IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උත්සවයේදී දුන් පරිඝනක 10යෙන් 5ක් අරන්යයි

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10කින් පහක් නැවත රැගෙන ගොස් ඇති බවට එම දරුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර එම දරුවන්ට ලබාදී ඇත්තේ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

එහිදී දරුවන්ට ඒවා ලබාදීම, දරුවන් ඒවා පරිහරණය කරන ආකාරය වීඩියෝගත කිරීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් පසු යන්ත්‍ර පහක් යළි රැගෙන ගිය බවත්, ඉතිරි කර ගිය යන්ත්‍ර ද ගුරුවරුන් සිය නිවෙස් වෙත රැගෙන ගිය බවත් දෙමාපියෝ සඳහන් කරති.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක යන මහත්වරුන් ද මෙම උත්සවයට සහභාගී වී සිටියහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක මහතා පැවසුවේ මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මෙම පාසලට හිමිවන්නේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පහක් සහ එක් ප්‍රක්‍ෂේපන යන්ත්‍රයක් පමණක් බවය.

දොඩම්පාපිටිය පාසලේ ඉගෙනුම ලබන දරුවන් 51 දෙනා අතරින් 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෝරාගත් දරුවන් කිහිප දෙනෙකුට එම යන්ත්‍ර සංකේතාත්මකව ලබාදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා යෙදවීමට ගුරුවරුන්ට භාරදුන් බව ද ඔහු සඳහන් කළේය.

පාසලට ලැබුණේ ලැප්ටොප් පරිගණක පහක් පමණක් වුවත් ඒ මොහොතේ එතැන සිටි දරුවන් දස දෙනකුට සංකේතාත්මකව පරිගණක ලබාදුන් බවත් එය වරදවා වටහාගත් දෙමාපියන් ගමෙහි වැරදි මතයක් ඇතිකරමින් යන බවත් ඔහු කීවේය.

මෙම දරුවන්ට මේ ආකාරයෙන් හෝ පහසුකම් ලැබීම ගැන ඔවුන් සතුටු විය යුතු බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා පැවසීය.



අදහස් (16)

උත්සවයේදී දුන් පරිඝනක 10යෙන් 5ක් අරන්යයි

Nuwan Friday, 23 July 2021 07:35 PM

ඒ කියන්නෙ ඇමතියත් අන්දලා...

:       2       206

pakeer Friday, 23 July 2021 07:45 PM

එකක් දුන්නත්, ඒක ඒ විදිහට දුන්නා නම් ඉවරයිනේ... ඇයි ෂෝ එකට වැඩකරන්නේ...?

:       2       338

සෙනෙවිරත්න Friday, 23 July 2021 07:55 PM

සංකේතෙට දීලා ඒක ප්‍රචාරය කර ගන්නම දුන්නා වගේ... ලැජ්ජයි එදිරිමාන්න මහත්මයා, ඔබ කතා කරන්නේ සියල්ල දන්නා නීතිගරුක මහතෙක් වගේ. මේවගේ ළමුන් රැවටීමට හවුල් වීම කොතරම් නරකද? ළමුන් සමාජ වෛරකරුවන් නොකරන්න. වහාම ඔබගේ පෞද්ගලික මුදලින් යන්ත්‍ර ලබාදී වැරුද්ද නිවැරැදි කරන්න. ඔබ රාජපක්ෂවරු ඉදිරිියේ දක්වන ප්‍රතාපවත් බව රැකගන්න.

:       1       1097

කැලෑ හොරාSaturday, 24 July 2021 06:53 AM

හරක්ට අන්දපු අයට මේවා මොනවද?

:       0       51

කමල් Friday, 23 July 2021 08:25 PM

සංකේතාත්මකව එකක් දෙන්න තිබ්බ එකේ 10ක් දුන්නේ මොකටද?

:       0       342

Ruhunu Friday, 23 July 2021 08:52 PM

දේශපාලනය කරන මාමලා ඔහොම තමයි පුතේ... එයාලා භාගයක් හොරකම් කරගෙන ඉතුරු භාගෙ තමයි අනිත් අයට බෙදලා දෙන්නේ...

