IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලාංකිකයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට

 

ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයින් 6 දෙනෙකු  ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එරට පළවන ‘‘ඉන්දියා ටුඩේ ’’ පුවත්පත අද ( 25) වාර්තා කර තිබිණි.

ගතවු දින දෙක තුළ ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ එම සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ පකිස්ථාන ජාතික කාන්තාවක් ඇතුළු ලාංකික දෙමළ ජාතිකයින් පස් දෙනා ප‍්‍රශ්න කිරීම සඳහා කේරළ හා කොයිම්බතූර් පොලීස් බාරයට ගෙන ඇති බවද එම පුවත් වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.

ආසියාවේ ව්‍යාප්ත වී තිබෙන ත‍්‍රස්ත සංවිධානයක් වන ලෂ්කාර් - ඊ- ටයිබා සංවිධානයේ සාමාජිකයින් වන මෙම  ශ්‍රී ලාංකිකයින් දෙමළ , මුස්ලිම් සම්භවයක් සහිත අයවන බවද එහි සඳහන් වේ.

ඔවුන් පස් දෙනා සහ සහ පාකිස්ථාන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට එරට බුද්ධි අංශ ඉකුත් 23 වැනිදා  අනතුරු ඇඟවීමක් කර තිබුණි.

මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ ඇතුළු ප‍්‍රාන්ත කිහිපයක ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.

ඒ අනුව එම ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ පිරිසක් තමිල්නාඩුවට සහ කේරළයට ඇතුළු වී ඇති බවට ඉන්දීය ආරකෂක අංශ තහවුරු කර ගත් අතර එම අනතුරු ඇගවීමෙන් පසුව සැකපිට මෙම ලාංකිකයින් 5 දෙනා සහ පකිස්ථාන ජාතික කාන්තාව රදවාගෙන ප‍්‍රශ්න කරන බව ඉන්දීයා ටුඩේ  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

( 125)



අදහස් (0)

ලාංකිකයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන න්‍යෂ්ටික බලාගාරවගට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 84 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 32 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 212 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 790 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 228 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 172 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site