IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා

(තිළිණි ද සිල්වා)

පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට  නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම බෙහෙත නියම කරන ලෙසට බල කරන අවස්ථාවන්ද තිබූනේ යැයි මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය.

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගයේදී එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල පරීක්ෂණ මඩුල්ලක් හමුවේ සාක්කි ලබා දෙමින් එම විශේෂඥ වෛද්‍යවරිය මේ බව කියා සිටියාය.

එහිදී ජනාධිපති  කොමිසම හමුවේ සාක්කි දෙමින් විශේෂඥ වෛද්‍ය දමයන්ති පිරිස් මහත්මිය  වැඩිදුරටත් කියා සිටියේ එසේ ගෙන්වා ඇති එන්නත පියයුරු පිළිකා මුල් අවස්ථාවේදී එන්නත් නොකළ යුතු බෙහෙතක් බව හඳුනාගත් බවය.

බෙහෝ අවස්ථාවල එම එන්තන භාවිත නොකරන්නේ කුමක්දැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධවේදීන් ගෙන් තමන් විමසන බවත් එම බෙහෙත එන්නත් කර රෝගීන්ට ආසාධන ඇති වූ අවස්ථාවලදී ඒ බව තමන්ම වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන් බවත් විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය කොමිසම හමුවේ පැවසුවාය.

මෙම එන්නත් සිද්ධිය ගැන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන් විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතාද  තමන්ද සාක්කි දීම නිසා ඉහළ නිලධාරීන්ගෙන් ඇති විය හැකි බලපෑම් හා තර්ජන සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයකින් පසුවන බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියාය.

එම අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ කොමිසමට පවරා ඇති බලතල අනුව සාක්කි දෙන කිසියම් අයෙකුට බලපෑම් එල්ල කළහොත් එවැනි අයගේ රැකියාව පවා අහිමි කිරීමට සාමාන්‍ය නීතිය යටතේ පියවර ගත හැකි බවයි.

කොමිසමේ නිල කාලය අවසන් වුවත්  අනාගතයේ හෝ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අයිතිය කිසිදු අවස්ථාවකදී අහෝසි නොවන බවද කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 16 දිනට කල් තබන ලදී.



අදහස් (20)

රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා

Raveendra Wednesday, 08 May 2019 02:30 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉහළටම ඉගෙනගෙන එසේ එය ලබාදීමට අනේකවිධ දුක් ගැහට විඳ බදුමුදල් ගෙවපු සහ ගෙවමින් සිටින අහිංසක මිනිසුන්ගේ ජීවිතද ලොකු? කොහෙවත් යන ඉහළ නිලධාරීන් යයි කියන්නන්ද වඩාත් වැදගත් වන්නේ.. යන්න අප මෙම දොස්තර නෝනාගෙන් විමසීමට කැමැත්තෙමු. තව එක් කරුණක් විමසීමට කැමැත්තෙමු. අහිංසක රෝගීන්ට සයනයිඩ් දෙන්න කිව්වොත් ඔය කියන පහත් ඉහළ නිලධාරීන්... දොස්තර නෝනා එසේ කරනවාද? තමන්ගේ විශේෂඥ වෛද්‍යකම මොනතරම් බාල්දු කර ඇද්ද යන්න ඔහේම සිතා බලන්නකෝ... කාර් පර්මිට් එකට හෝ වෙනත් පහසුකම් වලට අඩුවක් වුනොත් රෙද්ද, කලිසම උස්සගෙන වර්ජන, තර්ජන දොස්තර නෝනලා මහත්තයලා ඔය කරේ එල්ලගෙන සිටින නලාව දෙහි අත්තක එල්ලනවා හොඳයි.. ඔහෙලගේ වෘත්තිය මොනතරම් පහත්ද බලනකොට.. ලැජ්ජයි ලැජ්ජයි ගෙදර යනකොට අර මොකක්ද බුර්කාවක්ද කියන කළු රෙද්දෙන් මුළු සර්වාංගයම වහගෙනම යන්න හොඳේ...

:       2602       136

කැකිරාThursday, 09 May 2019 02:33 AM

ඔයාගෙ වචන ඇහෙනකොට ඔබ තුල තෙරපෙන කුහක ඊර්ෂ්‍යාව අපට දැනෙනවා. ඔය කියන දේවල් නිවැරදිව කරන්න ඇයි ඔබට වෛද්‍ය වරයෙකු වීමට නොහැකි වුනේ හෘද සාක්ෂිය විමසන්න

:       20       128

සඳුන්Thursday, 09 May 2019 02:35 AM

රවීන්ද්‍රට වලිගෙ පෑගිලා වගේ. ලිපිය නැවත කියවන්න. දොස්තර නෝනා උත්සාහ කරන්නේ කොමිසම ඉදිරියේ වංචාවට විරුද්ධව සාක්ෂි දීමටයි. සමහරුන්ට දොස්තර කිව්වාම භූමිතෙල් වැදුණු ගැරඬි වගේ කුලප්පු වෙනවා.

