IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අධ්‍යාපනය රැකගන්න ටියුෂන් අහෝසි කරන්න’

(බිඟුන් මේනක ගමගේ)

ජාතික අධ්‍යාපනය රැකගැනීමට නම් උපකාරක පන්ති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රවීණ අධ්‍යාපන විද්‍යාවේදියකු හැටියට සැලකෙන ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ  ‘ලංකාදීප’ යට අද(22) පැවැසූහ.

මෙම තීන්දුව ගතහැක්කේ ඒකාධිපතියකුට පමණක් යැයි ද එය ඒ තරමටම පිළිකාවක් සේ පැතිරී ගොස් ඇතැයි ද හිටපු අගරදගුරුතුමෝ අවධාරණය කර කීහ. 

ලොකු පොඩි භේදයකින් තොරව නගරයේත් ගමේත් පාසල් දරුවන් මේ වනවිට ටියුෂන් පංති කරා ඇදීයන්නේ යැයි කී උන්වහන්සේ එය තනිකරම මාෆියාවක්යැයි චෝදනා කළහ.

මෙම පරිසරයෙහි පාසල් යෑම බොරු වැඩක් වී ඇතැයි ද රජය කඩිනම් අවධානයක් යොමු නොකළහොත් අධ්‍යාපනයෙහි සියලු සාරාර්ථ ඉක්මනින්ම විනාශමුඛයට යනු ඇතැයි ද ඔස්වල්ඞ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ කීහ. 

පාසල් ක්‍රමය ශක්තිමත් කර දුර්වල සිසුන්ට සවස් පංති පවත්වන ක්‍රමයක් නිර්මාණය කළ යුතු යැයි ද ඒ සඳහා ගුරුවරුන් කැපවිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.

අධ්‍යාපනය ලබාදීමේ අයිතිය රාජ්‍ය අංශයට පමණක් සීමා විය යුතු නැති නමුත් අධ්‍යාපනයට නිසි ප්‍රමිතියක් තිබීම අත්‍යවශ්‍ය යැයි ද හිටපු අගරදගුරුතුමෝ පැවැසූහ.

රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව අධ්‍යාපනයට ප්‍රමිතියක් සකස් කළහොත් ටියුෂන් සංස්කෘතියෙන් අධ්‍යාපනය විනාශ වීම වලක්වාගත හැකි යැයි  ඔස්වල්ඞ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවැසූහ. 



අදහස් (37)

‘අධ්‍යාපනය රැකගන්න ටියුෂන් අහෝසි කරන්න’

J singe Sunday, 22 December 2019 07:55 AM

විශිෂ්ඨ යෝජනාවක්...

:       110       943

Mahee Sunday, 22 December 2019 08:29 AM

උන්වහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත. ඔය වගේම එකක් තියෙනවා. සෞඛ්‍ය සේවය රැකගන්න නම් පෞද්ගලික වෙදකම අහෝසි කරන්න. හැබැයි, ඒකත් කළ හැක්කේ ඒකාධිපතියෙකුට පමණයි.

:       185       1294

raviSunday, 22 December 2019 02:12 PM

දැන් ඉන්නේ ඒකාධිපතියෙක්නේ... මිනිහාටත් බැරි වෙලාද?

:       19       151

nimal Sunday, 22 December 2019 08:57 AM

එතකොට, මේ ළමයින්ව නොමග යවන්න හෝ ප්‍රයෝජනයට අල්ලාගන්න අපහසු වෙනවා නේද?

