(ටී. එල්. ජවුර්ඛාන්)
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට තැත්කළ පිරිසකින් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි.
සවුක්කඩ් ප්‍රදේශයේදී බෝට්ටු මගින් වෙනත් බෝට්ටුවකට පුද්ගලයින් යවමින් සිටියදී නාඳුනන පුද්ගලයින් ගැවසෙනු දුටු බවට ධීවරයින් පොලිසියට දැනුම්දී තිබිණි. ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර හලාවත ප්‍රදේශයේ දෙදෙනෙක් හා වන්දාරමුල්ල ප්‍රදේශයේ එක් අයෙක් වෙති. එම අවස්ථාවේදී ඉතිරි පිරිස පලාගිය අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව පොලිසිය පවසයි.
මොවුන්ව ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථය පොලිසිය බාරයට ගෙන ඇත.
මඩකලපුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඕස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ 3ක් අත්අඩංගුවට
Pradeep Monday, 13 May 2019 07:08 AM
රටේ ඉන්න පුළුවන් පරිසරයක් හැදුවනම් මිනිස්සු ජිවිත අවධානමත් අරගන රටින් පනින්න හදන්නේ නැහැ..... දේශපාලකයෝ මේ හැම දෙකටම වගකියන්න ඕන.
Kudabanda Monday, 13 May 2019 08:02 AM
ඔවුන්ටවත් මේ පව්කාර පාලනයෙන් මිදෙන්න දෙන්න. හිරෙන් පැන යන්නන් නැවත හිරගෙදරටම දක්කන්න එපා. නිදහසේ ජීවත්වෙන්න අපිට නැතත් ඒ අයට දෙන්න
Menaka Monday, 13 May 2019 08:38 AM
මෙහෙ ආවා කියල දැන් භාර ගන්නේ නැහැ. සරණාගතයන් විදියට එන මිනිස්සු ආණ්ඩුවේ දීමනා වලින් යැපෙමින් රැකියා නොකර නිකම් සිටීම ගැන මෙහෙ මිනිස්සුන්ට තරහ ගිහිල්ල තියෙන්නේ. අනෙක ලංකාවේ කලබල මෙහෙ හැම රුපවාහිනි නාලිකා වලම පෙන්නු විදියට හරිහමන් විදියට නීතිප්‍රකාර එන්න හිතන මිනිහෙකුටත් වැඩේ ලේසි වෙන්නේ නැහැ.
sumith Monday, 13 May 2019 09:08 AM
අනේ කරුණාකරලා මේ රටින් පිටවෙන්ට හදන කෙනෙකුට යන තැනක යන්ට දෙන්න.
chathuri Monday, 13 May 2019 11:33 AM
කරුණාකරලා මොවුන් නිදහස් කරන්න. මොවුන් යන්නේ ඔස්ට්‍රේලියාවට, සිරියාවට, තුර්කියට. මුස්ලිම් අන්තවාදීන් යනකොට ඇල්ලුවද. මේ මිනිස්සු යන්නේ රටේ ඉන්න බැරි නිසා ගිලිලා මැරුණත් සැපයි කියලා. මේ කට්ටියගේ ඔත්තුව දුන්න ගමන් වටවෙලා ඇල්ලුවා. මුස්ලිම් අන්තවාදීන් බෝම්බ ගහලා රට විනාශ කරනවා කියලා දැනුම් දීලත් ඇහුනේ නැහැ වගේ හිටියා. දැන් බොරුවට නටනවා. මේ රටින් පිට වෙන්න. හැම කෙනාම ජිවත් වෙලා ඉන්නේ ටික කාලයයි. කැමති රටකට ගිහින් සතුටින් සාමයෙන් ඉන්න.
ravi Monday, 13 May 2019 12:49 PM
මේ ලංකාවෙන් පනින්න උත්සාහ කරපු අය කවුද කියලා දැනගෙනද.. මෙතන මෝඩ පුරසාරම් ලියන්නේ?