IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘කිරිහරක් ගෙන්වීමට ගත් මුදල් පෞද්ගලික සමාගමකට දීම ඔප්පු කරනවා’

(කාංචන කුමාර ආරියදාස)

 
 විදේශ රටවලින් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ අදියරක් යටතේ විදේශ රටකින් ලබාගත් රුපියල් කෝටි 131 මුදලක්  පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද (29) දඹුල්ලේ දී පැවසීය.     
 
සමස්ත ලංකා කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය සහ විදේශ රටවලින් ගෙනා කිරි ගවයන් මිලදී ගත් ගොවීන් එක්ව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
 
2017  වසරේ විදේශ සේවා සම්පත් දෙපාර්තමේන්තුව මඟින් කිරි හරක් ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ නමුත් මුදල් වෙන් වී නොමැති බව එම ආයතනයෙන් ලිඛිතව දැනුම් දී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. එම ලිපිය පසුගිය වසරේ මැයි මාසයේ 09 වන  දින ලබාදී තිබෙන බවත් එහෙත් මැයි මස 08 වන දින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත්වීම මත රුපියල් කෝටි 131 මුදලක්   වෙලාඩ් නමැති   පෞද්ගලික ආයතනයකට කිරිහරක් ගෙන්වීම  සඳහා ලබාදී තිබෙන බවත් එම මුදලට මෙතෙක් කිසිදු ගවයෙක් ගෙන්වා නැති බවත් ඔහු  වැඩිදුරටත් පැවසීය.
 
කිරි  ගොවියකු වූ කේ. ජී. කේ . ඩබ්ලිව්. සේනානායක මහතා කියා සිටියේ මේ වන විට තම ගොවිපලේ කිරි ගවයන් විශාල වශයෙන්  මිය යන බවත් අවශ්‍ය කිරි ප්‍රමාණය නොමැතිවීම නිසා සිය ආර්ථික තත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බවත්ය.
 
පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙදෙනෙකු කිරි ගවයන් මිලදී ගත් බවත් එම අයට පෞද්ගලික කිරිහරක් ගැන්වූ ආයතනය මගින් මුදල් වියදම් කර එම ගොවිපලවල් පවත්වාගෙන යෑමට අවශ්‍ය විශාල මුදලක් වියදම් කරමින් සිටින බවත් ගුණතිලක බණ්ඩාර නම් කිරි ගොවි ව්‍යාපාරිකයා  කියා සිටියේ ය.  
 
 
මීට අමතරව සිගිරිය ගෙඩිගස්වාලාන  ප්‍රදේශයේ ව්‍යාපාරිකුගේ ගොවිපලක තැන තැන මැරී සිටින කිරි දෙනුන් වළ දමන ආකාරය දැකගත හැකිවිය. එම භූමියේ  කිරි ගවයින් 70කට වැඩි ප්‍රමාණයක් වළදැමූ සුසාන භූමියද ගොවීහු පෙන්වූහ. 

 



අදහස් (14)

‘කිරිහරක් ගෙන්වීමට ගත් මුදල් පෞද්ගලික සමාගමකට දීම ඔප්පු කරනවා’

c perera Friday, 29 March 2019 10:49 AM

අප්පච්චි මළානේද?

:       1       29

sarath Friday, 29 March 2019 11:20 AM

මේ රටේ ,රටට වැඩක් කරන ගොවියන්ට කරන හිරිහැර වලට හෙන ගහන්න ඕනේ.....

:       0       170

ධනුෂ්ක Friday, 29 March 2019 12:23 PM

නාමල් මහත්තයෝ මට මතකයි 2005 වසරේ ඔබ අපේ ගමට අාව වෙලාවක අපේ නිවසට අැවිත් කුරහන් පිට්ටුයි, වැව් මාළුයි මුංඅැට හොද්දයි, මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි එක්ක ගියා. හැබැයි එ් සෝබනෙට නොව පොලොවේ පය ගහලා ඉන්න මිනිහෙක් නිසා බව අපි දන්නවා. ඊට අවුරුදු 12ට පස්සේ ඔබතුමා මගේ පියා දැකලා එදා මතකෙට ඔබතුමාම ළඟට අැවිත් කතාකරලා තියනවා. ඔබ ගොවිකම හොඳින් හඳුනන ගොවි ජනතාව වෙනුවෙන් ගොවි නායකයෙක් විදියට නියම නායකත්වයක් දෙනවා. සමහරවිට ඔය ජනතාව තමන්ව ගොනාට අන්දපු මැති අැමතියන්ටම නැවත වතාවක් කතිරේ නොගහයි කියලා හිතන්න අමාරුයි. නමුත් ඔබතුමන්ලා අැර වෙන මොන නායකයාද මේවා වෙනුවෙන් කතා කරන්නේ...? ඔවුන් දේශපාලන බල පොරයට පමණයි ජනතාව මතක් වෙන්නේ... ඔබතුමන්ලා දේශපාලනයේ ඉන්නකන් රට ගැන අපි යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. යම් දවසක මේ රටේ ජනතාව දිනන දවසක් එනවා...