:       5       179

Walter White Sunday, 22 December 2019 09:05 AM

අධ්‍යාපනඥයෙක් හැටියට මේ පූජකතැනට තමන්ගේ අදහස කියන්න පුළුවන්, එ්ත් ප්‍රායෝගික නැහැ. ඉගෙනීමට දුර්වල දරුවට ගුරුවරයෙක් ගෙන්වලා උගන්වනවා නම් එ්කත් තහනම් කරනවද? අන්තිමේ වියදම් කරන්න පුළුවන් අය විතරක් එහෙම කරාවි, දවසට පැයට පන්දාහක් දහදාහක් ඉල්ලන ගානට ගුරුවරු ගණන් උස්සාවි, යාන්තම් ජෙනරාල් ක්ලාස් එකකට ගාන ගෙවාගන්න පුළුවන්.... දුප්පත් කොල්ලන් කෙල්ලන් තරඟයෙන් හැලේවි, තරුණ අසහනය වෛරය වැඩිවේවි. මේකට ඔය තහනම් කිරිල්ල හරි යන්නේ නැහැ. තහනම් කරලා විසඳුම් දෙන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවේ. තියෙන්නේ එකම විසඳුමයි... පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරලා, වැඩි වැඩියෙන් අධ්‍යාපනයට තැනදෙන්න. වැඩි වැඩියෙන් අධ්‍යාපනයට අවස්ථා දෙන්න. වෘත්තීය අධ්‍යාපනයට විශේෂ වැදගත්කමක් දීලා වැඩියෙන් නවකයන් අද්දවාගන්න. ඒ වගේම විභාගවලින් වැඩියෙන් ලකුණු ගන්න ඉහළම දක්ෂතා ඇති සිසුන් අර බූරු දිස්ත්‍රික්ක පදනම්වලින් හලන්නේ නැතිව කෙලින්ම බඳවාගන්න. පුරප්පාඩුවලට සම්මුඛ පරීක්ෂණ විශේෂ කුසලතා ආදියෙන් බඳවාගන්න. ඒ හැර වෙන විකල්ප නැහැ....

:       811       114

රවින්Sunday, 22 December 2019 10:34 AM

කරුණාකර දැනට පාසල්වල සිදුවෙනදේ ගැන අවබෝධයක් ලබාගන්න. ගුරුවරු පන්තිවල හරියට උගන්වනවාද? ඕනෙම රජයේ පාසලක් ඉදිරිපිට සිටියොත් දැකගත හැකිවේවි මුට්ට කරගහගෙන යනවා වගේ ළමයින් පාසල තුළට ඇතුලුවෙන විදිය. පාසලට යන්න පෙර ළමයා තෙහෙට්ටුවී හමාරයි. ඇයි අර පොත් බෑග් එක උස්සන් ගිහිල්ලා. තෙහෙට්ටු වූ ළමයෙකුට හරියට ඇහුම්කන්දෙන්න පුළුවන්ද? ළමයා ගැන අවශ්‍ය නැත. ඔබ තෙහෙට්ටු වූවිට හරියට යමක් තේරුම් ගත හැකිද? හවස ගුරාගේ පන්තියට ආවේ නැතිනම් ලකුණු කපනවා. තව තව සෑහෙන දේ ඇතත් මෙම කෙටි කාරණාවලින් ඔබට යමක් වැටහෙනු ඇතැයි සිතමි. මේවා පිටපස්සේ තමා ටියුෂන් ගුරා ඉන්නේ. දැක්කේ නැද්ද පහුගිය ටිකේ ටියුෂන් ගුරු- හොරු දෙන්නෙක් ගහගන්න ලැහැස්ති වෙනවා...

:       0       192

Walter WhiteSunday, 22 December 2019 11:53 AM

බලන්න, ලංකාවේ ගංජා අබින් තහනම පැවතෙන්නේ සුද්දන්ගේ කාලයේ ඉඳන්, එ්ත් කෝ මිනිස්සු ගංජා ගැහිල්ල නවත්තලද? නැහැ තහනම කියන්නේ විසඳුම නෙවේ. ඕනෑම අවදානමක් අරන් ඒ වැඩ කරන්න. දැන් ඔය කියලා තියෙන කාරණයට අදාළ ගුරුවරු ඉන්නවා තමයි. නමුත් එ්ක සම්පූර්ණයෙන්ම විනය සම්බන්ධ කාරණයක්, පෞරුෂයක් නැති ඇරියස් පිරිමහගන්න බෙලහීන පිරිස් නැත්තේ මොන ක්ෂේත්‍රයේද? වෙදකමට තියෙන තරඟය වැඩි නිසා අනිත් වෙදා මරන්න කොන්ත්‍රාත් දුන්නු සිදුවීම් අපි අහලා තියෙනවා. එ්කෙන් හැම මිනිහාම මනින්න බැහැ, ඉතින් ඒ වගේ අයට සුදුසු පියවරක් ගන්න කිසිම අමාරුකමක් බැරිකමක් නැහැ. ඊළඟ දෙය ළමයි පොත් උස්සන් යන එක, ඒවා පාසලේම තියලා යන්න වැඩ පිළිවෙලක් හදාගන්න අමාරුවක් නැහැ. අනවශ්‍ය තරඟය හැදිලා තියෙන්නේ සීමාසහිත පාඨමාලා ටිකකට සීමාසහිත පිරිසක් බඳවා ගන්න නිසයි. පුළුවන් තරම් අවස්ථා විවෘත කරලා ඉගෙනගන්න සලස්වනවා නම් පාසලේදීම වෘත්තීය පුහුණුවක් දෙනවා නම් ඔය තරඟය අඩු වෙනවා. ආණ්ඩුවට තියෙන බර අඩුවෙනවා පෞද්ගලික අංශයට ඉඩ දෙනවා නම්...

