IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000 කොළඹ වරායේ හිර වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ, ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙළෙද පොළේ අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිළ අසීමිත ලෙස ඉහළ යාමට එයද බලපා ඇතැයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බව එම ආරංචි මාර්ග කියයි.

එබැවින් මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගතයුතුව ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේ දී  රැස්ව ඇති අතර රට තුළ ඇති ව තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ද එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද වාර්තාවේ.

ඩොලර් හඟගය ඉතාම බරපතල තත්ත්වයකට පත්ව ඇති බවත්, එය රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , බැසිල් රාජපක්ෂ, ආචාරය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි ද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඩීසල් වාහන බොහොමයක් භූමිතෙල් වලින් ධාවනයවීම හේතුවෙන් සංස්ථාවට දැඩි පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් හිඟය මගහරවා ගැනීම, සදහා ඉදිරි කාලයේදී විකල්ප වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.

 



අදහස් (23)

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000 කොළඹ වරායේ හිර වෙයි

සෙනෙවිරත්න Wednesday, 24 November 2021 10:56 PM

පහුගිය දවස්වල වෙන කතාවක් නේ කිව්වෙ? , කොවිඩ් නිසා නැව් එන්නෙ නැහැ. නැව් ගාස්තු වැඩියි අරව මේව. දැන් ගෙදරටම ආපු බඩු ටිකට ගෙවන්න සල්ලි නැතිලු.

:       0       22

ලුම්බිණි Thursday, 25 November 2021 05:30 AM

මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න අකමැති?

:       0       21

Jayampathi Thursday, 25 November 2021 01:12 PM

එතකොට කොමිස් ගහන්න බෑ.

:       0       15

මසිරිපාල Thursday, 25 November 2021 06:51 AM

අත්‍යාවශ්‍ය නම් හිරකර හිටියම හරි යනවද කුණුවෙනවා නරක්වෙනවා කියලා දන්නෙ නැද්ද. විනිමය ගෙවල ගන්න වෙලාවෙ කුණුවෙලා කියලා විසි කරනවා සල්ලිත් නැහැ බඩුත් නැහැ මෙහෙම නාස්ති වෙන්නෙ ජනතා මුදල් කියලා තේරුම් ගන්න බැරිද. වරායේ හිර නොවෙන්න ගේන්න බැරිනම් ජාතික ධනය නාස්ති නොකර ගෙන්වීම නවත්තන්න

:       0       21

de silva Thursday, 25 November 2021 06:59 AM

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහය පැතීම හැර වෙන විකල්පයක් නැත.

:       1       16

69 ශ්‍රී 2019 Thursday, 25 November 2021 07:39 AM

නුඹෙ අම්මා කිරට ගියා කිරි එරවා එන්න ගියා කිරි මුට්ටිය ගගේ ගියා ඊට උඩින් කොක්කු ගියා මෙහෙම කිව්වම දරුවො බඩගින්නෙ අහගෙන ඉන්නවා ඒ වගේ වරායෙ කන්ටේනර් හිරවෙලා කිව්වට බඩගිනි නිවෙන්නෙ නැහැ ඩොලර් නැත්නම් තවත් ණයට අරගෙන මංතීරු ටිකක් හදමුකෝ

:       0       15

kamal Thursday, 25 November 2021 10:05 AM

මොකටද ඔය කසි කබල් වරාය තවත් පාවිච්චි කරන්නේ.අර කිරි කිරි වරායක් හම්බන්තොට පාලුවෙන් බලා ඉන්දැද්දී .හනේ අපිට කවදා මොලේ පෑදෙයිද ?

:       0       16

මොට්ටපාල Thursday, 25 November 2021 03:21 PM

ලෝකයේ දෙසිය ගනනක් වන ස්තානයක තිබුනු කොළඹ වරාය 22 වැනි තැනට ගෙනාවෙ ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ඒ බොහෝ කලකට පෙර .දැන් ඉතින් පරණ වෙනකොට හිරවීම් වෙන්න පුළුවන් .මිනිහෙක් වුනත් වයසට යනවිට හිරවෙලා අමාරුවෙන් තමා කන්නෙ බොන්නෙ. කමල් කිව්වත් වගේ මේ හිරවෙන වරාය කීයකට හරි දීලා හිටපු රජතුමාගේ (හම්බන්තොට ) වරාය අපි පාවිච්චි කරමුකෝ

:       0       0

Siri Thursday, 25 November 2021 10:29 AM

එකම පිළියම මෙයාලා හොරකම් කරපු දේපල රාජසන්තක කිරීම.වෙන විකල්පයක් නැත

:       0       25

sanjeewa Thursday, 25 November 2021 11:56 AM

කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දීලා ,රට විනාශ නොකර ගෙදර යන්න .වරායේ හිර වෙලා තිබෙන ආහාර ටික නිදහස් කරගන්න ,පොහොර ටික ගේන්න සල්ලි නැහැ .නමුත් ජෝගින් ට්‍රැක් ,ජිම් හදනවා

:       1       13

පීඩිතයා Thursday, 25 November 2021 12:34 PM

නිකන් ඩොලර් නෑ කිය කියා ඉදලා හරියන්නේ නෑනේ. 2/3 ක බලයකුත් තියනවා නන්, එකම රටක් එක නීතියක් නන් ක්‍රියාත්මක කරන්ඩ ඉන්නේ, හොරුන්ගෙන් සල්ලි අරගෙන ගෙවන්ඩ.

