IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳලා නම් ගතයුතු ක්‍රියාමාර්ගය ඒකෙම තියෙනවා - නීතිපති

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්,එබැවින් මෙම පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි  නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
 
අදාළ පෙත්සම අද (5) දෙවැනි දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ බව අවධාරණය කළේය. නීතිපති මෙහි වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කරනු ලැබ ඇත.
 
නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින්  ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.
 
එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා වැඩිදුරටත් කීය.


ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.


එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.



අදහස් (29)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳලා නම් ගතයුතු ක්‍රියාමාර්ගය ඒකෙම තියෙනවා - නීතිපති

සිරිබිරිස් Wednesday, 05 December 2018 07:10 AM

නොදන්නා කමට අහන්නෙ.ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතිලු.ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකල යුතුලු........ එහෙමනම් මෙවැනි නඩු අහන්න තිබෙන අධිකරණය කුමක්ද?

:       1525       3489

සිරිබිරිස් Wednesday, 05 December 2018 07:10 AM

නොදන්නා කමට අහන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතිලු. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ යුතුලු.. එහෙම නම් මෙවැනි නඩු අහන්න තිබෙන අධිකරණය කුමක්ද?

:       1445       2741

BamunuarachchiSaturday, 08 December 2018 01:45 PM

ශ්‍රේෂ්ඨාධිකරණයම තමයි.

:       0       1

සැබෑ දේශප්‍රේමියා Wednesday, 05 December 2018 07:11 AM

පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ කොහොමද මහත්තයෝ ජනාධිපතිට විරුද්ධව දෝශාභියෝගයක් ගේන්නේ? මේ මහත්තයා මෙච්චර මෝඩ කතාවක් කියයි කියලා මම හිතුවේ නෑ.

:       1409       3574

samWednesday, 05 December 2018 10:28 AM

ඔන්න ඕක තමයි මහත්තයෝ කියන්නේ ජේආර් ගේ මොලේ කියල.

:       3       44

ඝෝෂක Wednesday, 05 December 2018 07:15 AM

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති විටෙක දෝෂාභියෝගයක් සම්මත කිරීමට ⁣පාර්ලිමේන්තුව රැස් විය නොහැකියයි මෙතුමාට නොතේරේද?

:       1353       3134

sandy123 Wednesday, 05 December 2018 07:21 AM

නීතිපතිම නීතිය නමනවානම් තව මොනවද?

:       4573       6476

athura Wednesday, 05 December 2018 07:21 AM

ඔබතුමාම නේද ජොන්ස්ටන් මහත්මයට විරුද්ධව නඩුව ගොනු කලෙත්.

:       4169       5721

ගල්කටස් Wednesday, 05 December 2018 07:27 AM

නීතීපති වරයාගේ තරැණු දැක්වීම නිවැරදියි නැත්නම් උත්තරීතර පාර්ලිමේන්තුවට වඩා ඉහළ බලයක් අධිකරණයට ලැබීමෙන් විවිධාකාර ගැටළු පැන නැගිය හැක. මක්නිසාද යත් ඉදිරියෙදි විධායකය හා පාර්ලිමේන්තුව ගන්නා ඔනෑම තීරණයක් උසාවියෙදි අභියෝගයට ලක් කීරීමට හැකි වීමෙන් ව්‍යවස්ථාදායකය විධායකව හා අධිකරණය ගැටීමක් විය හැක. මෙම අායතන බලය අතින් සමතැන ගත යුතු වෙි. එකකට එකක් අභියෝගය ලක් කිරමෙන් රට අරාජ්ක වනු අැත. නැත්නමි ජනාධිපති වරයා මෙන්ම මන්ත්‍රීවරැන්ද අධිකරණයෙන් පත් කොට පවත්වා ගෙන යාම කල යුතුවෙි. ජනාතා පරමාධිපත්‍යට වන බලපෑමට වග කීව යුතු වන්නෙ මෙමෙ නඩු තීන්දුවය. එමෙන්ම වන්ෂොටි අයියාට හෝ දේශපාලන පකෂකට හො පක්ෂග්‍රාහී නොවී සත්‍යට තීරණය කල යුතුය. ඉහත කී අායතන තුන ගැන අවබෝධයක් අැතැයි මම සිතමි.

