IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘නිලධාරීන් වගකීම් නිසි පරිදි ඉටු කළා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කළා නම් නිලධාරීන් තමන් දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පස්වරුවේ ප්‍රකාශ කළේය. 

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය. 

“තොරතුරු ලැබුණු වෙලාවේ නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටුකළා නම් ඔවුන් මා දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගන්න තිබ්බා. නිලධාරීන් ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉටු කළේ නැහැ. අවසානයේදී මාවත් වැරැදිකාරයෙක් කළා. මට අභූත චෝදනා නැගුවා. සිදුවීම් වෙන්න කලින් ඒ  ගැන දැනගෙන හිටියා කියලා මට චෝදනා එල්ල වුණා. ඒ තරම් කුහක, ඒ තරම් තමන් නිවැරැදි වෙන්න උත්සාහ කළ නිලධාරීන් පිරිසකුත් හිටියා. ආරක්ෂාව බාරව සිටි නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටුකළා නම් අපට ඒ ජීවිත බේරාගන්න තිබුණා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව රට තුළ බිය, සැක ඇතිවෙලා. සිංහල හා දෙමළ ජනතාව මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් ජනතාව දිහා බලන්නේ සැකයෙන්. මුස්ලිම් ජනතාව ජීවත් වෙන්නේ බයෙන්. ජනතාවගේ සිත් තුළ වෛරය, ක්‍රෝධය ඇතිවෙලා. සාමය, සංහිඳියාව කියද්දි මිනිස්සුන්ට කේන්ති යන තරමට සමාජය බෙදිලා. සමඟිය නැතිවෙලා. ජනතාවගේ හිත් සුව කිරීම පහසු නැහැ. සුවපත් සමාජයක් නිර්මාණය කරන්න අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ.” 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (16)

‘‘නිලධාරීන් වගකීම් නිසි පරිදි ඉටු කළා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා‘‘

sirimal Tuesday, 30 July 2019 07:06 PM

"පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි.. පහත් තැනින් යයි ගලා ජලේ " මාස තුනක්ම ගියානේ රටේ ආරක්ෂාවක් නැහැ කියන එක තේරුම්ගන්න.

:       0       0

Mahee Wednesday, 31 July 2019 12:21 AM

අඩු ගණනේ ඔතන ඉන්න අනික් කෙනාවත් එක දැනගෙන හිටිය බව දැන් එළිවෙලා තියෙනවනේ. එයාවත් ඔබතුමාට කිව්වේ නැද්ද? මං හිතන්නේ කවුරුත් හිතන් ඉන්න ඇත්තේ මොකක්ද කියලා තමයි අර ලේකම් උන්නැහේ කිව්වේ. අපි දන්නවා, මෙච්චර දෙයක් වෙයි කියලා අපි හිතුවේ නෑ.

:       0       0

jayath Wednesday, 31 July 2019 02:31 AM

නිලධාරීන් විතරද ?

:       0       0

ලුම්බිණි Wednesday, 31 July 2019 02:33 AM

නිලධාරීන් විතරක් නොවෙයි.. දේශපාලකයොත් හරියට වැඩ කළා නම් මේ විපත නවතා ගන්න තිබුණා.

:       0       0

Sunil Wednesday, 31 July 2019 05:14 AM

මේ සම්බන්ධව ඔබතුමාට එල්ලවෙන චෝදනා අභූත නැහැ. රටේ ආරක්ෂාව භාරව සිටි ඔබතුමාගෙන් දැඩි අතපසුවීම් සිදුවී තිබෙනවා. මෙම ප්‍රහාරවලට ආසන්න කාලයේදී ඔබතුමා රටේ ආරක්ෂාව තුට්ටුවකටවත් ගණන් ගෙන නැහැ. වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත්කරන්නේ නැතිව සිංගප්පූරුවෙත් ගියේ ඒකනේ... අන්තිමේදී අහිංසක මිනිස්සුයි, දරුවනුයි සිය ගණනක් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙව්වා. ඔබතුමා මුහුණ දෙන්න බයයි .. තිත්ත ඇත්ත ඒකයි.

:       0       113

චමින්දWednesday, 31 July 2019 01:00 PM

පාස්කු දවසේ ඔබතුමා (ජනාධිපතිතුමා හා ආරක්ෂක ඇමැතිතුමා යන දෙදෙනාම) රටේ සිටියේ නැහැ. වගකිව යුත්තෙක් හැටියට හිටියේ අගමැති පමණයි. අගමැති රටේ ආරක්ෂාව ගැන සිතා ආරක්ෂක කමිටුව කැඳවූවිට එයට නොයන්නයි නිලධාරීන්ට කිව්වේ නිලධාරීන්ද තුමණි. අන්තිමේ කන්ද මිනිහා ළඟට ගියා වගේ රටේ ආරක්ෂාව ගැන සිිතූ අගමැති ඔබේ ලේකම්ගේ කාර්යාලයට ගියාලුනේ. ඒත් මම ඔච්චර විනාශයක් වේ යැයි සිතුවේ නැතැයි කියූ ලේකම්වරයා රැස්වීමට පැමිණියේත් ඔබේ උපදෙස් මත පැය ගණනකට පසුව නේද? අනේ මන්දා කවුරු හරිද කියලා තේරෙන්නේ නැහැ...

