IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ කොමිසමට අලුත් ලොක්කන්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන්  ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) බදාදා රැස්වීමට නියමිතය.

මීට අමතරව සෙසු ස්වාධීන කොමිෂන්  සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද  බදාදා රැස්වීමේදී  සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් නියෝජිතයෝ තිදෙනා පසුගියදා පත් කරනු ලැබූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූවේ විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය. නව ව්‍යවස්ථා දායක සභාව පත් කිරීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභා  සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ඒවා යළි ස්ථාපනය කළ යුතු වේ.



අදහස් (14)

මැතිවරණ කොමිසමට අලුත් ලොක්කන්

විජිත් Tuesday, 24 January 2023 01:34 AM

දැනට පවතින මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කලාට ඒ පිලිබඳ ගැසට් එක තවමත් නිකුත් කරලා නැහැ නේද.? ගැසට් එක නිකුත් කල පසුව තමයි මැතිවරණ දිනය නිත්‍යානුකුල බවට පත්වෙන්නේ.හෙට අනිද්දා අලුත් මැතිවරණ කොමිසමක් පත්කලොත් ,ඒ කොමිසමේ ඉන්නේ රනිල්ගේ හෝ මහින්දගේ බත්බැලයින්නම් , ඒ අය ඉක්මන්වුනොත් මේ චන්ද දිනය වෙනස් කරන්න පුළුවනි.ඇයි මේ දැන්තියෙන චන්ද කොමිසම " බඩගාන්නේ " ? මේ අයටත් කියක් හරි දීලාද " ටිකක් ඇදගෙන යන්න .. " කියලා? ප්‍රශ්න වැලක් ඉතිරිවෙලා .....

:       3       19

ajithTuesday, 24 January 2023 05:41 PM

මැතිවරණයට පෙර රටේ පුරවැසියන්ගේ ආර්ථිකය පිලිබදව රජය සිතා බැලිය යුතුවේ. ප්‍රාදේශීය මැතිවරණයක් ඉල්ලා බලය ලබාගත් පමණින් ජනතවගේ ගැටළු සදහා විසදුම් ලබාදීමට නොහැකිය.

:       9       1

Sunil Tuesday, 24 January 2023 05:03 AM

තවත් උප්පරවැට්ටිය.

:       1       19

ashok Tuesday, 24 January 2023 06:20 AM

කෙටි මාර්ග වලින් තනතුරක් ගත්තහම එක දාල යන්න තියන පෙරේතකම හැරුනම මෙ උප්පරවැට්ටිවල වෙනත් දෙයක් නැත.

:       1       17

LGPJ Tuesday, 24 January 2023 06:35 AM

අලුත් හෙංචයියෝ එනගමන්.!

:       1       35

Lalla Tuesday, 24 January 2023 08:50 AM

ආණ්ඩු පක්ෂයෙන් තෝරන මන්ත්‍රීවරු නම් ස්වාධීන වෙන්නේ කොහොමද?

:       3       41

දිමුත් Tuesday, 24 January 2023 10:05 AM

ඔවි ඊිටපස්සේ ජනතාවට කෙලවෙන තීන්දු ඔක්කොම ගන්න පුලුවන්නේ...

:       2       39

Asanka Tuesday, 24 January 2023 10:57 AM

කොහොමහරි තව ඉදලා අපිව නැත්තටම නැති කරලාම පලයල්ලා. ලංකාවට නැගිටින්ඩ බරිවෙන්නම වට්ටපල්ලා.

:       3       42

fairoos Tuesday, 24 January 2023 12:16 PM

මුන් නම් මහ ජරා කාලකන්නි ආණ්ඩුවක් .රට නැත්තටම නැතිකරලයි පස්ස බලන්නේ

:       3       17

Athula Tuesday, 24 January 2023 12:26 PM

උඹලට හොඳින් කියලා වැඩක් නැහැ

:       3       18

ranjith Tuesday, 24 January 2023 12:28 PM

බදු වැඩිකරනවා ,බඩු මිල වැඩිකරනවා ,හොරකම් කරනවා .රට විනාසයි .දැන්වත් පලයල්ලා

:       1       18

siri Tuesday, 24 January 2023 01:02 PM

ජනබලයක් නැතුව බලයට ආවම බල පෙරේතකම ඉහටත් උඩින්

:       1       18

චන්දිම Tuesday, 24 January 2023 01:02 PM

ඔය හදන්නේ කොමිසමේ සාමාජිකයන් අතර මත බෙදීමක් ඇති කරවලා මැතිවරණයක් තියන්න නම් කොමිසමේ ඒකමතික තීරණයක් තියෙන්න ඕනි .නැත්නම් මැතිවරණය නීතියෙන් වලංගු නැහැ කියලා බාල්දියක් අදින්න. මොකද අද මම දැක්ක ආණ්ඩුවේ පත්තරේක මුල් පිටුවේම ලොකු අකුරෙන් කවුද හෙන්චයියෙක් ඔය වගේ අයිඩියා එකක් රට ඉස්සරහට දාන්න ට්‍රයි කරනවා.

:       1       16

Sarath Tuesday, 24 January 2023 03:42 PM

මෙතන පට්ට ගමෙ එකක් යන්නේ .රනිල් ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ nasee.ගෙදර giyath Ambu නසි, වගේ .වැඩක් . ඡන්දය කල් දෙම්මොත් රනිල්ට අවුරුදු 02 ඉන්න පුලුවන් . කල් නොදෙම්මොත් පොහොට්ටුවෙන් රනිල් ගෙ පට්ටම ගලවනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 3 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 526 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 224 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 248 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 128 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 721 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site