IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරනවා’

(අංජුල මහික වීරරත්න)                                   
 
ජනතාවට සිතාගන්නට බැරි අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(24) පැවැසීය.
 
ජනතාව අපේක්ෂා කරන සහන සියල්ලම මෙවර අයවැයෙන් ලබාදෙන බව කී අමාත්‍යවරයා ලබන පෙබරවාරියේ අයවැය ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
 
මුදල් අමාත්‍ය ලෙස මංගල සමරවීර මහතාත් සභානායක ලෙස තමාත් සාකච්ඡා කර අයවැය ඉදිරිපත් කරන දිනය තීරණය කරන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
 
අමාත්‍ය ධුරයෙහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
 
(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (23)

‘අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරනවා’

wedage Monday, 24 December 2018 09:33 AM

අදහගන්න බැරි කියන්නේ ධාන්‍ය රාත්තල් අටක් ධර්මිස්ට සමාජයක් වගේ දෙයක්ද ? රැකියා ලක්ෂ දහයක්, වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්ද ? ඇමති තුමනි.?

:       16       714

d.upul Monday, 24 December 2018 09:37 AM

මට හිතෙනවා ඉතියෝපියාවේ පුරවැසිභාවය ඉල්ලගන්න, මේ වගේ බය හිතෙන කතා ඇහෙනකොට.

:       11       523

saman Monday, 24 December 2018 10:00 AM

ඡන්දෙ තියන නිසා රජය පාඩුවට අයවැය ඉදිරිපත් කරලා බලයගන්න. අපිව රවටන්න මදී මේගොල්ලෝ රටට කරපු වින්නැහිය යට ගහලා හගපු සල්ලි එලියට දාලා අපිව ආයෙත් අමාරුවේ දාන්න හදන්නේ.

:       10       551

Uditha - London Monday, 24 December 2018 10:32 AM

ඔව් ඔව් අදහා ගන්න බැරි දේවල් තමා ඕගොල්ලෝ කරන්නේ මහජනතාවට.. මොකට කියනවාද..

:       0       0

Nuwan Monday, 24 December 2018 10:35 AM

වැට් ගහලා රට පාලනය කරන්න එපා...

:       0       0

Senarath Monday, 24 December 2018 10:38 AM

"අදහගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරනවා " කියන්නේ මෙයාලට ඇලඩින්ගේ පුදුම පහන වත් හමු වෙලාද ? එහෙම නැත්නම් ලබන වසරේ ඡන්දවලට ජනතාව රවටන්න කැරට් අල බෙදන්නද හදන්නේ ? එහෙම හැකියාවක් තිබුණා නම් පසුගිය අවුරුදු 3 දී මොකද නොකළේ ? ජනතාවට බදුබර පටවල ජනතාව සුරගෙන කෑවේ මොකද ?

:       0       1

Saman Monday, 24 December 2018 10:48 AM

කී දවසකටද කියමු බලන්න, එතකොට හිත හදාගෙන ඉන්න ඇහැකිනෙ

:       1       144

Raveendra Monday, 24 December 2018 10:55 AM

ඕන ගොනෙක් යුද්ධ කරයි මම කිව්වානේ... කිලිනොච්චිය නොව මැදවච්චිය කිව්වානේ.. අලිමංකඩ නොව පාමංකඩ කිව්වානේ ...

:       10       456

BandaraTuesday, 25 December 2018 01:20 AM

රණවීර ඇයි තොප්පිගල කියන්නේ මහ කැලෑවක්...

:       0       0

Raveendra Monday, 24 December 2018 11:05 AM

නෑවත් වතුර මඩ සමගින් කිරි ඇල්ලේ.... කියනවා කප්පරක් පච පිරිසිදු බව වතුරේ... මොනදේ කියන්නෙත් බඩ රැකුමට මෙමාගේ... එබැවින් නාමි මම කිරි ඇල්ලේ....

:       13       283

Ruwan Monday, 24 December 2018 11:36 AM

මට විනාඩියක් දෙන්න....පුදුම වෙන්න..... !!!

:       0       144

Nihal Monday, 24 December 2018 12:00 PM

බහුතර ජනයා කුසගින්නේ නිසා ඇමක් දාලා කවරුත් බලය ගන්න ,ඉදිරි ඡන්ද දිනාගන්න සිස්ටම් එකනේ . ලෝකේ නොදියුණු රටවල්වල දුගියන් හරිම ලේසියෙන් රැවටිය හැකිය

:       0       333

sanath Monday, 24 December 2018 01:10 PM

අපිත් අදහගන්න බැරි ඡන්ද ප්‍රතිපලයක් දෙනවා.