:       0       13

Jayampathi Thursday, 25 November 2021 01:10 PM

අර නැනෝ පොහොර වලට වැඩියෙන් ගෙවපු ඩොලර් මිලියන 1100 තිබ්බා නම් ඕවා නිදහස් කරගන්න තිබුණා නේද. ඊයෙ ජනාධිපති නං කිව්වා 2/3 තියෙන නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.

:       0       9

amila Thursday, 25 November 2021 01:17 PM

මිනිසුන්ට කන්න තියෙන දේවල් ගෙන්න ඕන සල්ලි නේද අර චින නැවට ගෙවන්නේ. එතන ඩොලර් මිලියන 4ක්. කව්ද මේවගේ වගකීම බාරගන්නේ?

:       0       5

Sambo Thursday, 25 November 2021 01:33 PM

ඕවා අත්‍යවශ්‍ය ආහාර නම් තියාගෙන ඉන්නේ කුණුවෙනකන්ද අපිට දෙන්න?

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 November 2021 02:21 PM

රට නැමැති නැව ගිලෙනවා .. ඒ වුණාට රට කරවන ඇත්තන් වීණා වාදනය කරනවා .. පදවි ප්‍රාප්ති,පියවරුන් වෙනුවෙන් පුෂ්පෝපහාර ඇතුළු බොහෝ දේ සඳහා හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා බටා ඇතුළු වියදම් කොපමණද ?

:       0       3

Asa Thursday, 25 November 2021 02:25 PM

හොඳටම කරපු සර්ගේ තරම

:       0       5

Gamma Thursday, 25 November 2021 02:55 PM

මේවාට වග කියන්න ඕනේ යහපාලන රජය

:       7       1

ගමේ එකාලා Thursday, 25 November 2021 04:09 PM

මහ ලොකු ආර්ථික ඔස්තාර්... මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ... දූෂිත දේශපාලුවන් නිසා තමයි මේවාට වගකියන්න ඕනේ... හොරකම්, වංචා, දූෂණ, නිකරුණේ මුදල් කාබාසීනියා කිරිම, නිසි කළමනාකරණයක් නැති වැඩ... හත් පොලේම ගාගෙන දඟලනවා. හරියටම කරන්න පුලුවන් එකම දේ බොරුකීම, දූෂණ මිසක් වෙන මොනවාද?.

:       0       1

විජිත කලූආරච්චි Friday, 26 November 2021 11:58 AM

උත්සව අවලංගු කරන්න රජයේ සියලු විදෙස් ගමන් තහනම් කරන්න මැති ඇමති වාහන 1 ක් පමණක් ධාවනය කරන්න. පූද්ගලික වාහන භාවිතය අවම කිරීමට නීතී ක්‍රියාත්මක කරන්න අපනයනය ඉහළ නැංවීමට ක්ෂණික පියවර ගන්න වසර 30 ක් රාජ්ය සේවයේ නිරතව සිටි සියලුම දෙනාගෙ වත්කම් සෙවීමට බ්‍රිතාන්‍ය, ඇමරිකානු, රුසියානු, ආයතන 03 කට බාර දි සොරකම් කළ ධනය වස්තුව. රාජසන්තක කල විට 75% ක් ගැටළු විසදෙනූ ඇත.

:       0       0

kamalFriday, 26 November 2021 01:14 PM

ඉබ්බන්ට පියාඹන්න කීම මොලේ ඇති වැඩක් නෙවෙයි...

:       0       0

විපරමා Friday, 26 November 2021 04:18 PM

ආර්තික ඔස්තාර් කෙනෙක් කියන කතා. වරායේ බඩු හිරවුණාම අපිද පළි..? ආණ්ඩුව ඉන්නේ අහවල් දේකටද?

:       0       0

පිටරැටියා Friday, 26 November 2021 09:01 PM

වෙන රටවල් ජන ජීවිතයට මුල්තැන දෙනවා. ඒකටත් එක්ක ලංකාවේ... කිසිම කළමනාකරණයක් නැති,දේශපාලුවෝ..?

:       0       0

marikkar Saturday, 27 November 2021 02:05 PM

ඩොලර් හොයන්න යන විකලපමාර්ග කියන්නේ මහජනයා ගොනාට අන්දන්න තවත් බොරුවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 557 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 351 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1105 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 64 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 17 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2352 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site