:       11131       9311

වසන්ත Wednesday, 05 December 2018 07:42 AM

පාර්ලිමේන්තුව විසුරුවපුවාම කොහොමද යෝජනා සම්මත කරන්නේ. ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරලා යෝජනා සම්මත කරලා එවන්න කියලනම්. තර්කානුකූලව එතනින්ම විසිරීමට අදාල ගැසට්ටුව අහෝසි වෙනවා නේද. ?

:       4175       5926

Daham Wednesday, 05 December 2018 07:49 AM

මෙයා කියන්නේ මහා අපබ්‍රංස කතාවක්නේ. මෙයා දන්න නීති .

:       4291       6453

මරික්කාර් Wednesday, 05 December 2018 08:01 AM

ගොන් කතා කියනවා .. පාර්ලිමේන්තුව විසුරුවා හරියට පස්සේ කොයි පාර්ලිමෙන්තුවෙන් ද පිහිට පතන්නේ? පිටරටක පාර්ලිමෙන්තුවකින්ද?

:       1220       4572

Amila Wednesday, 05 December 2018 08:06 AM

ඔහු නියෝජනය කරන්නේ ජනාධිපතිගේ මතය. අර හයක් ඉන්න පුලුවන්ද කියලා අහපු වෙලවේත් නීතිපති පෙනී හිටියේ හයක් පුලුවන් කියලා. ඒත් තීරණය වුනේ පහයි පුලුවන් කියලා

:       1139       4849

annapurna Wednesday, 05 December 2018 08:16 AM

මේ නඩුව දැම්මේ නැත්නම් පාර්ලිමේන්තුව විසිරිලා... එතකොට කොහොමද දෝෂාභියෝගයක් ගේන්නේ..

:       1092       2518

nimal Wednesday, 05 December 2018 08:19 AM

මෙතන අපි අධිකරණ පිහිට පතන්නේ ජනාධිපතිට ඇති අයිතිය පාර්ලිමේන්තුව විසුරුවන්න... එය ඉතා පැහැදිලිව තිබුණත් ඔහුට බැරි බව.. ඔහු හිතාමතා එය කර තිබෙනවා..

:       4083       6242

Rattharan Wednesday, 05 December 2018 08:20 AM

මෙතුමාම නේද කලින් දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී නොවේ යැයි ප්‍රකාශ කර, මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීම් කළේ...? මෙතුමා නීතිය නොදන්නවාද? එසේ නැතිනම් මෙතුමාත් නීතිය උල්ලංඝනය කළා වත්ද? නීතිපතිවරයාට එරෙහිව නීතිමය පියවරක් ගත යුතු අවස්ථාවක් ...

:       4153       8120

චමිල Wednesday, 05 December 2018 08:27 AM

මොන මොඩ තර්කයක්ද මේ... මේ නඩුව ගොනු කෙරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, එතකොට කොහොමද ඔය ප්‍රශ්නේ පාර්ලිමේන්තුවෙන් විසඳගන්නේ?

:       4040       7197

appuhami Wednesday, 05 December 2018 09:00 AM

තේරෙන්නේ නැති හින්දයි අහන්නේ එතකොට ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා පාර්ලිමේන්තුව විසිරෙව්වහම දෝෂාභියෝග සම්මත කරගන්න ඕනේ වෙන රටක පාර්ලිමේන්තුවකින් ද?

:       1068       4210

kawinda Wednesday, 05 December 2018 09:01 AM

දැන් ජනාධිපති අතින් පුරවැසියෙකුගේ මුලික අයිතීන් කැඩුනෝත් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවට යන්න ඕනද? උසාවියට යන්න ඕනද?

:       5950       12918

රොමේෂ් Wednesday, 05 December 2018 09:04 AM

මරණයට පත්වෙච්ච පුද්ගලයාම විසින් අධි චෝදනා ගොනු නොකළහොත් ඝාතකයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බැහැ වගේ දෙයක්නේ මේ උගත් මිත්‍රයා කියන්නේ. නීතිය මේකනම් මේක රටක්ද, මේක රටක්නම් නීතිය මේකද?

:       5043       1389

rocky Wednesday, 05 December 2018 09:29 AM

මෙයා පොහොට්ටුවන්ගේ අනු කේවට්ටයෙක් බව නොයෙක් කරුණුවලින් සනාත වෙනවා!