:       112       489

Sanath KandyFriday, 29 March 2019 08:12 PM

අඩු තරමේ මේ වගේ රත්තරන් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නවත් අපේ රටේ ඡන්ද දායකයෝ කෘතවේදී නැහැ ධනුෂ්ක... මිණි කැට විසි කරලා බොරළු ඇහිඳින මිනිස්සු අපි.

:       0       65

sirimal Friday, 29 March 2019 12:35 PM

කිරිහරක් වෙනුවට කිරිඑළදෙනුන් ගෙන්වන්න කියලා ඔය මහත්තයට බැරිද උද්ඝෝෂණයක් සංවිධානය කරන්න...?

:       54       36

චමින්දFriday, 29 March 2019 01:10 PM

දියවන්නාව පැත්තේ හරක් ඉන්නවනේ... එළදෙනුන් ගෙන්වන්න කියා උද්ඝෝෂණයක් කරන්න.

:       0       48

NishanthaFriday, 29 March 2019 03:08 PM

අපේ රටේ ජනතාව හිතන් ඉන්නේ ජවිපයේ අය ඉන්න ඕනේ ආණ්ඩු කරන වැරදි පෙන්නලා දෙන්න කියලා. නමුත් ජවිපය රට පාලනය කරන්න දෙන්න කැමැති නැහැ. රටේ අවාසනාව...

:       50       507

ධනුෂ්කFriday, 29 March 2019 05:05 PM

මං හිතනවා හඳ පෙන්නනකොට අැඟිල්ල දිහා නොබලා හඳ දිහා බැලුවා නම් හොඳයි. රටක් වශයෙන්ම එහෙම කරනවා නම් අපිට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. එ් නැතත් ඔය මහත්තයට තියෙන්නේ නොදැනුවත්කම ගැන ගැටළුවක්... හරක් යනුවෙන් අදහස් කරන්නේ එම සත්ව වර්ගයේ පොදු නාමයක් විදියට. එ් යටතට එළදෙන්නු ,ගොන්නු, එළ කරක්, මී හරක්, කුලු හරක් බටු හරක්, කිරි හරක් අාදී සියල්ල ගත හැකියි.

:       0       122

Sumith Friday, 29 March 2019 02:44 PM

වැඩිපුරත් ඉන්න එකේ තව උන් එයි.

:       0       11

Jehaan Saturday, 30 March 2019 01:36 AM

අපොයි මොකටද අමුතුවෙන් ගෙන්වන්නේ? අර තමන් කැමති පාටවලින් තෝරාගත්තු පට්ටියක්ම දියවන්නාව පැත්තේ ඉන්නේ.

:       0       6

VajiraSaturday, 30 March 2019 09:36 AM

ඒ ඔයාලගේ ඡන්දෙන්ම පත්වෙච්ච හරක් තමයි ජෙහාන්... නාමල් කරුණාරත්නලා වගේ රටට ආදරය කරන මිනිස්සු ගෙදර යවලා හරක් හොරු පාර්ලිමේන්තු යවන රටක මෙහෙම නොවී තියෙයිද?

:       0       65

Sumith Saturday, 30 March 2019 07:53 AM

ලංකාවේ කිරි ලීටරයට රුපියල් 60යි. වතුර බෝතලේ 150යි. කොහොමද දේශීය කිරි ගොවියගේ තත්වේ..?

:       0       13

Ruwan Saturday, 30 March 2019 03:14 PM

ලංකාවේ කෘෂිකර්මයට, සත්ව පාලනයට, ගොවියන්ට කුඩම්මාගේ සැලකිලි..

:       0       1

rocky Sunday, 31 March 2019 01:56 PM

හොර තක්කඩි! මේ හැතිකරේටම හෙන ගහන්න ඕනෑ! ඡන්දෙ දෙන එකෙන් අපි කරන්නේ මොවුන්ට රටම කන්න ලයිසන් එකක් දෙන එකයි. මේ දෙගොල්ලටම ඡන්දෙ දෙන්න එපා. මීට වඩා ටී.එන.ඒ. කාරයෝ හොඳයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 191 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 81 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1430 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3437 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1378 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 231 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site