IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බෝම්බයක් පුපුරණ බවට ඇමතුමක් දුන් ජපුර සිසුවෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යමන් ජයසිංහ)

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ හා ඉන් පිටත අද බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට එහි උපකුලපතිවරයාට නිර්නාමික දුරකතන ඇමතුමක් ලබාදුන් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජපානයේ සංචාරයක නිරත උපකුලපතිවරයාගේ ජංගම දුරකතනයට නාඳුනන පුද්ගලයෙකු ඇමතුමක් ලබා දෙමින් එම විශ්වවිද්‍යාලය තුළ හා ඉන් පිටත බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවට එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිල්ල සමඟ ලබාදුන් දුරකතන අංකය පිළිබඳ නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තාකර අදාල දුරකතන සමාගමින් ලබාගත් ග්‍රාහක වාර්තාව ඔස්සේ සිදුකළ විමර්ශනවලින් තහවුරු කරගත් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ව්‍යාජ ඇමතුම හේතුවෙන් විශ්වවිද්‍යාලය හා ඒ අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සිදුවූ බවත් ව්‍යාජ ඇමතුම් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අදහස් (28)

බෝම්බයක් පුපුරණ බවට ඇමතුමක් දුන් ජපුර සිසුවෙක් අත්අඩංගුවට

කුමාර Wednesday, 15 May 2019 06:00 PM

මේ මීහරකුන් දොස්තරලා වුණු දවසට රෝගීන්ට අබ සරණයි....

:       0       0

sarath Wednesday, 15 May 2019 06:43 PM

පසුගිය කාලයන් පුරාම මහජන මුදල් වියඳම් කරමින් රට රට වල ගියා. අවුරුද්දට යා හැකි වාරගනනටත් වඩා ගියා.

:       0       0

Ruchira Wednesday, 15 May 2019 08:35 PM

කෝ මේ සරසවි සිසුන් හැර රටේ අනෙකුත් හැමෝම මොලේ නැති බුරුවො කියපු උදවිය.

:       0       0

jim k Wednesday, 15 May 2019 10:59 PM

උපරිම දඬුවන් දෙන්න

:       35       98

ranjith Wednesday, 15 May 2019 11:08 PM

මෙම සරසවියට ආරක්ෂක සහ පරික්ෂා වැඩපිළිවෙලක් මගින් මෙවන් කඩාකප්පල් වලට අනුබල දෙන කණ්ඩායම් හදුනාගත යුතුය.

:       0       25

pakeer Thursday, 16 May 2019 12:20 AM

මේ වගේ මිනිස්සුද වෛද්‍යවරු වෙන්නේ? මේ වහේ මිනිස්සු වෛද්‍ය වරු වෙලා මිනිස්සුන්ට ප්‍රතිකාර දෙයිද?

:       63       165

ශ්‍රී ලාංකික Thursday, 16 May 2019 12:32 AM

බොර දියේ මාළු බාන මිනිස්සු.

:       7       15

චමින්ද Thursday, 16 May 2019 01:12 AM

මොහු අනාගතයේ සංගමයේ සභාපති වෙනවා වෙනවාමයි

:       3       14

Bamunuarachchi Thursday, 16 May 2019 01:19 AM

මෙම සිසුවා එසේ නොකියා සිට ඇත්තටම එහෙම දෙයක් උනානම් ඒත් අත්අඩංගුවට ගනී අනතුර දැනගෙන හෙළිදරව් නොකර සිටියා කියලා.

:       318       161

athuraThursday, 16 May 2019 07:13 AM

අනිවාර්යෙන්ම පොහොට්ටු කාරයෙක් වෙන්න ඇති. එකනේ බමුණට මේ කැක්කුම.

:       2       122

ඈපා Thursday, 16 May 2019 11:22 AM

ඕකනෙ ඉතින් කියන්නේ බමුණු ..මේ මිනිස්සුන්ට දෙයක් කිව්වත් වැරදියි ..නොකිව්වත් වැරදියි..මම දැක්කා අද එ.ජා.ප. දේශපාලකයෙක් කියනවා 13 වෙනිදා ප්‍රහාරයක් වෙනවා කියලා දේශපාලන වාසි ගන්න කටකතාවක් කිව්වලු..එදත් ඇත්තටම එහෙම දෙයක් උනා නම් මේ අය කියනවා අනතුරු ඇගවීම් කරලා තිබිලත් කිව්වෙ නෑ කියලා ..

:       0       0

Bamunuarachchi Thursday, 16 May 2019 01:23 AM

හලෝ දැනගත්තත් නොකියා ඉන්න. බුද්ධි අංශ දෙන ඔත්තුත් 100% හරිද.?

:       175       34

Sanjeewa Thursday, 16 May 2019 01:37 AM

විභාග ඇති. පව්.!

:       8       71

Karunarathna - Gampola Thursday, 16 May 2019 01:47 AM

මේ වගේ මානසික ලෙඩ්ඩු දොස්තරලා වුනොත් රට කොහොම හිටීද? මේ ලෙඩ්ඩු වසර දහයක්විතර හිරගෙදර තිබ්බොත් ලෙඩේ සුව වේවි. බුද්ධිමතුන් ගේ අවධානයට යොමුවේවා.

:       78       162

Manoj Thursday, 16 May 2019 03:03 AM

මෙවන් අවස්ථාවක් විහිලුවට ගත් මොහුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර, මෙතෙක් ඔහු වෙනුවෙන් දැරූ වියදම් අයකරගන්න..

