(ක්‍රිෂාන් ජිවක ජයුරුක් සහ ජයන්ත ජයවර්ධන)
මීට වසර 22කට පෙර නඩු විභාගයට සහභාගී විම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ දකුණේ ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන චමිල් නමැත්තා ඇතුළු හය දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා මරණ දඬුවම නියම කළේය.
එම නඩුවේ විත්තිකරුවෝ පස් දෙනෙක් නිදහස් කරනු ලැබූහ.
මරණ දඬුවම නියම කරන ලද්දේ දෙව්නුවර නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් කුඩු චමිල්, සුමිත් කුමාර,සවුන්දා හැන්නදිගේ චමින්ද, අබේරත්න මාගම්පත්තු මහා විදානගේ නාමල්, අබේරත්න වීරසේකර පටබැඳිගේ රොෂාන් දිල්රුක්ෂ, අබේතරන වීරසේකර පටබැඳිගේ නිශාන්ත යන සය දෙනෙකි.
2000 වසරේ නොවැම්බර් මස 14 දින හෝ ඊට ආසන්න දිනයකදී ඔවුන් දෙවිනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී වෑන් රථයකට වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට නීතිපති අධි චෝදනා ගොනු කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දෙවිනුවර පංච පුද්ගල ඝාතනයට හයක් පෝරකයට
sam Friday, 01 July 2022 02:23 PM
අපේ අධිකරණය ගැන ආඩම්බරයි. අවුරුදු විසි දෙකක් වගේ සුළු කාලයකින් මේ වගේ නඩුවක් විසඳලා තීන්දුවක් දුන්න එකම කොච්චර ආඩම්බරයක්ද??
මංගල Friday, 01 July 2022 04:46 PM
අවුරුදු 22ක්, විත්ති කාරයින් කී දෙනෙක් නිකම්ම මැරිලාද දන්නේ නැහැ...