:       3       42

nimal Sunday, 22 December 2019 09:09 AM

ඕක හරියන යෝජනාවක් නෙමෙයි..! එතකොට මේ දරු, දැරියන්ට ටියුෂන් යනවයි කියලා. දෙමව්පියන්ගෙන් සල්ලි කඩාගෙන.. වෙන වෙන තැන්වල යන්නත් බැරිවෙනවනේ..

:       148       89

kapSunday, 22 December 2019 10:04 AM

ඔයාගේ දරුවෝ ඒ වගේද? එහෙනම් තමන්ගේ දරුවෝ හදාගන්න...

:       148       94

nimalSunday, 22 December 2019 02:03 PM

අපි ඔබතුමාව අඳුරනවානේ.. මුදලාලි කෙනෙක් නේද .. ?

:       2       162

රවින් Sunday, 22 December 2019 09:12 AM

සහතික ඇත්ත. ඒත්?... මොකද පරණ ටියුෂන් ගුරා සෙට් කරලද කොහෙද? ටියුෂන් ගුරුවරු ඡන්දයට ඉස්සෙල්ලා වෙනම හම්බවෙලා පාටියක් දැම්මනේ. පින්තුර හෙමත් ප්‍රසිද්ධ කරලා තිබුනේ. ඉතින් ආවඩා ආයුබෝවේවා කියන්නේ නැතිව දුම්මල මුට්ටිය ගන්න පුළුවන්ද? තවතව අධ්‍යාපනය අනන තරමට උන්ට වැජඹිය හැකිය...

:       1       151

කපුරුහාමි Sunday, 22 December 2019 09:15 AM

ඉස්සර ළමයි විභාග පාස් වුනේ ටියුෂන් පන්ති ගිහින් නෙවෙයි. ගුරුවරු කැපවීමෙන් ඉගැන්නුවා. අද ගුරුකම සේවයක් වෙනුවට ව්‍යාපාරයක් වෙලා. ප්‍රසිද්ධ පාසැල්වල ගුරුවරු. ගුරුවරියන් පවා ගෙවල්වලට ගිහින් ටියුෂන් දෙනවා...

:       0       121

DhammikaSunday, 22 December 2019 10:55 AM

මේ සියලුම අදහස් වලින් ඇත්තම අදහස මේකයි.. මේවා තේරෙන්නේ ළමයි එක්ක අධ්‍යාපන වැඩ එකට කරන දෙමව්පියෙකුට විතරයි. නැතුව තමන්ගේ ළමයා ටියුෂන් කඩේකට යවලා ළමයාගෙන් උසස් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන දෙමව්පියන්ට නොවේ. ඔය ටියුෂන් තිබිලා නෙමේ අපි විභාග පාස්වුනේ...

:       1       97

ලැවොයිසියර් Sunday, 22 December 2019 09:55 AM

ඔය වැඩේ කරන්න ඒකාධිපතියකු හොයාගන්නේ කොහෙන්ද?