:       66       439

Lal Monday, 24 December 2018 02:07 PM

රටේ ප්‍රශ්න දහසකින් එකක්. රටේ කිසිම සංවර්ධන කටයුත්තක් මේ වනතුරු ඇරඹිලා නැහැ. මගේ රට හැම පැත්තෙන්ම ගමන් කරන්නේ අදුරට. මේ මොහොතේ ජනතාවටත් පැහැදිලි දැක්මක් නැති නිසා ඕනෑම කෙනෙකුට ජනතාව රවටන්න මැජික්වගේ නොයෙකුත් අදහාගන්න බැරි දේ ප්‍රකාශ කරන්න අවස්ථාව.

:       0       225

AnandaR Monday, 24 December 2018 03:09 PM

ඉස්සරනම් මුදල් ඇමති අයවැය සකස් කෙරුවේ රහසිගතව. අයවැය ඉදිරිපත් කරන තුරු කාටවත් කියන්න බැහැ මොනවද වෙන්නේ කියල.

:       0       175

Bamunuarachchi Monday, 24 December 2018 03:24 PM

ඔය සහන සලස්වන්නේ මේ මාස දෙකට රට සංවර්ධනය වුන නිසාද? රටේ ජනතාව ඔය උගුල්වල මීට ප්‍රථමත් අසුවෙලා තිබෙනවා. ඕවා එජාපයින්ටම හොඳයි. මේ සහන දෙන්නේ අපෙන් මොනවා ගන්නද කියා අපි දන්නවා.

:       2       160

anura Monday, 24 December 2018 03:38 PM

රටේ සංවර්ධනයක් නොකර ණයට සහ රටේ කොටස් විකුණා ලැබෙන මුදල් වලින් ජනතාව රවටන්න තාවකාලික සහනයන් ලබාදීමෙන් වන්නේ අනාගතයේදී ජනතාව තවත් අමාරුවේ වැටීමයි. එසේම නොවැම්බර් මාසයට පෙර කිව්වේ 2019 ලංකාවට විශාලම ණය වාරික ගෙවන්න තියෙන නිසා ඉතා අමාරු කාලයක් බවයි. දැන් කොහොමද ඒවා සියල්ල වෙනස් උනේ?

:       0       138

Appuhami Monday, 24 December 2018 05:55 PM

ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන් ඒත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි...

:       0       0

saman Tuesday, 25 December 2018 02:12 AM

දැනටමත් කරලා තියෙන වැඩ අපට අදහාගන්නවත් බැරි නිසා ඕකත් අදහගන්න බැරිවෙන බව අපට විශ්වාසයි. කවුද දැන් ඕක හදන්නේ... ඔබතුමාද?

:       0       0

raju - kandy Tuesday, 25 December 2018 02:29 AM

ඔය කිරිඇල්ල කෑල්ල මෙයා තරුණකාලේ අහුලගත්ත එකක්. මෙයාගේ පැරණි නෑදෑයෝ කවුරුවත් ඒ නමින් නැහැ.

:       0       0

Jayasiri Tuesday, 25 December 2018 03:03 AM

අපේ ජාතිය ප්‍රාථමික ද?

:       0       0

Bamunuarachchi Tuesday, 25 December 2018 05:30 AM

මේ අවුරුදු 3ටම ඉදිරිපත් කලේ අදහන්න බැරි අයවැය තමයි. අපිට බදු ගැහැව්වා මන්ත්‍රී, ඇමතියන්ට බදු ඉවත් කළා. අපිට ජීවන බර වැඩිකළා. මන්ත්‍රීන්ට පඩි වැඩිකළා. ඔන්න ඕගොල්ලන්ගේ අදහන්න බැරි අයවැය. මොකද මේ සැරේ ජනතාව ගැන දුක හිතුණාද? ඉස්සෙල්ලාම කපනවා මන්ත්‍රී දීමනා, වැටුප් හා වෙනත් වරප්‍රසාද. ඒවා නැතුව ජීවත්වෙන්න බැරිනම් පුළුවන් මිනිසුන් පාර්ලිමේන්තුවට යෝජනා කරන්න. ඉස්සර පාර්ලිමේන්තුවට ආවේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නේ නැති මුදල් තිබෙන මිනිස්සු... දැන් ඉස්කොලේ යන කාලේ බයිසිලකයක්වත් නොතිබ්බ හිඟන්නෝ පාර්ලිමේන්තුවට ඇවිත් මහජන මුදලින් BMW වල යනවා.

:       0       0

Bamunuarachchi Wednesday, 26 December 2018 12:00 PM

යනයකා කොරහ විතරක් නොවෙයි මුළු කුස්සියම බිඳගෙන යන්නයි හදන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 54 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 157 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 754 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 86 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 257 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 244 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site