:       61       168

Shantha qatar Thursday, 16 May 2019 03:40 AM

විශ්ව විද්‍යාල දරුවන් කියන්නේ අපි දන්නා තරමින් ඉතාම බුද්ධිමත් දරුවන්...... නමුත් මේ වගේ පහත් වැඩ කරන්න තරම් උවමනාව මොකක්ද?

:       2       101

AmilaThursday, 16 May 2019 05:50 AM

යලුවා බුද්ධිමත් කමයි උගත් කමයි දෙකක් කියන එකට තව හොද සාක්ෂියක් තමයි මේක. මේ ළමයා තනිකරම උගත් මෝඩයෙක්. මතකනේ එක්කෙනෙක් ආවා මාර මොලේ කියාගෙන හැබයි අන්තිමට මෝඩ උගතෙක් කියලා එයත් ඔප්පු කරා.

:       155       314

BamunuarachchiThursday, 16 May 2019 11:31 PM

ඉතාම බුද්ධිමත් නම් නිර්නාමික කෝල් එකක් දුන්නම එය දුන්නේ කව්ද කොහෙන්ද කියා ට්‍රෙස් කරන්න පුළුවන් බව දැනසිටියේ නැද්ද? මට නම් එයා මෝඩ කෙනෙක්.

:       0       0

harimaga Thursday, 16 May 2019 05:42 AM

මේ සිසුවා දැනුම් දුන්න නිසා අනතුර වැළකී ගිය වෙන්න බැරිද? එයින් කෝප වූ ත්‍රස්තවාදය වපුරන දේශපාලකයින් ඔත්තුකරු අල්ල ගන්න දුරකථන ඇමතුම පස්සේ ගියා වෙන්න බැරිද? කලිනුත් ඔත්තු දීපු අය මරා දාපු බව අමතක කරන්න බැහැනේ. පොලිසිය උනත් තොරතුරු දීපු අයව ආරක්ෂා කරනවා නම් හොඳයි.

:       320       193

දර්ශන පුෂ්පකුමාර Thursday, 16 May 2019 05:56 AM

සමස්ත ශ්‍රී ලංකාවේ ම ජන ජීවිතය අඩාල වී රටේ ආර්ථිකයට පවා බලපෑම් එල්ලවී ඇති සහ රටක් වශයෙන් මෙවන් සංවේගකර අවස්ථාවක රටේ අනාගතය භාරගන්න ඉන්න උගත් යැයි සම්මත අයවලුන්ගේ බුද්ධිමත් භාවය පිළිබඳ ගැටලුව නැවත නැවතත් මතුවේ...

:       1       43

sandy123 Thursday, 16 May 2019 07:32 AM

මොනවා කරන්න ඕනෙද මේ වගේ පුද්ගලයන්ට. මේ උගත්තුද? දොස්තර කෙනෙක් වුණාම මොනවා කරාවිද? කාගේ කොන්ත්‍රාත්තුවක්ද?

:       0       0

Amila Thursday, 16 May 2019 09:22 AM

දේශපාලකයන්ට එක විදියකුත් මොහු සාමන්‍ය කෙනෙක් නිසා නීතිය තව විදියකුත් ක්‍රියාත්මක වෙලානේ. ඔබ 225 කෙනෙක් නම් හෝ ඔවුන්ගේ පවුලේ කෙනෙක් නම් ඕනම කුපාඩි වැඩක් කර බේරෙන්න පුලුවන්

:       0       0

Bimal Thursday, 16 May 2019 09:31 AM

විභාගය කල් දමාගන්න කල ප්‍රයෝගයක් කියලා ආරංචියි. ප්‍රශ්නය මෙවැනි විචාර බුද්ධියක් නැති උගතුන් සමාජයට අනාගතයේ එකතු වෙන මේ රටට යන කල... මොහුගෙන් අනාගතයේ බෙහෙත් ගන්න එන රෝගීන්ට දෙවියන්ගේම පිහිටයි...

:       0       0

lanka Thursday, 16 May 2019 10:04 AM

මෙවැනි අය තමා අවසානයේදී කට කතා පතුරවමින් රට ගිනි තියන්නේ. මෙවැනි දේ ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වන අයට පාඩමක් ලෙස, මොහුට දැඩි දඬුවම් පැමිණිය යුතුයි.

:       0       1

අර්කවිල පසමල් Thursday, 16 May 2019 10:16 AM

ජපුර උපකුලපති ‍රට ......

:       2       0

sandy123 Thursday, 16 May 2019 11:43 AM

මොනවා කරන්න ඕනෙද මේ වගේ පුද්ගලයන්ට. මේ උගත්තුද? දොස්තර කෙනෙක් වුනාම මොනවා කරාවිද මේ මෝඩයා? කගේ කොන්ත්‍රත්තුවක්ද?

:       0       0

nandana Thursday, 16 May 2019 01:11 PM

බුද්ධි අංශ දෙන ඔත්තුත් 100% හරි නොවිය හැකියි. නමුත් රටේ මෙවැනි තත්වයක් පවතින විටක, දන දැනත් බොරු කට කතා පතුරවා ආරක්ෂක අංශ මුලා කිරීම බලවත් වරදක්.

:       0       0

mega Thursday, 16 May 2019 02:28 PM

අනේ දඬුවමක් දෙන්න එපා. අනාගත අනාගත දේශපාලනඥයෙක් රටට අහිමි වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 96 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 252 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 653 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 930 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 340 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 169 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site