:       0       21

Rasanjana Kaveen Fernando Sunday, 22 December 2019 10:26 AM

ඔව්, ටියුෂන් ඉවත් කරන එක හොඳයි... එතකොට ළමුන් අතර තියන තරඟකාරි අධ්‍යාපන රටාව වෙනස් වෙයි. නමුත් ටියුෂන් නවත්තන්න තියන හොඳම ක්‍රමය පෝස්ටර් ගහන එක තහනම් කරන එක නොවන බව අවබෝධ කරගත යුතුයි. හැම ළමයෙක්ම ටියුෂන් යන්නේ පාසල් අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන හින්දා, සමහර ටියුෂන් කරන ගුරුවරු සමහර පාසල් ගුරුවරුන්ටත් වඩා සුදුසුකම් තියන අය... ඒ වගේම එයාලා ගොඩක් දක්ෂයි. නමුත් එයාලා පාසල්වලට ආවොත් ඒ සුදුසුකම්වලට සරිලන වැටුපක් එයාලට ලැබෙන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න... ලංකාවේ හැමෝම දන්න සර් කෙනෙක් තමයි ජීව විද්‍යාව උගන්වන තිස්ස ජනනායක සර්, අන්න ඒ වගේ සර් කෙනෙක් උගන්වන පාසලක ළමයි කවදාවත් ජීව විද්‍යාවට අමතර පන්තිවලට යාවිද...? විය යුත්තේ හිටි හැටියේම ටියුෂන් තහනම් කරන එක නොවන බව මාගේ අදහසයි. විය යුත්තේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීමයි... එතකොට ඉබේම ළමයි ටියුෂන් යන එක නවත්තනවා.

:       6       63

මුණසිංහ Sunday, 22 December 2019 10:48 AM

හිමියනි, මේක කාලෝචිත යෝජනාවක් නොවෙයි. ඔබ වහන්සේ අධ්‍යාපනඥයෙක් හැටියට යෝජනා කරන්න ඕන රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය විධිමත් කිරිමේ යෝජනාවක්... රජයේ පාසල් පද්ධතිය විධිමත් කරලා, පහසුකම් වැඩි කරලා... අධ්‍යාපන රටාව වෙනස් කරලා පියවර ගන්නකම් ඔය යෝජනාවෙන් ඵලක් නැහැ.

:       47       9

athuraMonday, 23 December 2019 04:32 AM

තමන් කැමති අය පාලනය කරන නිසා කාලෝචිත යෝජනාවක් නෙමෙයි.

:       0       0

විජිත් Sunday, 22 December 2019 11:21 AM

මේ යෝජනාව මේ සියවසේදී ක්‍රියාත්මක කරන්න තාක්ෂණිකව අපහසුයි. අන්තර්ජාලය හරහා දැනටමත් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි විශාල රටවල ඈත පළාත්වල අධ්‍යාපනය ලබාදීම සිදුකරනවා. ඒ ඒ ළමයින්ට අවශ්‍ය හොඳ ඉන්ටර්නෙට් සම්බන්ධතාවකුත් ඒ පන්තියට ඇතුළත්වීම සඳහා අවශ්‍ය පාස්වර්ඩ් එකකුත් පමණයි. ඒ සඳහා ශිෂ්‍යයා ගෙවීම් කළ යුතුයි. ඉතින් අපේ රටේත් ටියුෂන් ගුරුවරුන් "ටෙලි ක්ලාසස් " කළොත් ඔබතුමාගේ ඔය අදහස ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵල ලැබේවිද..,?

:       3       42

MaheeSunday, 22 December 2019 01:42 PM

ඇත්ත නේන්නම්, විජිත්, ඊ-ලර්නින් සේවාවන් කීයක් නම් අද ලෝකේ තියෙනවද? ලංකාවේත් ඊ-ලර්නින් මධ්‍යස්ථානයක් දැන් තියෙනවා. අනික ශිෂ්‍යයින්ට දැන් ටැබ් එහෙමත් නොමිලේම දීලා තියෙන එකේ අපේ ටියුෂන් ගුරුවරු වැඩේට බහී ඉක්මනටම. ඒකත් හොඳයි එක අතකට. රටේ තොරතුරු තාක්ෂණය පාලනය කරන ICTA එකටත් ඉතාම හොඳ මොළ ටිකක් පත්වෙලා ඉන්න එකේ වැඩේ ඉතාම හොඳින් කෙරෙයි.

:       1       15

Nana Sunday, 22 December 2019 12:33 PM

ඕක මාෆියාවක් තමයි. රටේ තිබෙන ලොකුම ප්‍රශ්න 10න් එකක්. සිසුන්ගේ විනය පිරිහීමට ලොකුම හේතුව... රජයේ පාසල්වල ඉගෙනීම බාලවීමට මෙය හේතුවක්. එ්ත් හොඳ පැත්තකුත් තිබේ. එ්ත් තහනම් කළොත් සල්ලි තියෙන උදවිය පමණක් ඒ අවස්ථාව ලබා ගනී. කළයුතු දේ නම් පාසල්වල ගුරුවරුන්ගේ ප්‍රතිඵල මත පමණක් උසස්වීම් ලබාදෙන ක්‍රමයක්. එසේම වැඩ නොකරන ගුරුවරුන් අස්කිරීමේ හෝ පඩි අඩු කිරීමේ ක්‍රමවේදයක්. එසේම විදුහල්පතිවරුන්ද මනින ක්‍රමයක්. එතකොට නිකම්ම පාසල් අධ්‍යාපනය දියුණු වේවි...!!! හරි පහසුයි.

