IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තවදුරටත් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න

               
(හර්ෂණ තුෂාර සිල්වා සහ සුජිත් හේවාජුලිගේ)
 
මෙතෙක් කටයුතු කළ අයුරින් ඉවසීමෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළම අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.  
 
මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් අගරදගුරුතුමෝ මෙසේ ද පැවැසූහ.
  
“මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ සුළු බහින් බස් වීමක් අළලා කණ්ඩායම් දෙකක් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන එය අරගලයක තත්ත්වයට හැරුණා. එය පාලනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණා. මේ තත්ත්වය උග්‍ර වෙන්නට නොදී පාලනය කරන්නැයි  රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ අදාළ අංශවලින් අපි ඉල්ලා සිටියා.

මෙතෙක් කටයුතු කළා මෙන් බුද්ධිමත්ව කටයුතු කරන්නැයි කතෝලික සැදැහැවතුන්ගෙන්, කතෝලික හා ක්‍රිස්තියානි සියලු පාර්ශවවලින්, ඒ වගේම මා ආදරණීය සහ හිතවත් බොදුණු, මුස්ලිම් සහ හින්දු ජනතාවගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි මෙච්චර දවසක් ඉවසීමෙන්, බුද්ධිමත්ව සහ ඥානාන්විතව කටයුතු කළා. ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්නැයි කියා. 

එක එක අයගේ ප්‍රකෝප කිරීම්වලට කලබල නොවී විශේෂයෙන්ම මුස්ලිම් සහෝදරයන් සමඟ ඉවසීමෙන් හා සමගියෙන් කටයුතු කරන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය සමයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ විපත ආයුධයක් කරගන්න එපා. තව තවත් මේ රටේ ගිනි අවුළුවන්න එය ආයුධයක් කරගන්න එපා. ඉවසීමෙන්, සුහදව සහ එකිනෙකා ආරක්ෂා කරගැනීමේ පිළිවෙත අනුගමනය කරන්න. මියගිය සහ තුවාල ලැබූ අයට කරන ගෞරවයක් ලෙස ඉවසීමෙන් කටයුතු කරන්න. 

ප්‍රකෝපකාරී අදහස් වපුරුවමින් බොරු ආරංචි පතුරුවමින් ජනතාව කුපිත කරන ඇතැම් ෆේස්බුක් පේජ්වලට ඉඩ දෙන්න එපා. සමාජ මාධ්‍යවල  වගකීමෙන් හැසිරෙන්න. වගකීමෙන් යුතුව තමන්ගේ කොටස ඉටු කරන්න. තමන් නොදන්න දේවල් ලියන්න කියන්න යන්න එපා.‘ යැයි පැවසීය.   
 
 



අදහස් (10)

තවදුරටත් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න

chris Monday, 06 May 2019 03:50 AM

ආගමික නායකයන් ,දේශපාලන නායකයන් කියනව මේ මොහොතේ සාමකාමිව හැසිරෙන්න කියලා, මම සියලුම රටවැසියන්ගෙන් ඉල්ලන්නේ දියවන්නාව ආක්‍රමණය කරමු.

:       53       566

RAJ Monday, 06 May 2019 04:01 AM

පැරණි රජ දවසේ අර ජයසේන රජතුමා මොකාටද ඵක රැයක් නවතින්න දීල කරගත්ත වැඩේනේ මේ..

:       226       14

Bamunuarachchi Monday, 06 May 2019 04:30 AM

කාදිනල්තුමනි, ඉවසීමටත් සීමාවක් තිබෙනවා. කරපු ඉවසීමේ ප්‍රතිඵල නේද දැන් භුක්ති විඳින්නේ..? නියපොත්තෙන් කඩන්න තිබුණු දේ කඩුවේ නැහැ. ඔබතුමන්ලාත් සංහිඳියාව පිළිපැද්දා. අපි අතලොස්සක් දැනගෙන සිටියා වෙන්නේ මොකක්ද කියලා. අපිව පාදඩ සිංහලයින්ම ජාතිවාදීන් කියන මාක්ස්වාදී නම්බු නාමය දුන්නා. ඇත්තෙන්ම අපිට අයිති ජාතිහිතෛෂී කියන නමයි. මේ ත්‍රස්තවාදය නොතිබුණත් මෙරට තව අවුරුදු 400ක් අනිවාර්යයෙන්ම මුස්ලිම් රටක් වෙනවා. ඒ ඔවුන් අපේ දරුවන්ගේ සම්පත්වලින් ඔවුන්ගේ දරුවන් බුරුතු ගණන් උත්පාදනය කරන නිසා... එක්කෝ සිංහලයාත් බුරුතු ගණන් උත්පාදනය කරන්න ඕනේ නැතිනම් ඔවුන්ගේ උප්පත්තිය සීමා කරන්න ඕනේ...