:       0       0

de silva Wednesday, 31 July 2019 05:31 AM

එතකොට ආරක්ෂක ඇමතිට රටේ ආරක්ෂාව සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද? ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ සියලුම වගකීම තිබෙන්නේ නිලධාරීන්ට නම් ශ්‍රී ලංකාවට ආරක්ෂක ඇමති වරයෙක් අවශ්‍යද?

:       0       23

රාජුන් Wednesday, 31 July 2019 05:53 AM

මෙය මේ ලංකාවේ ජනධිපතිද නැත්නම් වෙන රටක ජනධිපතිද? තමන්ගෙ ගෝලයෝ හරියට වැඩේ කළේ නැත්නම් ගුරාට ඒ ගැන වගකීමක් ඇත්තෙම නැද්ද?

:       0       9

උපුල Wednesday, 31 July 2019 06:50 AM

ඡන්ද දායකයන් ඔලුව පාවිච්චි කළානම් මේ ඔක්කොම සිද්ධීන්, නොහැකියාව සහ අධ්‍යාපනය නොමැති මැටි මෝල් විහිලුකාරයින්ව නවත්ත ගන්න තිබුණා.

:       0       7

krishantha Wednesday, 31 July 2019 07:56 AM

එතකොට ඔයා ...

:       1       120

දිමුතWednesday, 31 July 2019 09:40 AM

එයා බබා!

:       0       21

Gamarala Wednesday, 31 July 2019 09:02 AM

ජනාධිපතිතුමනි, අද බස් කොන්දොස්තරගේ සිට ඉහළම නිලධාරියා දක්වා අයගෙන් තම යුතුකම කීයෙන් කීදෙනාද ඉටුකරන්නේ කියලා හඳවතට එකඟවම කියන්න පුලුවන්ද? බොහෝවිට තමන්ට වාසියක් නැත්නම් ඔහේ බලාගෙන ඉඳීම හැර කරන්නේ අනුන්ගේ යහපතට අකුල් හෙලීමයි. ඔය සිද්ධිය ගැන පියා පුතුට කිවත් තම මිනිසුන් බේරාගැනීමට වඩා පැත්තකට වෙලා සිටීම වැදගත් කියාලා හිටපු ජනතා නියෝජිතයෝත් ඉඳල තියන එකේ තව මොන කතාද? ජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් කරන හැමෝම හිතට ගත යුතු දෙයක් තමා ඒ කරන කටයුත්ත තමා වෙනුවෙනුත් කරන්නක් බව... මොකද ජීවිතේ එකවරක් හෝ තමන්ටත් එයට මුහුණ පාන්න වෙන්න පුළුවන්...

:       0       5

nimal Wednesday, 31 July 2019 09:28 AM

නිලධාරීන්ට ආරක්ෂක ඇමැතිකමත් දුන්නා නම් හරි. ඇමති කියනවා නම් තමුන්ට තම අමාත්‍යංශ ගැන වග කියන්න බැහැ කියලා මොකටද ඇමතිකම් කරන්නේ...?

:       0       8

Hafeel Wednesday, 31 July 2019 09:33 AM

කකුළුවා පැටවුන්ට පෙරට වරෙන් කියලා ඔහු යන්නේ හරහට. ඒ වගේ තමයි මෙයාගේ මේ කතාවත්... මේ කියන කෙනා හරියට තමන්ගේ රාජකාරිය කළාද? ආරක්ෂක මණ්ඩලය මාස ගාණකින් රැස්කරලා නැහැ. එම ආරක්ෂක මණ්ඩලයට සාමාජිකයින්ට ආරාධනා කරලා නැහැ.

:       0       52

de silva Wednesday, 31 July 2019 09:42 AM

පුරවැසි අපිත් අපේ යුතුකම් ඉටු කරන්න බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකම්...

:       0       14

Jehaan Wednesday, 31 July 2019 12:27 PM

ඇයි ඔබතුමානේ රටේ ඉහළම පෙලේ නිලධාරියා. මතක නැද්ද ජනාධිපතිකම කියන්නේ මොකද්ද, එම නිල ධුරයේ වගකීම් මොනවාද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 87 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 300 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 298 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 317 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 607 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 497 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site