:       0       82

RangaThursday, 09 May 2019 03:10 AM

මොළේ හොඳ නැහැ...දොස්තර කෙනෙක්ට ගිහින් පෙන්නන්න..

:       4       64

Praba Wednesday, 08 May 2019 03:25 PM

ලෝකයේ වඩාත් දූෂණයට ලක්ව ඇති ව්‍යාපාරය ඖෂධ ව්‍යාපාරයයි. එය අවිආයුධ ව්‍යාපාරයටත් වඩා දූෂිත බව සොයාගෙන තිබෙනවා. අපේ ඡන්දයෙන් වැජඹෙන උතුමන්ගේ වැඩ ගැන තව කවර කතාද? රටක් වටිනා වෛද්‍යතුමියට දෙවියන්ගේම පිහිටයි...

:       18       148

Rasika Wednesday, 08 May 2019 03:41 PM

රවීන්ද්‍ර ඔබ හොඳටම පටලවාගෙන... මේ දොස්තර නෝනා තමන්ගේ ජීවිතයට ඇති අවධානමද නොසලකා තමයි සාක්කි දෙන්නේ... ඔය ඖෂධ ගෙන්වීම් මෙන්ම දීමට බලකිරීම පිටුපස සිටින්නේ සුවපති සහ සහචරයන් බව තේරෙනවද? මේ දොස්තර නෝනා ඒවා ලෙඩ්ඩුන්ට දීමට එරෙහි වූ ඒ සඳහා සටන් කරන කෙනෙක්...

:       46       462

RaveendraWednesday, 08 May 2019 05:03 PM

Rasika මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඕනෑම ආයතනයකට කුමක් හෝ මිලදී ගන්නේ නම් එයට අදාළ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් සුදුසුද නැද්ද? යන්න මෙන්ම ඒ පිළිබඳව ඇගයීමක් මෙන්ම වාර්තාවන් ලබා ගන්නවා නොවේද? එවිට දේශපාලකයාට තමන්ගේ අභිමතය පරිදි යමක් මිලදී ගැනීමට පුලුවන්ද? එලෙස මෙම බෙහෙත පිළිබඳව විශේෂඥ උපදෙස් නොගෙන රාජිත උන්නැහේට හෝ ඒ ඒ අදාළ නිලධාරීන්ට මිලදී ගත හැකිද? සරලවම සඳහන් කරනවා නම් වඩු කාර්මිකයකුට හෝ පෙදරේරුවෙකුට හෝ මෙම බෙහෙත පිළිබඳව නිසි වාර්තාවක් දිය හැකිද? එසේ නම් මෙය කිසියම් හෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මිලදී ගත්තා නොවේද? කරුණාකර ඒ පිළිබඳව නැවතත් සිතා බැලීම යෝග්‍ය නොවන්නේද? කෙසේවෙතත් අපගේ මෙම අදහස් වලින් මෙම විශේෂඥ වෛද්‍යවරියට අපහසුවක් අැතිවූවානම් අප සමාව භජනය කරන්නෙමු. ඒ පිළිබඳව අපද අවංකව කණගාටු වන්නෙමු .

:       569       178

SBWednesday, 08 May 2019 06:42 PM

තමුන් දන්නේ නැත්ද මේ කියන පිලිකා මගඩියෙදි වුන දේ? ඔය බෙහෙත ගේන ටෙක්නිකල් කමිටී එකෙ හිටපු ඩොක්ටර්ස්ලයි මහරගම ඇතුලු මුලු ලංකාවෙම ඉන්නා පිලිකා විශේෂඥ වෛද්‍යවරුයි මේ බෙහෙත ගේන එකට විරුද්ධ වුනා.. ඒත් වෙන් බෙහෙතක් නැති වෙනකොට, පිලිකාවෙන් මැරෙන්න අරින්න ද කියන්නෙ ...?

:       0       1

PrabaWednesday, 08 May 2019 11:29 PM

මෙම ඖෂධය ලියාපදිංචිය ප්‍රතික්ෂේප කල එවක ඖෂධ නියාමන අධිකාරියෙ සභාපති කීර්තිමත් මහාචාර්ය වරයා නෙරපා දමා තමා මේ ඖෂධ ය ගෙන්වූයෙ. සල්ලි ගොඩක් බලවත්.

:       0       6

විජිත් Wednesday, 08 May 2019 03:44 PM

ඉහළින් කියන්නේ ඔය බෙහෙත ගෙන්වපු " දතා " නොහොත් රට කන දතා...

:       47       774

Saman Wednesday, 08 May 2019 03:50 PM

රවීන්ද්‍ර මහත්මයා, රාජිත ඇමතිගේ හොරකම් අහුවෙන කොට හොඳටම රිදිලා වගේයි නේද? සිරිකොත දවස් පඩිය කීයද ඔබතුමාට? මේ දොස්තරතුමා මේ තරම් තර්ජන තියෙනවිට ඇවිත් බලය තියෙන රජයේ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන එකට අපි නම් ආඩම්බරයි. ඔබට රිදෙන හේතුව අපිට පැහැදිලියි.