:       16       68

මුණසිංහSunday, 22 December 2019 04:04 PM

නිවැරදි විග්‍රහයක්..!

:       3       11

Akila Sunday, 22 December 2019 12:49 PM

එහෙම කලොත් බහුතරයක් ටියුෂන් මුදලාලිලාට ඇත්තටම රස්සාවක් හොයාගන්න හෝ ත්‍රීවිල් එලවන්න තමයි වෙන්නේ...

:       37       5

sugath Sunday, 22 December 2019 01:00 PM

ලංකාවේ ටියුෂන් අහෝසි කිරීම යනු කට වටකර වැටක් බඳිනවා වැනි වැඩකි. වෘත්තියෙන් ගුරුවරයෙක් වුණු පලියට, සෑම ගුරුවරයෙකුටම යම් විෂයක් අවබෝධ පරිදි සිසුන්ට ඉගැන්වීමේ හැකියාවක් නොමැත. මා අත්දැක ඇති පරිදි විෂයක් ඉගැන්වීම කෙනෙකුට උත්පත්තියෙන් පිහිටා තිබෙන දෙයක්. ඕනෙම ටියුෂන් ගුරුවරයෙක් දීර්ඝ කාලීනව සාර්ථක වී ඇත්නම් එය සිදුවී ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ විෂයක් ඉගැන්වීමේ ඇති දක්ෂතාවය මත පමණක්ය. ලංකාවේ ටියුෂන් මෙතරම් වර්ධනය වී ඇත්තේ තෘතීය අධ්‍යාපනය සඳහා ඇති දරුණු තරගයයි. මෙයට පිළියම ටියුෂන් අහෝසි කිරීම නොව, තෘතීය අධ්‍යාපන ආයතන බහුල කිරීමයි. ලංකාව වැනි බදු අදායම අඩු රටකට අවශ්‍ය තරම් තෘතීය අධ්‍යාපනය නඩත්තු කළ නොහැකිය. එවැනි ආයතන බිහිකිරීම සඳහා පුද්ගලික අංශය සහභාගි කරගත යුතුමයි.

:       1       9

ගැමුණු Sunday, 22 December 2019 01:27 PM

ටියුෂන්වලින් හරි දැනුම ලබා ගන්නවා නම් ඒක ලොකු දෙයක්.... අනිත් එක දුප්පත් ළමයි යන ශාලා පන්ති තහනම් කරයි. ඇති හැකි අය ගෙදර ටියුෂන් ගනී. පාසලේ ඉගැන්වීම පිළිබඳව විශ්වාසයක් ඇතිකළ හැකි නම් එදාට ටියුෂන් ඉබේම නවතීවි. දැනුමක් ඇතැයි සිතන අය ගැටළුවේ පසු කෙළවරෙන් අල්ලා ඉගෙනීමට ඇති මූලික අයිතිය ඒකාධිපති අණ යටතේ භංග කිරීමට යෝජනා කිරීම ජාතියේ අවාසනාවකි.

:       0       3

menna Sunday, 22 December 2019 01:37 PM

ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති වෙලා තියෙන්නෙත් ටියුෂන් මාස්ටර් කෙනෙක්. ටියුෂන් හොඳද නැද්ද කියලා කලින් එතුමාගෙන් ඇහුවා නම් හොඳයි කියලා හිතෙනවා..

:       0       24

රවි Sunday, 22 December 2019 02:10 PM

මෙහි ප්‍රතිචාර දක්වා ඇති අය අධ්‍යාපනය යනු කුමක්දැයි අවබෝධයක් නොමැති අයසේ පෙනේ. 11 ශ්‍රේණිය 12 හා 13 වසර ළමයින් පාසල් පැමිණෙන්නේ කොතරම් කෙටි කාලයක්ද? 1 වසරේ සිට මෙඩිකල් ෆැකල්ටි පළමු අවුරුද්ද දක්වා දැන් ටියුෂන් නිර්මාණය වී ඇත. මෙසේ වුවද ඉන් ලැබෙන ප්‍රතිඵල වැඩිවී තිබේද? සියලුම ගුරුවරු උගන්වන්නේ නැති නිසාද මේ? උදේවරුවේ ටියුෂන් නවතා ළමයින් පාසල් යැවීමට සැලැස්වුවහොත් පමණක් දැනුමැති මනුස්සයකු බිහිකර ගත හැක.

