IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පිපිරීමෙන් මිය ගිය ගණන 78 දක්වා ඉහළට

 

ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ ඊයේ (4) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් 78 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.

බීරූට් අගනුවර, බීරූට් වරායේ පිහිටි ගබඩාවක මෙම පිපිරුම සිදුව තිබෙන අතර එම ගබඩාව තුළ පුපුරණ ද්‍රව්‍ය තිබූ බව දැනට අනාවරණය වී තිබෙන අතර ඒ තුළ සහ ඒ ආසන්නයේ රසායනික ද්‍රව්‍ය තිබී ඇතැයි ද ඇතැම් වාර්තාවල දැක්විණි.

නගර මධ්‍යයේ සිදු වූ මෙම පිපිරුමෙන් කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල ජනේල, වීදුරු පවා බිඳී ගොස් ඇති අතර ඇතැම් ගොඩනැගිලිවල සඳලුතල (බැල්කනි) පවා කඩා වැටී ඇතැයි මෙම සිදුවීම් මාලාව ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

පිපිරීමෙන් සිදුවූ මරණ ගණන සහ තුවාල ලැබූවන්ගේ ගණන මී‌ට වඩා ඉහළ යා හැකි බවත් සහන සේවකයන් සහ මුදා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිර වී සිටින පිරිස් බේරාගනිමින් සිටින බවත් ලෙබනන බලධාරීහු කීහ.  

වසර ගණනාවකට පසු ලෙබනන අගනුවර සිදු වූ දැවැන්තම පිපිරීම මෙය වන අතර මේ හේතුවෙන් ලෙබනන ආර්ථිකයට සහ සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසේ.

ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රටක් වන අතර නව කොරෝනා වයිරස වසංගතයෙන් පීඩා විඳියි. පසුගිය කාලයේදී ද ලෙබනයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබිණි.

පොහොර සහ බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750කට ආසන්න ප්‍රමාණයක් එම ගබඩාවේ තිබී ඇතැයි ලෙබනන ජනාධිපති මිචෙල් ඔවුන් පැවැසීය. “වසර හයකට ආසන්න කාලයක් එම පුපුරණ ද්‍රව්‍ය එම ගබඩාවේ තිබී ඇතැයි ද, එය පිළිගත නොහැකි” යැයි ද හෙතෙම කීය.

ලෙබනන ජනාධිපතිවරයා අද (5) හදිසි කැබිනට් හමුවක් ද කැඳවා තිබූ අතර සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි ද ඔහු කීවේය.

“අපිට දකින්න තියෙන්නේ මහා විනාශයක්” යැයි ලෙබනන රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජෝර්ජ් කෙටානි ‘මයාඩීන්’ පුවත් සේවයට පැවැසීය. “හැමතැනම මළසිරුරු, හැමතැනම තුවාලකරුවන්” ඔහු කීය.

මෙම පිපිරුම සිදුවූයේ ලෙබනන වේලාවෙන් පස්වරු 6ට පමණය. පිපිරුමෙන් පසු වරාය දිස්ත්‍රික්කයේ විශාල ගින්නක් ද ඇති වූ අතර රාත්‍රී අහස තැඹිලි පැහැයක් ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. හෙලිකොප්ටර් යානා පැමිණෙමින් ජලය ඉසිමින් ගින්න පාලනය කිරීමට උත්සාහ ගන්නා අයුරු ද නගරය ද සෑම තැනම ගිලන් රථ ගමන් කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් ද පිරී තිබූ රෝහල්වල පිපිරුමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් පහසු නැති බව ද වාර්තා විය. බීරූට් නුවර පිහිටි රෝහල්වල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නගරයෙන් පිටත රෝහල්වලට තුවාලකරුවන් රැගෙන ගිය බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

රොයිටර්

 

055



අදහස් (0)

පිපිරීමෙන් මිය ගිය ගණන 78 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

දියත

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 139 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 164 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 134 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 124 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 222 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 411 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1618 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site