:       14       1116

athuraFriday, 10 May 2019 05:35 AM

එතකොට කොමිසම පත් කලේ හිටපු රජයෙන්ද.

:       0       0

hira Thursday, 09 May 2019 02:51 AM

අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසා කන අයට වැහි නැති හෙන පාත් වෙන්න ඔනේ.

:       0       33

sandy123 Thursday, 09 May 2019 07:09 AM

අපේ රටට නම් කවම කවදාවත් හොදක් වෙන්නේ නැහැ මේ ජඩ දේශපාලකයින් සහ නිලධාරින් ඉන්න තාක්කල්. හොරකම ගෙනියනවා හරියට වාසගම වගේ. කරුණාකර මෙය සංස්කරණය නොකර පල කරන මෙන් ආයාචනය කරමි. පවුලේ සය දෙනෙක් මේ රෝගයට මිය ගිය නිසා මෙය කෙතරම් වේදනාවක්ද යන වග මම හොදින් හදුනමි.

:       0       7

sam Thursday, 09 May 2019 07:31 AM

අපේ සෞඛ්‍ය ඇමතිතුමා තමයි ඉස්සර යුද්ධය තිබුන කාලයේ තමන් මන්ත්‍රී කෙනෙක් හැටියට ඉඳගෙනත් බාල බෙහෙත් හමුදාවට ගෙන්නලා දීල අහුවෙලා මන්ත්‍රීකම නැතිකරගත්තේ. ඉතින් එහෙම තුමාට සෞඛ්‍ය ඇමතිකමම දුන්නාම කොහොමට වැඩ පෙන්නාවිද කියන එක ඔය සෞඛ්‍ය ඇමතිකම් දීපු උදවිය හිතන්න තිබුනා.

:       1       74

suddaThursday, 09 May 2019 10:12 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වාලු.

:       1       0

athula Thursday, 09 May 2019 07:41 AM

මේවා දකිනකොට අපේ රටේ ඉන්නේ මිනිස්සුද හරක්ද කියලා හිතෙනවා. මේවා නොවිසුදුන ප්‍රශ්න කවදාවත් මේ දෙගොල්ලම ඉන්න කම් මේ ක්‍රමය මෙහෙමම තමා අනුකම්පා විරහිතව ජනතාවගේ මලකදන් එක සෙල්ලම් කරන එකට යොදාගෙන ඉන්නේ දේශපාලන පිල් බෙදීම ..

:       0       1

ආනමඩුවේ මානවඩු Thursday, 09 May 2019 07:42 AM

රාජිත උන්නැහෙ හෙට මාධ්‍ය හමුවක් තියලා කියයි මේක පිටිපස්සෙ ඉන්නෙ ගෝඨාභය කියල.

:       0       57

sandy123 Thursday, 09 May 2019 08:58 AM

අපේ රටට නම් කවම කවදාවත් හොදක් වෙන්නේ නැහැ මේ අසමජ්ජාති අසික්කිත ජඩ දේශපාලකයින් සහ නිලධාරින් ඉන්න තාක්කල්. හොරකම ගෙනියනවා හරියට වාසගම වගේ. මේ වගේ මුළු ජීවිත කාලයම විදවන මරණය අතේ තියාගෙන ජීවත්වෙන අහිංසක රෝගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මේ අය පාරේ ඇදන් යන්න ඕනේ. පවුලේ සය දෙනෙක් මේ රෝගයට මිය ගිය නිසා මෙය කෙතරම් වේදනාවක්ද යන වග මම හොදින් හදුනමි.

:       0       0

කුමාරි ධම්මගේ Thursday, 09 May 2019 01:59 PM

මම ඔය වෛද්‍යතුමිය දන්නවා. ඇය අපේ රටට සම්පතක්. මේ දේශපාලුවන් නිසා මෙවැනි වෛද්‍යවරු අපිට අහිමි වෙන්නත් පුළුවන්. ඔවුන්ට පුළුවන් පිටරටකට ගිහිල්ලා ලොකු මුදලකට තම සේවය ලබා දෙන්න. ඒත් අසරණ රෝගීන් වෙනුවෙන් ලංකාවේ ඉඳගෙන ඔවුන් කරන මේ සේවය ගැන අප ඔවුන්ට සදා ණයගැතියි. එතුමිය මේ පෙනී සිටින්නේ අහිංසක රෝගීන් වෙනුවෙන්. මරණය දැක දැක ඉන්න අසරණ රෝගීන්ට නුසුදුසු බෙහෙත් නියම කරන්න තරම් ඇය දුෂ්ට චරිතයක් නෙමෙයි. ඇය සඳහන් කර තියෙනවා මේ රෝගීන්ට මෙවැනි බෙහෙත් ලබා දීමෙන් ඔවුන්ට ඇතිවන අතුරුපල ප්‍රතිඵල මොනවාද කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 11 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 528 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 203 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 260 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 251 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 28 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site