IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මුතුරාජවෙළ මායිම් ලකුණු කිරීම කඩිනම් කරන්නැයි නියෝගයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අභියාචනාධිකරණය  මිනුම්පතිවරයාට අද නියෝග කළේය.

මුතුරාජවෙල අභය භූමිය හා තෙත්බිම් කලාපය තුළ සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සහ කැලි කසල බැහැර කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  මැල්කම් කාදිනල්  රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් සලකා අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි.

මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මුතුරාජවෙළ අභය භූමියේ නව මායිම් ලකුණු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවත් , යෝජිත තාප බලාගාරය අදාළ අභය භූමියේ උතුරු මායිමට පිටතින් පිහිටා ඇති බවට තහවුරු වී ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.

නිසි ආකාරයට මායිම් ලකුණු නොකිරීමෙන් බලාගාරයේ නිසි පිහිටීම සොයා ගැනීමට අපහසු වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම මායිම් ලකුණු කිරීමේ දින වකවානු මෝසමක් මාර්ගයෙන් ලබන අගෝස්තු 06 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහෙිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙසට රජයේ මිනුම්පතිවරයාට නියෝග කළේය.

 



අදහස් (1)

මුතුරාජවෙළ මායිම් ලකුණු කිරීම කඩිනම් කරන්නැයි නියෝගයක්

Clarence Tuesday, 27 July 2021 07:30 AM

අත්‍යාවශ්‍ය වැඩක්.. ජයවේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 542 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 169 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 143 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 120 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3789 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1713 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site