(හර්ෂණ තුෂාර සිල්වා)
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය(ආසියාන්) ආරම්භ කර වසර 52ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.
මෙහිදී ආසියාන් සංවිධානයේ ධජය ඔසවන ලද අතර ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ති න්ගුරා ආර්ඩියාසා මහතා පිළිගැනීමේ කතාව කළේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලමනී චාර්ට්සුවාන් මහත්මිය අදහස් දැක්වූවාය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉන් අනතුරුව අදහස් දැක්වීය.
තායිලන්තය ආසියාන් සංවිධානයේ වත්මන් සභාපතීත්වය හොබවයි.
1967 වසරේ අගෝස්තු 8 වැනිදා තායිලන්තයේ බැංකොක් අගනුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය (ආසියාන්) සංවිධානය ආරම්භ කරන ලදි. අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් පස් දෙනකුගේ සහභාගීත්වයෙන් ආසියාන් සංවිධානයේ පළමු හමුව පැවැති අතර එහිදි බැංකොක් ප්‍රකාශනයට ද අත්සන් තබන ලදි. කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා කැපවීම කෙරෙහි එහිදි අවධානය යොමු කරන ලදි.
ආසියාන් සංවිධානය අද වනවිට කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලන, හමුදා සහ ආරක්ෂක, අධ්‍යාපන සහ සමාජ හා සංස්කෘතික අංශ අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යැන්ග් තායි, මියන්මාර තානාපති හන් තු යන මහත්වරුන් වියට්නාම තානාපතිනි පන් කියු තු හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් යන මහත්මීහු, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ආසියාන්’ සංවිධානයට 52යි