:       0       7

මුණසිංහSunday, 22 December 2019 04:03 PM

11,12,13 පන්තිවල සිසුන් පාසල් නොපැමිණීම ගැන අධ්‍යයනයක් කළාද? මම දන්න පාසල් කීපයක් තිබෙනවා 11 සහ 12 නොවෙයි 13 සිසුනුත් මාර්තු වෙනකම්ම පැමිණිම 70% ඉක්මවනවා. ඒ පාසල්වල ගුරුවරුන් ඉතා කැපවීමෙන් සිසුන් වෙනුවෙන් තම කාර්ය කරනවා. උසස් පෙළ සිසුන්ට සිය විභාගය වෙනුවෙන් විශේෂ ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාවක් කරනවා. ඒවායේ උසස්පෙළ ප්‍රතිඵල 80%ත් ඉක්මවනවා. සිසුන් බලෙන් පාසල් ගෙන්න ගන්න බැහැ. ගුරුවරුන්ගේ කැපවීම ඊට සෘජුවම බලපාන බව යට කී පාසල්වලින් පේනවා...

:       0       22

prasasd Sunday, 22 December 2019 02:50 PM

සමහර පාසල්වල ගුරුවරු නැහැ. සමහරු හරියට උගන්වන්නේ නැහැ. එහෙම පාසලක ළමයින්ට ටියුෂන්වත් නැතුව කොහොමද? මගේ අදහස තරඟ විභාග සඳහා විතරක් ටියුෂන් තිබුණට කමක් නැහැ. 9 වසරෙන් පහළ අයට පාසල් අධ්‍යාපනය පමණක් හොඳටම ඇති. ඉතුරුවෙන කාලය සෙල්ලම් කරන්න පොඩි අයට වෙලාවක් ලැබෙයි. පොඩි කාලෙම අනවශ්‍ය තරඟයක් ඇයි? ශිෂ්‍යත්වයටත් අවුරුද්දක් පන්ති ගියොත් මදිද? 1 වසරේ සිටම පන්ති යන්නේ මොකටද?

:       0       13

BamunuarachchiMonday, 23 December 2019 01:41 AM

පාසල්වල ගුරුවරු නැහැ නොවෙයි ඉන්න ගුරුවරු උගන්වන්නේ නැත. ඒ වුනාට ටියුෂන් පන්ති දාගෙන උගන්වනවාය.

:       0       3

සෙනෙවිරත්න Sunday, 22 December 2019 03:53 PM

මේක නොබියව කියන්න කොන්දක් තිබීම ගැන පළමුව ආචාර කරමු. බෞද්ධ උන්නාන්සේලාට නැති කොන්දක් තිබීම ගැන... මේ ටියුෂන් කියන වැඩේ වහාම නතර කරවන්න. අපි නිවාඩුකාලෙ එනකන් ඉන්නවා එදා. අද මෙන්න ලීසිං එක ගෙවන්න පන්ති දාගෙන... නිවාඩු කාලේ! අන්තිමට O/L ලියනවා... ලන්ඩන් O/L වගේ...

:       104       125

ටිව්ෂන් මාස්ටර්Sunday, 22 December 2019 04:29 PM

ඔබලා ටිව්ෂන් නැති කළොත් අපි අන්තර් ජාලය හරහා එය ප්‍රවර්ධනය කරනවා. සමාජ මාධ්‍ය ජාලා හරහා අපි අපේ ඉගැන්වීමේ වැඩ කරගෙන යනවා. අපිට ඕනෑතරම් ශිෂ්‍යයින් ශිෂ්‍යාවන් ඉන්නවා. මට 2000ක් හිටියොත් ඇති. එක්කෙනෙකුගෙන් රුපියල් 2000යි. අාදායම 4000000.00 කෝටි භාගයක් විතර මාසෙකට.... මට හැමතැනම යන්න ඕනත් නැහැ. නිවසට වෙලා ලස්සනට වැඩේ කරන්න පුළුවනි. අාදායම් බදුගෙවීමක් වෙන්නෙත් නැහැ. තෑන්ක් යූ...