:       0       1373

wijesundara Wednesday, 05 December 2018 09:56 AM

ජනාධිපති වරයා විසින් චේතනාන්විතව ව්‍යස්ථාව උල්ලංඝණය කර තිබේ නම් අනුගමනය කල යුතු පියවර එම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා. එනම් 2/3 ක මන්තී අත්සන් සහිතව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු එය 2/3 වඩා වැඩි ඡන්දයෙන් සම්මත වූ පසු ඒය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වී නැවත කතානායකට වෙත ලැබීමෙන් පසු නැවත 2/3 මගින් ඒය සම්මත විය යුතුය . මේ සඳහා ඔවුන්ට ක්‍රියා කිරීමට තිබුනේ පළමු දවසේදීය, එහෙත් එසේ කිරීමට අවශ්‍ය 2/3 අත්සන් ඔවුන් සතුව නොතිබූ නිසා අගමැති වරයා ට එරෙහිව විස්වාස භංගයක් සම්මත කර ගත අතර එයද ක්‍රම වේදයට අනුව සිදු නොවූ නිසා ජනාධිපතිවරයා විසින් නිෂ්ප්‍රභා කරන්නට යෙදුනි . ඔවුන් අගමැතිට එරෙහිවුව මිස ජනාධිපතිට එරෙහිව මුලදී ක්‍රියා නොකළේය. දැන් ජනපතිගේ තීන්දුවට එරෙහිවන විට පාර්ලිමේන්තුව නැත. එනිසා තමයි මෙය විභාග නොකර ම ඉවත දමන ලෙසට නීතිපතිවරයා විසින් කියා ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයෙන් පරිභාහිරව ජනාධිපති වරයා අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ට නොහැකි බැවිනි.

:       7026       4115

upul Wednesday, 05 December 2018 10:17 AM

මේ නඩුව ගොනු කරන අවස්ථාවෙ පාර්ලිමේන්තුවක් තිබුණෙ නැහැනේ...... ඒ නිසානේ මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ...

:       3073       5504

jayantha Wednesday, 05 December 2018 11:07 AM

මේකෙන් පැහැදිලිවෙන්නේ මොකද්ද? ජේ.ආර්ගේ ව්‍යවස්ථාව අනුව ජනධිපති විසින් පාර්ලිමේන්තුව විසිර වූ පසු එයට අභියෝග කළ නොහැකි බවයි.

:       5802       2340

Jagath Wednesday, 05 December 2018 11:32 AM

"ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇත" එම වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙය විභාගයට ගැනීමට ව්‍යවස්ථානුකුල නොවෙයි. එනම් විධායකය විසින් පාර්ලිමේන්තුව විසිරවූ අවස්ථාවක කිසිවෙකුට කල හැකි දෙයක් නොමැත. ඉතින් හරිනේ, එකනේ විධායක බලතල හිමි ජනාධිපති කියන්නේ. "සම හරක්" හිතාගෙන ඉන්නේ වෙන රටවල වගේ අපේ රටේ ඉන්නේත් නාම මාත්‍රික ජනාධිපතිකෙනෙක් කියල වෙන්න ඇති. හා හා ඉක්මනට ලැහැස්තිවෙමු මහා මැතිවරණයකට.

:       4001       1902

Sunil Wednesday, 05 December 2018 01:40 PM

19 සංශෝධනයට අනුව ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩකිරීම සඳහා නඩු පැවරිය හැකිය. ඒ අනුව තමයි මේක ගෙනත් තියෙන්නේ. තීන්දුව අනුව ගැසට් එක අවලංගු වුනොත්, ජනාධිපති ව්‍යවස්ථාව කඩලා කියලා උසාවිය පිළිගත්තා වෙනවා. එතකොට දෝෂාභියෝගයට පාර හරි...

:       1277       4748

Rohana Thursday, 06 December 2018 09:59 AM

මෙතුමා රජය පැත්තෙන් නේ කතාකරන්නේ. හරි හෝ වැරදි දෙපැත්තේම කරුණු සලකා බැලීම නඩුවල ස්වාභාවයයි

:       2       0

ජී එන් චන්දන Sunday, 09 December 2018 06:16 AM

අවුරුදු ගණන් ජන්ද කල් දාන කොට මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ නැද්ද? මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ ඡන්ද තියන කොටද ??

:       0       8

ama Monday, 10 December 2018 06:15 AM

නිතිපති තුමාටත් වඩා නිතිය දන්න උදවිය ගොඩක් ඉන්න බව අදහස් වලින් පේනවා අහන්න දෙයක් නෑ ඉතින් මෙහෙව් උදවිය ගහන කතිරේ ගැනත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 164 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 322 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 58 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 514 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1450 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3679 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site