:       1422       1656

Sapumal. Monday, 06 May 2019 09:01 AM

බමුණු මහතාගේ අදහස් හා මාද එකඟයි. සිංහල අපට වඩා ඔවුන්ගේ බෝවීමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩියි. එබැවින් අපගේ දරුවන්ගේ සම්පත් ඔවුන් වෙත ලැබීමෙන් අපගේ ජාතියට බලවත් හානියක් සිදුවෙනවා. කලකට පෙර මෙරටට පැමිණි එක්තරා අරාබි නායකයෙකු පැවසුවේ මේ රටේ මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රමාණය හොඳටම මදිබව සහ ඔහු නැවත පැමිණෙන විට මේ රටෙහි මුස්ලිම් ජනතාව දෙගුණයක් වී තිබිය යුතු බවයි. එබැවින් මේ ජාතීන් අතර බෝවීම සමාන විය යුතුයි. මේවාට කරුණු කාරණා දන්නා අය ජනතාව පාර්ලිමේන්තුවට යැවීමට වගබලා ගත යුතුයි. එක ජාතියකට පමණක් වැඩිපුර බෝකිරීමට ඉඩකඩ ලබා නොදිය යුතුයි. එසේ නොකළහොත්, සිංහලයාට මුහුදට පැනීමට සිදුවන කාලය වැඩි ඈතක නොවේ.

:       47       123

ArisMonday, 06 May 2019 10:31 AM

අවුරුදු 400 කින්? මම නම් හිතන්නේ මෙහෙම ගියොත් 100 කට කලින් වෙයි. අපි පොඩි කාලේ කියපු ජන අනුපාතය තමයි තාමත් කියන්නේ. මතක ඇති කාලෙකින් ජන සංගණනයක් කරලා නැහැ. ඒකට මෑතකදී කලේ උප්පැන්නෙන් ජාතිය අයින් කිරීමයි. ඉදිරියේදී ආරක්ෂක අංශවලට රාජකාරි කිරීමේදී ගොඩක් අපහසු වෙනවා ජාතිය හඳුනාගැනීමට.

:       0       22

ගල්කටස් Monday, 06 May 2019 04:45 AM

උන්වහන්සේගේ අගනා හඬට කන් දෙන්න.. අප ඉතා ඉවසිල්ලෙන් කටයුතු කළයුතුයි. නැතිනම් අප රට ජාතියට තවත් ප්‍රශ්න වැලකට මුහුණ දීමට සිදුවන බව මතක තබාගෙන කටයුතු කරමු. අප සැමගේ පොදු සතුරා ත්‍රස්තවාදියයි. එය පැරදවීමට අප සියළු දෙනා එක් විය යුතුයි. සමහර අයට අවශ්‍ය ගැටුම් අැති කරවීමයි. නමුත් අප කල්පනාවෙන් බුද්ධියෙන් මෙයට මුහුණ දෙමු. රජයට වුවමනාවක් නැහැ මෙවන් අවසනාවන්ත දේ වැළැක්වීමට. ඔවුන් කරන කථා කරන දෙවල්වලින් ජාතීන් අතර අසමගිය පතුරුවනවා...

