IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘තනතුරු අහිමිවීම ගැන දුකක් නෑ‘‘

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වරදක් කර නොමැති බැවින් තනතුරු අහිමිවීම ගැන කිසිම කණගාටුවක් නැතැයි බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

තමන්ගේ ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභා සාමාජිකත්වය හා මහරගම ආසන සංවිධායකධූරය යන තනතුරු අහිමි කිරීමට පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇත්තේ කවර හේතුවක් නිසාදැයි තමන් නොදන්නා බවද ඉසුර දේවප‍්‍රිය මහතා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහය ලබාදෙන අපේක්‍ෂකයා දිනවීම වෙනුවෙන් පැවැත්වෙන රැස්වීමකට සහභාගීවීමේ වරදක් තමා නොදකින බවද ඔහු සඳහන් කළේය.

තමාට එම රැස්වීමේදී හෝමාගම ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බව කී හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනත් අයට මෙන් තමාට ජනතාව ‘හූ’ කීවේ නැතැයිද ප‍්‍රකාශ කළේය.

තමන් කිසිවිටෙකත් එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පෙනී සිට නැතැයි කී ඉසුර දේවප‍්‍රිය මහතා පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේදී තමාට තනතුරු අවශ්‍ය නොවන බවද කියා සිටියේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයදීම සම්බන්ධයෙන් මුල් කාලයේදී පක්‍ෂය තුළ මත දෙකක් තිබූ බව කී දේවප‍්‍රිය මහතා තමන් මුල සිටම කටයුතු කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දිය යුතුය යන මතයේ සිට බව ද සඳහන් කළේය.

අවසානයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයදීමට පක්‍ෂය  ගත් තීරණය අනුව තමන් හෝමාගම පැවති රැස්වීමට සහභාගී වූ බවත් එයින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වරදක් කර නොමැති බවත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.



අදහස් (8)

‘‘තනතුරු අහිමිවීම ගැන දුකක් නෑ‘‘

රවින් Sunday, 20 October 2019 12:56 PM

කවුරුහරි යමක් කුණු කූඩේට දමන්නේ ප්‍රයෝජනවත් බවක් නොහැඟෙන නිසානේ. සමහර අය හිතුවාට කුණු වලින් වාසි ගන්න ටික කලක් යනකොට තමයි තේරෙන්නේ කුණු කුණුම තමයි කියලා. හිටපු ජනපතිවරු ඔය බව දැනගෙන හිටියා...

:       3       82

Chanakya Sunday, 20 October 2019 01:24 PM

ශ්‍රීලනිප බෙදන හැන්ද නම් අපූරුයි. 2015 ජනවාරි 8 අගමැති පත්කලා අපුරුයි. 2015 මැතිවරණයේදී ශ්‍රීලනිප නායක අගමැති කරන්නේ නැතෙයි කීවා අපුරුය.19ට අත උස්සා මගේම බෙල්ල කපා ගත්තා අපුරුය. තව මොන මොන දේවලට මේ හැන්ද පාවිච්චි කරයිද? දෙයියො දනී.

:       48       47

Mahee Sunday, 20 October 2019 01:25 PM

මේ රටේ කොයි දේශපාලුවද තමන් වරදක් කළ බව පිළිගන්නේ...? අනික කෙනෙක් වරදක් කළාද? නැද්ද කියලා තමන්ටම විනිශ්චයක් දී ගන්න බැහැ නොවැ... කොහොමත් ඕනෑම කෙනෙකුගේ නිදහසට කරුණු කියන්න අවස්ථාවක් දිය යුතුමයි. අන්න ඒ වෙලාවට ඕවා කිව්වා නම් හරි. අපට කිව්වා කියලා වැඩක් තියෙනවයැ...

:       0       53

Gamarala Sunday, 20 October 2019 02:54 PM

වැටී ඇති තැනින් ගොඩ ඒමට හදන්නේ නැතිව තව තවත් එරෙන්නේ ඇයිදැයි අපැහැදිලියි.

:       0       15

Prabha Sunday, 20 October 2019 04:09 PM

මොනවට කණගාටු වෙනවද? අටු කොටු පිරිලා මදිවට නමට පාසලකුත් තියෙද්දී... බොරුද මන් කියන්නේ...?

:       4       4

saali Sunday, 20 October 2019 05:51 PM

මහා ඇමති කම ලැබේවි. හොඳ පැකේජයක්. ඔයා දිනුම්...

:       0       7

janahitha Monday, 21 October 2019 03:02 AM

වරදක් නොකළ නමුත් පශ්චාත් භාගය කෝටි ගාණක් වටිනවා.. රත්රන් පුටු ගේනවා වාඩිවෙන්න.

:       0       6

Lion Monday, 21 October 2019 07:08 AM

කොල්ලට පහුගිය දවස්වල හොයාගත්ත ගාන මදි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 78 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 22 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 29 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 448 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1928 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 205 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site