:       1       943

සුසන්ත - බර්ලින් Saturday, 24 July 2021 01:00 AM

ළමයින්ට දීලා ආපසු ගත්ත එක නම් හරිම කැතයි. ළමයිනුත් පොඩිකාලේ යාලුවන්ට දීලා ආපසු ඉල්ල ගන්නවා. මේකත් ඒ වගේ වැඩක්... සංකේතට එකක්ම දීලා පෙන්නලා ගියා නම් ඉවරයිනේ.. දුන් දේ සුවඳයි ආපසු ගත් දේ ගඳයි. ඕවාට තමයි කියන්නෙ කොළේ වහලා ගහන වැඩ කියලා... උඩින් ඔපේ; යටින් හපේ.

:       0       103

chandima Saturday, 24 July 2021 02:07 AM

පන්සලේ අට පිරිකර වගේ නේද?

:       74       5

Rata Perata Saturday, 24 July 2021 04:51 AM

රටේ නායකයාගේ රිවස් වැඩ ගමටත් ඇවිල්ලා වගේ...

:       1       35

Sanju Saturday, 24 July 2021 08:49 AM

ලාල් දිසානායක ඔබේ DNA පරීක්ෂාවක් කරගන්න. ඔබට අවශ්‍ය නම් මට පුළුවන් ඔබට උදව් කරන්න.

:       0       14

chandana Saturday, 24 July 2021 09:09 AM

සුනාමි වෙලාවේ ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කරපු මෙහෙයුම් කාර්යාලය හරහා ලංකාව පුරා සුනාමි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ඉබ්ම් ආයතනය ලැප්ටොප් 980ක් ලබා දුන්නා. ඉන් 50ක් ප්‍රයෝජනයට ගත්තා. ඉතිරි 950ට වුණු දෙයක් නැහැ. ඉබ්ම් ආයතනය පසුව දැඩි අප්‍රසාදය පල කළා. ඒ කළෙත් මේ සෙට් එකම තමයි.

:       0       49

පොඩි මල්ලි Saturday, 24 July 2021 09:26 AM

මේ යක්කුන්ට ඒ උත්සවයට යන්න වුණු වියදමෙන් තවත් කොම්පියුටර් 5ක් විතර ගන්න තිබුණා. මෙයාලාට ඕනෑ මේ උත්සවේ ෆොටෝ ටිකක් ගහගෙන ඊළඟ මැතිවරණයට ගෙවල් ගානේ ගිහින් බෙදන පොතේ තමන්ගේ පින්තූරේ දාගන්න.. මේක තමයි මේ හැමෝම කරන්නේ.. ලැජ්ජයි...

:       0       149

kamal Saturday, 24 July 2021 09:40 AM

ගොනාට ඇන්දවීම පොඩිකාලේ ඉඳලාම පුරුදු කරන්න ඕනේ දෙයක්. 10ක් ගෙන්වනවා වගේ පෙන්නලා 05ක් දීලා... මේ කෙරුවේ ඒකයි. නැතිනම් මේ ගොල්ලෝ ලොකුමහත් වුණාම ගොනාට ඇන්දවීම අමාරු වෙනවා. මේක දරුවන්ටත්, දෙමව්පියන්ටත් හොඳ ඉඟියක් ඒ ගොල්ලන්ගේ අනාගතය ගැන...

:       0       64

Dhammika Saturday, 24 July 2021 12:17 PM

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, හැබැයි උම්බෑ කියන්න එපා...

:       0       60

Asanka Saturday, 24 July 2021 03:10 PM

පන්සලේ පරිගණක 6න් 2ක් කැඩිලා කිව්වම ඉතුරු 3 ගලවලා බැලුවේ නැද්ද කියලා අහපු රාජ්‍ය නායකයෝ ඉන්න රටක් මේක.

:       0       0

sharm warn Monday, 26 July 2021 10:06 AM

උඩ දාගෙන ඡන්දෙ දුන්න අම්මලා, තාත්තලාට විලි ලැජ්ජාවේ, සන්තෝසේ බැරුව ඉන්නවා ඇති ඉතින්... ළමයි 4ක් විතරද ඉගෙන ගන්න ඕනේ...? අනිත් ළමයි උඩ බලන් ඉන්නවා. එහෙමද? අනේ ඉතින් මේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමෙක් කියාගන්න පොරක්නේ මෙහෙම කියන්නේ... මෙයාවත් පාර්ලිමේන්තුවට තමයි යවන්න සුදුසු...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 919 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 118 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 363 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 783 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 251 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 316 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site