:       38       498

S . P SANESH Monday, 06 May 2019 07:19 AM

කාදිනල් තුමාගේ වදනට සවන් දී ඉවසීමෙන් කටයුතු කරන්න. නීතිය අතට ගන්න එපා. අසල්වසීයාටත් ප්‍රේම කරන්න. දේවියන් අපට සාදාරණයක් අනිවාර්යෙන්ම ඉටුකරයි. ප්‍රකෝප වී අන් අයට ආයුදයක් වෙන්නට එපා. නියම කතෝලිකයකු බව ලොවට විදහපාන්න. අන් අයගේ හැගීම් වලට ගරු කරන්න. සැක කටයුතු දෙයක් නම් ළඟම පොලිසියට හා මීසමේ පියතුමන්ට දැනුම දෙන්න. කලබල වෙන්න එපා අසත්‍ය ප්‍රචාරය කරන්නත් එපා. කාදිනල් තුමාගේ වදනට අවනත වන්න.

:       4       30

S . P SANESH Monday, 06 May 2019 07:19 AM

කාදිනල් තුමාගේ වදනට සවන් දී ඉවසීමෙන් කටයුතු කරන්න. නීතිය අතට ගන්න එපා. අසල්වසීයාටත් ප්‍රේම කරන්න. දේවියන් අපට සාදාරණයක් අනිවාර්යෙන්ම ඉටුකරයි. ප්‍රකෝප වී අන් අයට ආයුදයක් වෙන්නට එපා. නියම කතෝලිකයකු බව ලොවට විදහපාන්න. අන් අයගේ හැගීම් වලට ගරු කරන්න. සැක කටයුතු දෙයක් නම් ළඟම පොලිසියට හා මීසමේ පියතුමන්ට දැනුම දෙන්න. කලබල වෙන්න එපා අසත්‍ය ප්‍රචාරය කරන්නත් එපා. කාදිනල් තුමාගේ වදනට අවනත වන්න.

:       5       31

හසිත Monday, 06 May 2019 07:33 AM

පාරෙ යන මිනිස්සුන්ට ගහල මේ ප්‍රශ්නෙ විසදන්න බෑ කියන එක ඇත්ත තමයි. අනික මේක මේ අද ඊයෙ ඇතිවෙච්ච ප්‍රශ්ණයක් නෙමෙයි. මුසල්මානු පල්ලි ඇතුලෙ අවුරුදු ගානක් තිස්සෙ කියන දෙයක්. නමුත් ලංකාවෙ ජාතික ප්‍රතිපත්තියක් නෑ මේව පාලනය කරන්න. දැන් සෝදිසි වලදි අනවසර අවි අයුධ, පුපුරන ද්‍රව්‍ය ලංකාව හැමතැනම මුස්ලිම් ජාතිකයො තමයි අහුවෙන්නෙ, ඒ මදිවට පල්ලි ඇතුලෙත් තියෙනව, පල්ලියෙ වත්තෙත් තියෙනව. මේක ඕනෑම මෝඩයෙකුට තේරෙනවනෙ, සේරම මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදීන් නොවෙන්න පුලුවන් නමුත් සියලු ත්‍රස්තවාදීන් මුසල්මානුවන්(මෑතකදී ) ඉතින් මේ මුසල්මානුවන් ගෙ කටයුතු සොයා බලා පාලනය කරන්නෙ නැතුව ඔය මොන කතා කීවත් වැඩක් නෑ. කාදිනල් තුමාගෙ ඉවසීම හා උපේක්ෂාව අගය කල යුතුයි.

:       0       13

ශිරෝ Monday, 06 May 2019 08:00 AM

කාදිනල්තුමා හරි. මේ වෙලාවෙ අපි ඉවසන්න ඕනේ. එහෙම නැති උනොත් අවාසිය අපටමයි වෙන්නේ. කොල්ලෝ ටික අල්ලලා නඩු දමාවි. නඩු අහලා අවුරුදු ගණනකට හිරේ දමාවි. ඉවසුවත් මේ වෙලාවෙ අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මොනාද අපි එහෙනම් කරන්න ඕනේ.අපි බෙදුනොත් පරාදයි. එකම රටක එකම නීතියක් වෙනුවෙන් අපි හඩක් නගන්න ඕනේ. දූෂිත, රට ජාතිය ගැන හැගීමක් නැති, දේශපාලුවන් අතුගාදමන්න ඕනේ අපිමයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 244 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 217 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 512 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 84 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 17 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 69 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site