ඉන්දිකා රාමනායක
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා පසුගිය මැයි මාසයේ දී වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූ අතර පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මැයි මස 25 වැනි දා සිට එම නිවසට පොලිස් නිලධාරීන් 10 දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බව පොලිසිය කියයි.
පදනමක් නැතිව එසේ ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇත්තේ ඇයිද යන්න ගැන වාහම වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිට දැනුම් දී තිබේ. එම වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාව යෙදීම ගැන වාර්තාවක් කැඳවයි
ajith Monday, 24 December 2018 01:39 AM
මේකේ වැරැද්ද මොකද්ද.? ගොඩක් පාතාල සමාජිකයෝ ප්රභූලානේ.
Akila Monday, 24 December 2018 02:03 AM
වටිනා ක්‍රීඩකයෙක් ගේ ජීවිතය වටිනවා නේද අපේ පාර්ලිමේන්තුවේ ප්‍රභූ කියාගන්න හොරුන්ට වඩා
tikiri Monday, 24 December 2018 06:21 AM
කලකට ඉහත දී නම් ලංකාවේ හැමෝටම ප්‍රභූ ආරක්ෂාව තිබුනා. ඒ කාලේ පාතාලෙන් කරදරයක් තිබුනේ නැහැ .
Jaya Monday, 24 December 2018 06:53 AM
ඇත්තටම 10 දෙනෙක් නොවේ 20 දිනෙක් දැම්මත් කමක් නෑ. මොකද මේ ක්‍රීඩකයාගේ ජීවිතය වටිනවා ප්‍රභූ කියාගන්නා දේශපාලන හොරුන්ට වැඩිය.
Jaya Monday, 24 December 2018 07:00 AM
ප්‍රභූ ආරක්ෂාව දුන්නේ ඇයිද කියලා හොයලා බලන්න කලින් ක්‍රීඩකයාගේ පියාව මරපු ගාතකයන්ව ඇල්ලුවද කියලා හොයලා බලන්න.