:       0       76

BamunuarachchiMonday, 23 December 2019 01:37 AM

මේ පාසෙලේ උගන්වන්නේ නැතිව ළමයින්ට ටියුෂන් දීලා ළමයි හූරාකන හාදයෙක් කරන තර්ජනයක්. මෙවැන්නන් මැඩපවත්වන්න නීති ගෙනායුතුයි. මොවුන් නිදහස් අධ්‍යාපනයේ හතුරන්ය.

:       0       1

sharm warnMonday, 23 December 2019 04:25 AM

ඔව් එහෙම කරන්න අපි එපා කියන්නේ නැහැ. එතකොට ළමයත් විවේකීව ඉගෙන ගනීවි. ටියුෂන්වලට මුවාවෙලා රස්තියාදු ගහන්නෙත් නැති වෙයි. හැබැයි ඔබේකතාව කොච්චර මානුෂිකද කියලා ඔබම හිතන්න. ඔබ ටියුෂන් මුදලාලි කෙනෙක් කියන එකද ඔබේ කතාවෙන් කියවෙන්නේ? නැතිනම් දරුවන් වෙනුවෙන් කැපවුණු කෙනෙක් කියලද පෙන්වන්න හදන්නේ..? මොනරු පිල් විදහා ගත්තම පශ්චාත් භාගය එළියේ කියලා උන් දන්නේ නැහැ..

:       0       0

Bamunuarachchi Sunday, 22 December 2019 06:50 PM

අපේ කාලේ ටියුෂන් ගත්තේ පාසල් වැඩ ගැන බොහොම දුරවල ළමයින්ය. 1959 කාලේ මමත් ඕ ලෙවල් ළමයෙකුට භෞතික විද්‍යාව ටියුෂන් දුන්නාට මාසයකට රු.10 ලැබුණි. අපිට ගුරුවරු අදාළ විෂය පෙව්වා කීවොත් නිවැරදිය. අපි ඉගෙනගත්තා අලම්යි එකතුවී සෙල්ලම් කළා අද ආපසු හැරී බලන්න අමාකාලයක් ගෙව්වා. එසේ ඉගෙනගෙන දොස්තරවරු ඉංජිනේරුවන් ආචාරය මහාචාර්ය වරු බිහිවුණා. එහෙනම් දැන්මේ වෙනස මොකක්ද? සිලබස් වෙනස් වෙන්න පුළුවන්... නමුත් මේ ටියුෂන් ක්‍රමයක් ආවේ කෙසේද? විශ්ව විද්‍යාලයට ගන්නේ වැඩිම ලකුණු ගත් කෙනාවීම නිසායි. හැබයි එ් කාලෙත් විශ්ව විද්‍යාලයට ගත්තේ වැඩිම ලකුණු ගත්තා වුණාට සම්මුඛ පරීක්ෂණයත් සමත් වුණු කෙනාය.... විභාගය පාස් වුණා කියලා හැම හල්පාරුවටම විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට බැරිය.

:       7       9

ranjith Sunday, 22 December 2019 11:19 PM

අද දෙමාපියන්ට උසුලන්න බැරි මාසික වියදමක් මේ ටියුෂන් පන්ති නිසා ගුරුවරු අද ගන්න වැටුපට සාධාරන සේවයක් පාසලේ කරන්නේ නැත. උසස් පෙළ දරුවෝ පාසල් එන්නෙම නෑ බොරුවට පැමිනීම ලකුණු කරලා දෙනවා

:       0       4

Laksman Monday, 23 December 2019 12:40 AM

එය ප්‍රායෝගික නොවේ

:       1       0

upul Monday, 23 December 2019 04:06 AM

කටට එන පළියට ප්‍රකාශ නිකුත් කිරීම මෙවැනි උතුමෙකුට වටින්නේ නෑ. ටියුෂන් ක්ෂේත්‍රයේ රැකියාව කරන දහස් ගණනක සේවක පිරිස්වලට කන්න දෙන්නේ පල්ලියෙන්ද? පිස්සු තමයි.

:       94       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 34 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 105 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 553 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 39 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 201 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 184 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site