහා මැතිවරණයේදී ජනතාව තීන්දුවක් දේවි.

:       1       46

imesh Thursday, 21 November 2019 09:51 AM

මේව දැක්කම කටට එන දේවල් ඉස්සරනම් කියල දැම්මා, එත් දැන් එහෙම ඕනේ නැහැ.

:       0       40

nimal Thursday, 21 November 2019 09:58 AM

පුදන කොටම කාපි යකා කිව්වලු.

:       0       115

Bamunuarachchi Thursday, 21 November 2019 11:33 AM

අධිකරණයේ ස්වාදීනත්වයට අපි ගරු කල යුතුය.

:       167       4

Chanak los angelesThursday, 21 November 2019 10:24 PM

අපි හිතන්නේ ගරු කල යුත්තේ පැවැති පාලනයටයි...

:       0       9

Bamunuarachchi Friday, 22 November 2019 02:35 AM

ඔය නිදහස ලැබුනේ ගෝඨාභය ජනාධිපති වුන නිසාම නොවෙයි. 19 වෙනි සංශෝධනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) ට අනුව රවී කරුණානායක ජනාධිපති වුනත් ලැබෙනවා. මිනිසුන්ගේ නොදන්නාකම හොඳට පෙන්වනවා ත්‍රිපුද්ගල මහාධිකරණයටත් ඉහලින් හිතන්න ගියාම.

:       2       0

Kumara Friday, 22 November 2019 03:31 AM

මේ නඩුවේ අනිත් විත්තිකරුවන්ට විරුද්දව තව දුරටත් නඩුව පවත්වාගෙන යා යුතුය. එවිට මෙහි ඇත්ත දැනගත හැක.

:       0       1

Kumar Friday, 22 November 2019 04:51 PM

ඒ කියන්නේ ලංකාවේ නීතිය ජනාධිපතිට බලපාන්නේ නැති එකද? ඇමෙරිකාවේ ජනාධිපති කළ අකටයුත්තක් නිසා අමාරුවේ වැටෙන්න යනවා. ඊශ්‍රායලයේ අගමැතිටත් නඩු පවරලා කියලා අද අපට අහන්න ලැබුණා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිට නඩු පවරන්න හැකියාවක් නැහැ. ලෝකෙම්ම උතුම් රට කියාගන්නේ ඒ නිසාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1435 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 563 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 979 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 932 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 362 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 541 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site